bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Matthew 14
Matthew 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 15 →
1
එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා,
2
“මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්රබල ක්රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය.
3
මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය.
4
මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි.
5
ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය.
6
එහෙත්, හෙරොද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියෙහි රඟ පා හෙරොද්ගේ මන පිනවූවා ය.
7
එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය.
8
ඈ ද සිය මවගේ උපදෙස් අනුව, “ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා මෙහි දී මට දුන මැනවැ”යි කීවා ය.
9
ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත්, තමාගේ දිවුරුම නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත්, ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අණ දී,
10
කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය.
11
ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය.
12
ජොහන්ගේ ගෝලයෝ අවුත් මෘත දේහය ගෙන ගොස්, තැන්පත් කොට, ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූ හ.
13
ජේසුස් වහන්සේ ඒ අසා එතැනින් නික්ම, ඔරුවකින් හුදකලා තැනකට වෙන් ව වැඩිය සේක. ජනකාය ඒ අසා නුවරවලින් පිටත් ව අවුත් උන් වහන්සේ පස්සේ පයින් ගියහ.
14
උන් වහන්සේ ගොඩ බැස, විශාල ජනකායක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ගේ රෝගීන් සුවපත් කළ සේක.
15
සවස් වූ කල ශ්රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ.
16
“ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.
17
ඔව්හු ද, “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ.
18
“ඒවා මෙහි මා වෙත ගෙනෙන්නැ”යි උන් වහන්සේ වදාළ සේක.
19
තණ කොළ මත හිඳගන්නට ජනකායට අණ කොට, උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදය පවසා, රොටි කඩා ශ්රාවකයන්ට දුන් සේක. ශ්රාවකයෝ ද එය සෙනඟට දුන්හ.
20
හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඔව්හු ඉතිරි කැබලි එක් කොට කූඩා දොළසක් පුරවාගත්හ.
21
ස්ත්රීන් හා දරුවන් හැර, කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූ හ.
22
ඉන්පසු උන් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර, ඔරුවට නැඟී, තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්රාවකයන්ට නියම කළ සේක.
23
උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක.
24
සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි.
25
අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක.
26
ශ්රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, “ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ.
27
එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහි ම ඔවුන්ට කතා කොට, “ධෛර්යවත් වන්න; මේ මම ය; බිය නොවන්නැ”යි වදාළ සේක.
28
පේදුරු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය.
29
“එන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේ ය.
30
එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, “ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය.
31
ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.
32
ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි.
33
එවිට ඔරුවේ උන් අය, “ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.
34
ඔව්හු එගොඩ වී ගෙන්නෙසරෙත් රටට පැමිණියහ.
35
ඒ රටේ මිනිස්සු උන් වහන්සේ ඇඳින, අවට පෙදෙස පුරා පණිවුඩ යවා, සියලු රෝගීන් උන් වහන්සේ වෙත ගෙන්වා,
36
උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28