bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Matthew 28
Matthew 28
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
1
සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ.
2
එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය.
3
ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්ර හිම මෙන් සුදු ය.
4
මුර සෙබළු ඔහුට භයින් වෙවුලා, මළවුන් මෙන් වූ හ.
5
දේව දූතයා ඒ ස්ත්රීන්ට කතා කරමින්, “බිය නොවන්න, ඔබ කුරුසියෙහි ඇණ ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි;
6
උන් වහන්සේ මෙහි නැත; උන් වහන්සේ වදාළ ලෙස ම උත්ථාන වූ සේක. එන්න, සමිඳාණන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලා,
7
වහා ම ගොස්, ‘උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක. උන් වහන්සේ ඔබට පළමු ව ගලීලයට යන සේක. එහි දී ඔබ උන් වහන්සේ දකින්නහු ය’යි ශ්රාවකයන්ට දන්වන්න. මා කී දේ මතක තබා ගන්නැ”යි කී ය.
8
එවිට ඔව්හු භයින් ද මහත් ප්රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්රාවකයන්ට දන්වන පිණිස දිවූ හ.
9
එකල ජේසුස් වහන්සේ හදිසියේ ඔවුන්ට මුණ ගැසී, “සෙත් වේ වා!”යි වදාළ සේක. ඔව්හු ළං වී උන් වහන්සේගේ පා වැළඳගෙන, උන් වහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කළහ.
10
එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක.
11
ස්ත්රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ.
12
එවිට, ඔව්හු ප්රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී,
13
“අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න.
14
මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ.
15
ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.
16
ශ්රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ.
17
ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ.
18
ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ.
19
එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;
20
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28