bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Zechariah 11
Zechariah 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 12 →
1
“එම්බා ලෙබනොන්, ඔබේ කිහිරි ගස් ගින්නෙන් දැවී යන පිණිස ඔබේ දොරවල් අරින්න.
2
දේවදාර ගස් කෑමොරගසන්න; මන්ද, කිහිරි ගස් වැටී ඇත; ඒ තේජාන්විත ගස් විනාශ වී ඇත. බාෂාන්හි ආලෝන ගස් කෑමොරගසන්න; මන්ද, ඝන වනාන්තරය වනසාදමනු ලැබුවේ ය.
3
සවන් දෙන්න, පාලකයන්ගේ තේජස පහවී ගොස් ඇති බැවින්, ඔව්හු දුක් බරින් කෑමොරගසති. ජොර්දාන්හි වනය පාළු වී ඇති බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ අසන්න.”
4
මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මරනු ලබන්න නියම ව සිටින බැටළු රැළෙහි එඬේරා වන්න.
5
ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නමුත්, ඔව්හු දඬුවම් නොලබන්නෝ ය. ඔවුන් විකුණන අය, ‘සමිඳාණන් වහන්සේට ප්රශංසා වේ වා! අපි දැන් පොහොසත් ය’යි කියති. ඔවුන්ගේ ම එඬේරු වුව ද ඔවුන්ට අනුකම්පා නොකරති.”
6
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේශයේ වැසියන්ට තවත් අනුකම්පා නොකරමි. මම හැම මිනිසෙකු ම ඔහුගේ එඬේරා වන පාලකයාට හා රජුගේ බලයට පාවා දෙමි. මොවුහු දේශය නැතිනාස්ති කරති. ඔවුන්ගේ බලයෙන් මම කිසිවෙකු බේරා නොගනිමි.
7
“ඒ නිසා බැටළුවන් මිලේට ගෙන විකුණන අය උදෙසා මම ඔවුන් තර කෙළෙමි. ඒ නිසා මම මරණයට නියම ව සිටි බැටළු රැළේ එඬේරා වීමි. මම සැරයටි දෙකක් රැගෙන, එකකට ‘ප්රසාදය’ කියා ද අනෙකට ‘සමගිය’ කියා ද නම් තබා බැටළු රැළ ආරක්ෂා කෙළෙමි.
8
මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි.
9
එවිට මම බැටළු රැළට කතා කොට, ‘මම තවත් නුඹලාගේ එඬේරා නොවන්නෙමි, නසින අය නසිත් වා! වැනසෙන අය වැනසෙත් වා! ඉතිරි අය එකිනෙකාගේ මාංස කාදමත් වා’යි කීමි.
10
එවිට මම සියලු ජාතීන් සමඟ කළ ගිවිසුම අවලංගු කරන පිණිස ‘ප්රසාදය’ නමැති සැරයටිය ගෙන කඩා දැමුවෙමි.
11
එසේ ය, ඒ දවසේ දී ගිවිසුම අවලංගු කරන ලදී. බැටළුවන් මිලේට ගෙන විකුණන අය මා කළ දේ දැක, ඒ ක්රියාව මඟින් සමිඳාණන් වහන්සේ කතා කරන බව තේරුම්ගත්හ.
12
මම ඔවුන් අමතා, ‘මට කුලිය දෙන්න යුතු යයි නුඹලාට සිතේ නම් එය දෙන්න, නැත්නම් එය තබා ගන්නැ’යි කීමි. එවිට ඔව්හු මට රිදී කාසි තිහක් කුලී වශයෙන් කිරා දුන්හ.
13
‘ඒ මුදල දේව මාලිගාවේ භාණ්ඩාගාරයෙහි දමන්නැ’යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක. මම ද, මාගේ වටිනාකම වශයෙන් ඔවුන් මිල කළ අගේ ඇති ඒ රිදී මිල තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයෙහි දැමීමි.
14
ඉන්පසු ජුදා හා ඉශ්රායෙල් අතරේ පැවති සමගිය බිඳෙන බව පෙන්වන පිණිස, ‘සමගිය’ යන නම ඇති සැරයටිය කැඩීමි.”
15
එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ නැවතත් පලක් නැති එඬේරෙකුගේ උපකරණ අරගන්න.
16
මම මේ දේශයට මෙවැනි එඬේරෙකු එවන්නෙමි. ඔහු විනාශයට ගොදුරු වූවන් ගැන සලකන්නේ වත්, නැති වූවන් සොයන්නේ වත්, තුවාළ වූවන් සුව කරන්නේ වත්, නොමැරී ඉතිරි වූවන්ට කෑම දෙන්නේ වත් නැත. ඒ වෙනුවට ඔහු ඉතා තර බැටළුවාගේ මස් කා උගේ කුර පවා උදුරා දමන්නේ ය.
17
රැළ අත්හැර ගිය ඒ පලක් නැති එඬේරාට වන විපතක මහත! යුද්ධය කරණකොටගෙන ඔහුගේ අතට සහ දකුණු ඇසට පහර වැදෙන්නේ ය. ඔහුගේ අත් වියළී යන්නේ ය; ඇස් ද අන්ධ වන්නේ ය.”
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14