bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Zechariah 4
Zechariah 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 5 →
1
මා සමඟ කතා කළ දේව දූතයා නැවත අවුත්, නින්දෙන් පුබුදු කරනු ලබන්නෙකු මෙන් මා පුබුදුවා,
2
“නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසී ය. මම පිළිතුරු දෙමින්, “මුළුමනින් ම ස්වර්ණමය වූ පහන් රුකක් මට පෙනෙයි. එහි මුදුනේ පහන් සතකින් යුත් තෙල් දැමිය යුතු භාජනයක් ඇත. එහි මුදුනේ එක එක පහනේ තිරවලට නළ සතක් ඇත.
3
ඒ ළඟ ඔලීව ගස් දෙකක් ඇත. එකක් වම් පැත්තෙන් ද අනික දකුණු පැත්තෙන් ද වේ ය”යි කීවෙමි.
4
“මාගේ ස්වාමීනි, මේවායෙහි තේරුම කුමක් දැ”යි මම දේව දූතයාගෙන් යළි ඇසීමි.
5
“නුඹ දන්නේ නැද්දැ”යි ඔහු ඇසී ය. “නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි.
6
එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය.
7
විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.”
8
සමිඳාණන් වහන්සේගෙන් තවත් පණිවුඩයක් මා වෙත පැමිණියේ ය.
9
එය මෙසේ ය: “සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත.
10
කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පොළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.
11
එවිට මම, “පහන් රුක දෙපැත්තේ ඇති ඔලීව ගස් දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි ඇසීමි.
12
“ඔලීව තෙල් ගලා එන රන් නළ දෙක අසල ඇති ඔලීව අතු දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි දෙ වන වරටත් ඇසීමි.
13
“නුඹ දන්නේ නැද්දැ”යි ඔහු මාගෙන් ඇසී ය. “නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි.
14
එවිට ඔහු පිළිතුරු දෙමින්, “මේ දෙකෙන් අදහස් කරන්නේ මුළු පොළොවේ සමිඳාණන් වහන්සේට සේවය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන අභිෂේක කරන ලද දෙදෙනා ය”යි කී ය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14