bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Zechariah 6
Zechariah 6
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 7 →
1
මම හිස ඔසවා බැලූ විට කඳු දෙකක් අතරෙන් රථ සතරක් පිට වී එනවා දිටිමි. ඒ කඳු ලෝකඩ කඳු ය.
2
පළමු වන රථයට රතු අශ්වයෝ ද දෙ වැන්නට කළු අශ්වයෝ ද
3
තුන් වැන්නට සුදු අශ්වයෝ ද සතර වැන්නට පුල්ලි ඇති දුඹුරු පාට අශ්වයෝ ද යොදා සිටියෝ ය.
4
“ස්වාමීනි, මේ රථවලින් කුමක් අදහස් කෙරේ දැ”යි මට කතා කළ දේව දූතයාගෙන් මම ඇසීමි.
5
දේව දූතයා මට පිළිතුරු දෙමින් මෙසේ කී ය: “මේ වනාහි මුළු පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිට, පිටත් ව යන අහසේ සුළං සතර ය.
6
“කළු අශ්වයන් බැඳ සිටි රථය උතුරු දේශයටත්, සුදු අශ්වයන් බැඳ සිටි රථය බටහිරටත්, පුල්ලි ඇති අශ්වයන් බැඳ සිටි රථය දකුණු දේශයටත් දුඹුරු අශ්වයන් බැඳ සිටි රථය නැගෙනහිරටත් යන්නේ ය.”
7
අශ්වයන් පිටතට ආ විට පොළොව පරීක්ෂා කර බැලීමට ඔවුන්ට ඉවසිල්ලක් නො වී ය. “ගොස් පොළොව පරීක්ෂා කර බලන්නැ”යි දේව දූතයා කී ය. ඔව්හු එසේ කළහ.
8
එවිට දේව දූතයා මහා හඬින් මට කතා කොට, “උතුරු දේශයට ගිය අශ්වයන් සමිඳාණන් වහන්සේගේ උදහස උතුරු දේශයේ සංසිඳුවා ඇතැ”යි කී ය.
9
සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක.
10
“විප්‍රවාසයට ගෙනගිය, බබිලෝනියේ සිට පැමිණි හෙල්දයිගෙන් ද ටෝබියාගෙන් ද ජෙදායාගෙන් ද නුඹ රන් රිදී ලබාගෙන, එම දවසේ දී ම ශෙපනියාගේ පුත් ජොෂියාගේ ගෙදරට යන්න.
11
ඔවුන්ගෙන් නුඹ ලබාගත් රන් රිදීවලින් ඔටුන්නක් සාදා, ජෙහෝශාදාක්ගේ පුත්, උත්තම පූජකයා වන ජෝෂුවාගේ හිසේ පළඳවා
12
‘සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි ඔහුට කියන්න. ‘පැළෑටිය’ කියා නම් කරන ලද තැනැත්තා මොහු ය. ඔහු මේ ස්ථානයේ වර්ධනය වී සමිඳාණන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නේ ය.
13
ඔහු ඒ දේව මාලිගාව ගොඩනඟා රජ කෙනෙකුට හිමි මහිමය ලැබ සිංහාසනයේ වැඩහිඳ ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ සිංහාසනය ළඟ පූජකයෙක් සිටින්නේ ය. ඔවුන් දෙදෙනා ම සමඟි සාමයෙන් එකට වැඩ කරනු ඇත.’
14
ඒ ඔටුන්න වනාහි, හෙල්දියාගේ ද ටෝබියාගේ ද ජෙදායාගේ ද ජොෂියාගේ ද ගෞරවාන්විත සිහිවටනයක් සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තබා තිබේ.
15
දුර බැහැර අය පැමිණ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට උදව් වන්නෝ ය. එවිට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා නුඹලා වෙත එවූ බව නුඹලා දැනගන්නහු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට නුඹලා මුළුමනින් කීකරු වන්නහු නම් මෙසේ සිදු වනු ඇත.”
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14