bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Zechariah 14
Zechariah 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
1
සමිඳාණන් වහන්සේ ක්‍රියා කරන දවස පැමිණෙන්නේ ය. එකල ඔබ කොල්ලකනු ලැබ කොල්ලය ඔබේ ඇස් හමුයෙහි බෙදනු ලැබේ.
2
ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.
3
සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක.
4
ඒ කාලයේ දී ජෙරුසලමට නැගෙනහිරෙන් පිහිටි ඔලීව කන්ද මත සමිඳාණන් වහන්සේ වැඩහිඳින සේක. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බටහිර දෙසට දෙපළු වී මැදින් මහත් මිටියාවතක් මතු වන්නේ ය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත්, අනෙක් භාගය දකුණු දෙසටත් වෙන් වී යන්නේ ය.
5
නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.
6
ඒ කාලයේ දී උෂ්ණය වත්, ශීත වත් ඇති නොවන්නේ ය.
7
දවාලත්, රැයත් නොවී, සවස් වේලාවට එළිය ඇත්තා වූ, සමිඳාණන් වහන්සේ පමණක් දන්නා වූ, එක්තරා දවසක් පැමිණෙන්නේ ය.
8
ඒ කාලයේ දී පිරිසිදු වතුර ජෙරුසලමෙන් ගලා අවුත් එයින් භාගයක් මළ මුහුදටත්, ඉතිරි කොටස මධ්‍යධරණි මුහුදටත් ගලා යන්නේ ය. අවුරුද්ද මුළුල්ලේ ඒ වතුර ගලන්නේ ය.
9
එකල සමිඳාණන් වහන්සේ මුළු ලෝකයේ රාජයාණෝ වන සේක. සියලු දෙන උන් වහන්සේ දෙවියන් වහන්සේ වශයෙන් නමදිනු ඇත. එක ම නමකින් උන් වහන්සේ හඳුන්වනු ලබන සේක.
10
උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය.
11
සෙනඟ තවත් විනාශයකට භාජන නොවී සුරැකි ව එහි වාසය කරන්නෝ ය.
12
ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.
13
ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේ ඔවුන් අතර භීතියක් ඇති කරන සේක. ඒ නිසා, එක මිනිසෙකු තමා ළඟ සිටින මිනිසා අල්ලාගෙන ඔහුට පහර දෙනු ඇත.
14
ජුදා සෙනඟ පවා ජෙරුසලමේ සිට සටන් කරනු ඇත. ඔව්හු අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදී ද වස්ත්‍ර ද මහා රාශියක් එකතු කරගන්නෝ ය.
15
අශ්වයන් ද අශ්වතරයන් ද ඔටුවන් ද කොටළුවන් ද සතුරු කඳවුරුවල සිටින සියලු සත්ත්වයන් ද කෙරෙහි වසංගතයක් පැමිණෙන්නේ ය.
16
ජෙරුසලමට විරුද්ධ ව සටන් කරන සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින සියලු දෙනා සියලු බලැති දෙවියන් වහන්සේට රාජයාණන් වශයෙන් ම නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යය පවත්වන පිණිසත් වසරක් පාසා වසරක් ජෙරුසලමට පැමිණෙන්නෝ ය.
17
යම් දේශයක සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේට රජාණන් වශයෙන් නමස්කාර කරන්න ජෙරුසලමට නොයන්නෝ නම්, ඒ දේශය පිට වැසි නොවසින්නේ ය.
18
මිසර ජාතිකයෝ කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙත් නම්, එසේ නොපැමිණෙන සියලු ජාතීන් කෙරෙහි සමිඳාණන් වහන්සේ පමුණුවන වසංගතය ඔවුන් පිටත් පමුණුවනු ලැබේ.
19
කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙන මිසර හා අවශේෂ ජාතීන් කෙරෙහි පැමිණෙන දඬුවම මෙය වේ.
20
ඒ කාලයේ දී ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන අශ්වයන්ගේ මිණිගෙඩිවල කොටා තබනු ඇත. දේව මාලිගාවේ පිසීමට ගන්න භාජන පූජාසන ඉදිරියෙහි ඇති පාත්‍ර මෙන් කැප වූ භාජන වන්නේ ය.
21
ජෙරුසලමේ හා ජුදාවේ ඇති, පිසීමට ගන්න සියලු භාජන සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නමස්කාරය සඳහා වෙන් කරනු ලබන්නේ ය. පූජා ඔප්පු කරන සෙනඟ පැමිණ, පූජාවට ගන්න මාංස තම්බන පිණිස ඒ භාජන පාවිච්චි කරනු ඇත. ඒ කාලය පැමිණි විට එක ම වෙළෙන්දෙකු වත් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නොසිටිනු ඇත.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14