bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
2 Corinthians 11
2 Corinthians 11
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 12 →
1
මගේ සුළු අනුවණකමක් ඔබ ඉවසනවාට කැමැත්තෙමි. මා ගැන ඉවසා සිටින්න;
2
නො ඉඳුල් කන්‍යාවියක සේ ඔබ එකම පුරුෂයකුට එනම් ක්‍රිස්තුස්වහන්සේට විවාහ කර දීමට මා ගිවිස ඇති බැවින්, ඔබ ගැන දිව්‍යමය ඊර්ෂ්‍යාවකින් මම පෙළෙමි.
3
එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.
4
මන්ද යමකු ඔබ වෙත අවුත්, අප ප්‍රකාශ කළ තැනැත්තාණන් හැර, වෙනත් යේසුස් කෙනකු ප්‍රකාශ කළහොත් හෝ ඔබ ලැබූ ආත්මයාණන්ට වෙනස් වූ ආත්මයක් ලැබුවහොත් හෝ ඔබ පිළිගත් ශුභාරංචියට වෙනස් එකක් පිළිගතහොත් හෝ ඔබ කැමැත්තෙන් එය ඉවසීම හොඳ ය!
5
එහෙත් ඔය සුපිරි අපෝස්තුලුවරුනට වඩා මා කොහෙත්ම අඩු කෙනෙකැයි මම නො සිතමි.
6
මා කතාවට අදක්ෂ නමුත්, දැනගැන්මෙන් එසේ නැත. සැබවින් ම, හැම දේකදී ඒ වග ඔබට පැහැදිලි වන අයුරින් අප කටයුතු කර ඇත.
7
දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නොමිලේම ඔබට දේශනා කළ නිසා, ඔබ උසස් වන පිණිස, මා යටහත් වීමෙන් පවක් කළෙම් ද?
8
ඔබට සේවය කරන පිණිස, අනෙක් සභාවලින් ආධාර ලබාගැනීමෙන්, මම ඔවුන්ගෙන් කොල්ල කෑවෙමි.
9
මා ඔබ සමඟ සිටියදී මට හිඟකම් ඇති වූ කල, ඔබ කිසිවකුට මා බරක් වූයේ නැත. මන්ද මකිදෝනියෙන් පැමිණි සහෝදරයෝ මගේ අවැසිතා සපිරූහ. මෙසේ මා ඔබට බරක් නො වූවාත් හැර, කිසි ලෙසකින් මා ඔබට බරක් වීමෙන් මතුත් වළකින්නෙමි.
10
ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යය මා තුළ ඇති බැවින්, මගේ මෙම පාරට්ටුව මුළු අකාය පළාත්හිදී නිහඬ කෙරෙනු නැත.
11
ඒ ඇයි? මා ඔබට ප්‍රේම නො කරන නිසා ද? මා ප්‍රේම කරන වග දෙවියන්වහන්සේ දන්නා සේක.
12
අප කරන දෑ හා සම තත්වයක ගැණෙන පිණිස තමන් කරන දේ ගැන පාරට්ටු කර ගැනීමට කැමතිවූවන්ගේ බල බිඳින පිණිස, කරන දේ මම ඉදිරියටත් කරගෙන යන්නෙමි.
13
මන්ද ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරුන් ලෙස වෙස්වලා ගත් එබඳු මිනිසුන් බොරු අපෝස්තුලුවරු ය; වංචනික වැඩකරුවෝ ය.
14
එය පුදුමයක් නො වේ. මන්ද සාතන් පවා තමාම ආලෝකයේ දූතයකුගේ වෙස් පලඳනා බැවිනි.
15
එබැවින් ඔහුගේ සේවකයින් ද ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගැනීම අරුමයක් නො වේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුරූපී වනු ඇත.
16
මා නැවතත් කියන්නේ, කිසිවකු මා අඥානයකු යයි නො සිතන ලෙසයි. එහෙත් ඔබ එලෙස සිතන්නේ නම්, මා මදක් පාරට්ටු කරගන්නා පිණිස, මා අඥානයකු ලෙස පිළිගන්න.
17
පාරට්ටු කර ගැනීමේ ආත්ම විශ්වාසයෙන් යුතුව, මා මෙසේ කියන්නේ ස්වාමින්වහන්සේ පවසන ලෙස නො ව, අඥානයකු වශයෙනි.
18
බොහෝ දෙනෙක් මාංසයට අනුව පාරට්ටු කරගන්නා නිසා මමත් පාරට්ටු කර ගනිමි.
19
මන්ද අඥානයින් ගැන ඔබ ප්‍රීතියෙන් ඉවසන්නේ ඔබ ප්‍රඥාවත් නිසයි!
20
මන්ද යමකු ඔබ වහලකු කර ගත්තත්, යමකු ඔබ ගිල දැමුවත්, ඔබෙන් අයුතු ප්‍රයෝජන ගත්තත්, යමෙක් ඔබට අධිපතිකම් පෑවත්, ඔබට අතුල් පහර දුන්නත් ඔබ ඒ සියල්ලම දරා ගනිති.
21
මා මෙය කිය යුතු ය; එසේ කිරීමට අප හුඟක් දුර්වල වීම ගැන ලජ්ජා වෙමි. එහෙත් යම් කෙනකු යම් දෙයක් ගැන පාරට්ටු කර ගැනීමට එඩිතර වේ ද, ඒ ගැන මටත් පාරට්ටු කර ගැනීමට හැකි වග මා කියන්නේ අඥානයකු ලෙස ය.
22
ඔවුහු හෙබ්‍රෙව්වරු ද? මා ද එසේම ය; ඔවුහු ඉශ්රායෙල්වරු ද? මා ද එසේම ය; ඔවුහු ආබ්‍රහම්ගේ වංශය ද? මා ද එසේම ය.
23
ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝ ද? ඊට වැඩියෙන් මා එබන්දෙකැයි උමතු වූවකු සේ කියමි. ඒ වඩාත් වෙහෙසී වැඩ කිරීමෙනි; වඩ වඩා සිරගත කරනු ලැබීමෙනි; ගණන් නැතිව පහර කෑම් ලැබීමෙනි; බොහෝ වර මරු කටට ළං වීමෙනි.
24
පස් වතාවක් යුදෙව්වන් අතින් තිස්නව කස පහර ලදිමි.
25
තුන් වතාවක් කෝටු මස් කරනු ලදිමි. වතාවක් ගල් ගසනු ලැබීමි. තුන් වතාවක් නැව් මුහුදුබත් වීම්වලට ගොදුරුව, දහවලක් හා රැයක් මුහුදේ පාවෙවී සිටියෙමි.
26
නිතර ගමනේ යෙදීමේදී ගංගා අනතුරු, මංකොල්ල අනතුරු, මගේම රට වැසියන්ගෙන් වූ අනතුරු හා අන් ජාතීන්ගෙන් වූ අනතුරු, නගරයේ අනතුරු, පාළුකරයේ අනතුරු, මුහුදු අනතුරු හා බොරු සහෝදරයින්ගෙන් වූ අනතුරුවලට මුහුණ පෑවෙමි.
27
වෙහෙසීම් හා අපහසුතා ද අනේක රෑ නිදිවැරීම් ද සා ගින්නෙන් හා පිපාසයෙන් ද බොහෝ විට ආහාර නො මැතිව ද ශීතලෙන් හා ඇඳුම් නො මැතිව ද සිට ඇත්තෙමි.
28
මේ දෑ හැර, හැම සභාවක් කෙරේ වූ මගේ කනස්සල්ලේ පීඩනය ද දිනපතා මා සමඟ විය.
29
යමෙක් දුර්වල නම්, ඒ දුර්වලකම මට නො දැනේ ද? යමෙක් වැටී ගියේ නම්, මම සංවේගී නො වෙම් ද?
30
මා පාරට්ටු කර ගත යුතු නම්, මාගේ දුර්වලකම් පෙනෙන දෑ ගැන පාරට්ටු කර ගනිමි.
31
මා බොරු නො කියන බැව් යේසුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන්වහන්සේ හා දෙවියන්වහන්සේත් වන සදහට ම ප්‍රශංසනීය තැනැන්වහන්සේ දන්නා සේක.
32
දමස්කයේදී අරෙතස් රජු යටතේ වූ ආණ්ඩුකාරයා මා සිරබාරයට ගන්නා පිණිස පුරවරය පුරා මුර යොදා තිබිණ.
33
එහෙත් පුර පවුරේ කපොල්ලක් තුළින් කූඩයක බැස පහතට බානු ලැබ, ඔහු අතින් ගැලවී ගියෙමි.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13