bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
2 Corinthians 13
2 Corinthians 13
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
1
මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. “හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර විය යුතු ය.”
2
කලින් පව් කර තිබූ අයට හා සෙසු හැමට අවවාද කර ඇත්තෙමි. මා ආපසු පැමිණියහොත්, ඔවුන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති වග දෙවන වරට මා ඔබ වෙත ආ කල, ඔබ ළඟ සිට කී ලෙස, දැන් දුර සිට ද අවවාද කරමි.
3
එසේ කරන්නේ, මා තුළින් ක්‍රිස්තුස්වහන්සේ කතා කරන බවට ඔබ ඔප්පු-සාක්ෂි ඉල්ලා සිටින බැවිනි. උන්වහන්සේ ඔබ කෙරෙහි දුර්වලව නො ව ඔබ අතරේ බලවත්ව සිටින සේක.
4
මන්ද උන්වහන්සේ දුබලතාවෙන් යුතුව කුරුසිපත් කරන ලද නමුදු, දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන සේක. එලෙස අපත්, උන්වහන්සේ තුළ දුර්වල වුව ද, උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් යුතුව ඔබ උදෙසා ජීවත් වන්නෙමු.
5
තමන් ඇදහිල්ල තුළදැයි බලා ගන්න පිණිස, ඔබම තමන් විමසා ගන්න. ඔබම සෝදිසි කරගන්න; ඔබ තුළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සිටිනා වග ඔබ වටහා ගෙන නැද්ද? එහෙම නැතිනම් ඇදහිල්ලේ සෝදිසි කිරීමට අනුව ඔබ අසමත් ය.
6
එහෙත් අප, එම සෝදිසි කිරීමට අනුව අසමත්ව නැති වග ඔබ දැනගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
7
ඔබ, කිසි වැරැද්දක් නො කරන පිණිස අපි දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නෙමු. පරීක්ෂණයෙන් අප සමත් වග පෙනී යන පිණිස නො ව, පරීක්ෂණයෙන් අප අසමත් යයි පෙනී ගියා වුව ද ඔබ, හරි දේ කරන පිණිස යාච්ඤා කරන්නෙමු.
8
මන්ද සත්‍යය සඳහා පමණක්ම ය මිස, සත්‍යයට එරෙහිව කිසිවක් කිරීමට අපට නුපුළුවන.
9
අප දුබලව සිටින අතරේ ඔබ ප්‍රබල වේ නම්, ඒ ගැන අප සතුටු ය. ඔබ සම්පූර්ණ වීම අපගේ යාච්ඤාවයි.
10
ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය.
11
සහෝදරයිනි ප්‍රීතිවන්න! සම්පූර්ණත්වය අරමුණු කරගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.
12
එකිනෙකා සමඟ ශුද්ධ සිපාචාරයකින් සමාචාර දක්වන්න.
13
සියලු ශුද්ධවන්තයෝ ඔබට ආචාර කරති.
14
යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ද දෙවියන්වහන්සේගේ ප්‍රේමය ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිත්වය ද ඔබ හැම සමඟ පවතීවා!
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13