bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
2 Corinthians 2
2 Corinthians 2
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 3 →
1
එබැවින් තවත් වේදනාකාරී බැහැදැක්මක් නො කිරීමට මම සිතින් නියම කර ගතිමි.
2
මන්ද මා, ඔබ වේදනාවට පත් කළහොත්, මා විසින් වේදනාවට පත් කරන ලද්දවුන් මිස, මා සොම්නස් කරන්නට ඉන්නේ වෙන කවුරු ද?
3
මා ඔබට ලියා එවුවේ මා පැමිණි කල, මා සොම්නස් කරන්නට යුතු වූවන් වෙතින්ම මා වේදනාවට පත් නො වන පිණිස ය. මන්ද මාගේ ප්‍රීතිය, ඔබ හැමගේත් ප්‍රීතිය වන බවට ඔබ හැම ගැන නිසැක හැඟීමක් මට තිබිණි.
4
මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතුව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය.
5
යමකු වේදනාවක් ඇති කළා නම්, ඔහු එය ඇති කළේ මට නො ව, තරමක් දුරකට ඔබ හැමට ය. එසේ කීවේ තත්වය වඩා උග්‍ර කර නො දැක්වීමට ය.
6
ඒ තැනැත්තාට, වැඩි දෙනාගෙන් ලද දඬුවම ප්‍රමාණවත් ය.
7
එබැවින් දැන් ඊට වඩා ඔහුට කමා වීමට නැඹුරු වී, ඔහු අස්වැසීම යුතු ය. නැතහොත් ඒ අධිකතර ශෝකයෙහි ඔහු ගිලී යා හැකි ය.
8
එබැවින් ඔහුට ඇති ඔබේ ප්‍රේමය යළි තහවුරු කර දක්වන මෙන් ඔබෙන් උදක්ම ඉල්ලමි.
9
මා ඔබට ලියුවේ, හැම කරුණකදීම ඔබ කීකරු වේදැයි පරීක්ෂා කර දැනගැනීමට ය.
10
ඔබ යමකුට කමා වන්නේ නම්, මමත් ඔහුට කමා වෙමි. මා එසේ කමා වී නම්, කමා වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ ය.
11
එසේ කළේ සාතන් උපායශීලීව අප නො රවටන පිණිස ය; මන්ද උගේ උපක්‍රම අප නො දන්නවා නො වේ.
12
ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරන්නට මා ත්‍රෝවසට ආ කල, ස්වාමින්වහන්සේ තුළ එහි මට දොරක් විවරව තිබුණ ද,
13
මා සහෝදර තීතස් එහිදී හමු නො වූ බැවින්, මගේ ආත්මයට සැනසීමක් නො විණි. එබැවින් මම ඔවුන්ගෙන් සමුගෙන, මකිදෝනිය බලා ගියෙමි.
14
එහෙත් හැම විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නාවූත්, උන්වහන්සේ දැන ගැනීමේ සුවඳ අප මඟින් හැම තැන පතුරවන්නාවූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා!
15
මන්ද ගැලවෙන්නන් අතරේ ද විනාශවන්නන් අතරේ ද දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ අප ය.
16
එක කණ්ඩායමකට මරණය පිණිස මරණයේ සුවඳක් ය; අනෙක් කණ්ඩායමට ජීවනය පිණිස ජීවනයේ සුවඳක් ය. එවන් කාරියකට සමතා කවුරු ද?
17
මන්ද දෙවියන්වහන්සේ විසින් යවන ලද අවංක මිනිසුන් හැටියට, දෙවියන්වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස්වහන්සේ තුළ කතා කරන්නන් විනා, අන් බොහෝ දෙනකු මෙන් අප දෙවියන්වහන්සේගේ වචනය ලාභ ලබන වෙළඳ බඩුවක් කරගෙන නැත.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13