bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
2 Corinthians 9
2 Corinthians 9
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 10 →
1
ශුද්ධවතුනට සේවය කිරීම ගැන මා ඔබට ලිවීම අවශ්‍ය නැත.
2
මන්ද අකාය වාසීන් පසුගිය වසරේ සිටම සූදානමින් සිටින බැව් පවසමින්, මකිදෝනියෙහි ජනයාට ඔබ ගැන මා කළ පාරට්ටුව ලෙස, ඔබගේ ලැදි සූදානම ගැන මම දනිමි. ඔවුන් වැඩි දෙනකු පොලඹවනු ලැබුවේ ඔබගේ එම උද්යෝගයයි.
3
මේ ගැන සූදානමින් සිටින්නේ යයි මා පැවසූ ලෙස ඔබ සූදානමින් සිටින පිණිස, මා මේ සහෝදරයින් එවන්නේ, මේ සම්බන්ධව ඔබ ගැන වූ අපගේ පාරට්ටුව හිස් නො වන පිණිස ය.
4
අනෙක් අතට, මකිදෝනිවරුන් ඇතැම් දෙනකු මා සමඟ අවුත්, ඔබ කිසි සූදානමක් නැතිව සිටිනු දුටුවහොත්, ඔබට කෙසේ වෙතත්, ඔබ ගැන මෙතරම් විශ්වාසයක් තැබූ අප ලජ්ජාවට පත් වනු ඇත.
5
එනිසා කලින් ඔබ වෙත අවුත්, ඔබ පොරොන්දු වූ දීමනාව කල් ඇතිව පිළියෙල කරන ලෙස මේ සහෝදරයින් පෙලඹවීම යෝග්‍යයයි මා සිතුවේ, එය බලෙන් ලබා ගත්තක් නො ව, කැමැත්තෙන් දෙන දීමනාවක් සේ පිළියෙල වන පිණිස ය.
6
මෙය සිහි තබාගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී.
7
එක් එක්කෙනා දිය යුත්තේ, තමාගේ සිතින් නියම කර ගත් ලෙස විනා, අකමැත්තෙන් හෝ බල කිරීම නිසා හෝ නො වේ. මන්ද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක.
8
සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන.
9
ලියා ඇති පරිදි: “ඔහු නො මසුරුව බෙදා දුන්නේ ය, ඔහු දිළිඳුන්ට දුන්නේ ය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.”
10
වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයන තැනැන්වහන්සේ ඔබට වපුරන්නට බීජ බහුල කරන සේක්, ඔබේ ධර්මිෂ්ඨකමේ අස්වැන්න සරු සාර කරන සේක.
11
ඔබගේ මුළු ත්‍යාගවන්ත භාවයට, හැම අතින්ම ඔබ පොහොසත් කරනු ලබනු ඇත. එමඟින් අප තුළින් දෙවියන්වහන්සේට ස්තුති දීම් උපද්දවනු ඇත.
12
මන්ද මෙම සේවයේදී ඔබ කරන මෙහෙයෙන්, ශුද්ධවතුන්ගේ අවශ්‍යතා සපිරෙනවා පමණක් නො වේ. එයින් දෙවියන්වහන්සේට බොහෝ ස්තුති දීම් ද පිටාර ගලයි.
13
ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රායෝගිකව පිළිගැනීම සමඟ ආ ඔබගේ අවනත භාවය හා ඔවුන්ටත්, අන් සියල්ලන්ටත් ඔබ පිරිනැමූ දීමනාවේ ත්‍යාගවත් භාවය නිසා, මෙම සේවයෙන් ඔප්පු කර පෙන්වූ දෙයින්, ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දෙනු ඇත.
14
එසේ වන්නේ, ඔබ පිට ඇති දෙවියන්වහන්සේගේ අනුපමේය අනුග්‍රහය නිසා, ඔවුන් ඔබට ඇති ලැදියාව හා ඔබ උදෙසා ඔවුන් යාච්ඤා කරන අතරදී ය.
15
වචනයෙන් විස්තර කළ නො හැකි දෙවියන්වහන්සේගේ දීමනාව ගැන උන්වහන්සේට ස්තුති වේවා!
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13