bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Matthew 18
Matthew 18
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 19 →
1
එකල යේසුස්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ස්වර්ග රාජ්‍යයේදී වඩාත් උත්තමයා කවුරු දැ?” යි ඇසූහ.
2
කුඩා දරුවකු කැඳවාගත් උන්වහන්සේ, ඔවුන් අතර ඔහු සිටුවා:
3
“සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ හැරී, කුඩා දරුවන් මෙන් නො වුවහොත්, ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට කිසි සේත් ඔබට නො හැකි බවයි.
4
මේ දරුවා මෙන් තමන්ම යටහත් කවරකු වුව ස්වර්ග රාජ්‍යයේදී වඩාත්ම උත්තමයා වෙයි.
5
මාගේ නාමයෙන් මෙවැනි දරුවකු පිළිගන්නා කවරකු වුව, මා පිළිගනියි.
6
“එහෙත් මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් එකකු හෝ පාපයට පොලඹවන කවරකු වුව, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, ගැඹුරු මුහුදේ ගිල්වීම ඔහුට වඩා හොඳ ය.
7
පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතුව ඇත. එහෙත් යමකු මඟින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ!
8
ඔබේ අත හෝ ඔබේ පය ඔබ පාපයට පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාතව හෝ කොරව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇතිව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.
9
ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇතිව ජීවනයට ඇතුල් වීම, දෑසම ඇතිව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.
10
“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වගබලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි.
11
මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත් ය.
12
“ඔබ සිතන්නේ කුමක් ද? බැටළුවන් සියයක් ඇති මිනිසකුගේ එක් බැටළුවකු මං මුළාව ගියහොත්, ඔහු අර අනූනව දෙනා කන්දේ පිටියේ හැර, ඒ මංමුළා වූ එකා සොයා යන්නේ නැති ද?
13
ඔහුට ඌ හමු වුණොත්, සැබවින් ම මා ඔබට කියන්නේ, මංමුළා නො වූ අර අනූනව දෙනාටම වඩා මේ එක බැටළුවා ගැන ඔහු සතුටු වන බවයි.
14
එසේම මේ කුඩාවුන්ගෙන් එකකු හෝ විනාශ වීම ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නො වේ.
15
“ඔබේ සහෝදරයා ඔබට එරෙහිව පව් කරයි නම්, ගොස්, ඔහු හා ඔබ තනිව සිට, ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබට සවන් දුනහොත්, ඔබ ඔබේ සහෝදරයා දිනා ගත්තා වෙයි.
16
එහෙත් ඔහු ඔබට සවන් නො දේ නම්, ‘හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර වන පිණිස,’ තව කෙනකු හෝ දෙදෙනකු කැඳවාගෙන යන්න.
17
ඔහු ඔවුන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, එය සභාවට දන්වන්න. ඔහු සභාවට පවා සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, ඔහු විජාතිකයකු හෝ අයබදුකාරයකු සේ ගණන් ගන්න.
18
“සැබවින් ම මම ඔබට කියන්නම්; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ.
19
“යළිත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ දෙදෙනකු තමන් ඉල්ලන යම් දෙයක් ගැන එක්සිත් වන්නේ නම්, ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේ ඔබට එය ඉටුකර දෙන බවයි.
20
මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මාගේ නාමයෙන් එක්රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක.
21
එවිට පේතෘස් අවුත්, උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, මගේ සහෝදරයා මට එරෙහිව පව් කරන කල, මා කී වරක් ඔහුට කමා විය යුතු ද? හත් වරක් දක්වා දැ?” යි ඇසී ය.
22
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “හත් වරකැයි මා ඔබට කියන්නේ නැත, එහෙත් හැත්තෑ වර හතකි.
23
“එබැවින් ස්වර්ග රාජ්‍යය, තම දාසයින් සමඟ ගණන් බේරීමට කැමති වූ රජකුට සමාන කළ හැකි ය.
24
ඔහු බේරුම් කිරීම ඇරඹූ කල, තලෙන්ත දස දහසක් ඔහුට ණය වූ දාසයෙක් ඔහු ඉදිරියට පමුණුවන ලදී.
25
ණය ගෙවීමට ඔහුට නුපුළුවන් වූ බැවින් එම ණය ගෙවනු පිණිස ඔහුත්, ඔහුගේ භාර්යාව හා දරුවනුත්, ඔහුට අයත්ව තිබූ සියල්ලත් විකුණා, ණය බේරන ලෙස ඔහුගේ හාම්පුතා නියෝග කළේ ය.
26
“එවිට එම දාසයා, ඔහු අබියස දණින් වැටී, ‘අනේ මා ගැන ඉවසන්න; මා සියල්ල ආපසු ගෙවනවා’ යි කන්නලව් කළේ ය.
27
එවිට ඔහු ගැන අනුකම්පා කළ ඒ දාසයාගේ හාම්පුතා, ඔහු නිදහස් කරමින්, ඔහුගේ ණය කමා කළේ ය.
28
“එහෙත් ඒ දාසයා පිටත්ව යද්දී, ඩිනාරි සියයක සුළු මුදලක් ඔහුට ණයව සිටි සහෝදර දාසයකු හමු වී, ඔහු අල්ලා, ‘මගේ ණය ආපසු ගෙවනු’ කියමින් ඔහුගේ ගෙල මිරිකන්නට වන්නේ ය.
29
“එවිට සහෝදර දාසයා දණින් වැටී, ‘අනේ මා ගැන ඉවසන්න; මා සියල්ල ආපසු ගෙවනවා’ යි කන්නලව් කළේ ය.
30
“එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, ණය ගෙවන තෙක් ඔහු සිරගත කරවී ය.
31
සිදු වූ දේ දුටු අනෙක් දාසයෝ ඉන් දැඩි කම්පාවට පත්ව, ගොස්, සිදු වූ හැම දෙයක්ම ඔවුන්ගේ හාම්පුතාට පැවසූහ.
32
“එවිට ඔහු කැඳවූ හාම්පුතා, ‘එම්බා දුෂ්ට දාසය, නුඹ මට කන්නලව් කළ නිසා, නුඹේ සියලු ණය කමා කළෙමි.
33
මා නුඹට දයාව පෑ සේ, නුඹත් නුඹේ සහෝදර දාසයාට දයා කළ යුතුව තිබුණා නො වේ දැ?’ යි පැවසී ය.
34
ඔහුගේ හාම්පුතා කෝප වී, තමාගේ සියලු ණය ගෙවන තෙක් ඔහු වධකයින්ට බාර දුන්නේ ය.
35
“ඔබේ හදවතින් ඔබේ සහෝදරයාට ඔබ කමා නො කරන්නේ නම්, ඔබ හැම කෙනකුට මාගේ පියාණන්වහන්සේත් එසේම කරන සේකැ” යි පැවසූ සේක.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28