bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Matthew 24
Matthew 24
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 25 →
1
යේසුස්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයෝ දේව මාලිග ගොඩනැගිලි වෙත උන්වහන්සේගේ අවධානය යොමුකරවන්නට උන්වහන්සේ වෙත ආහ.
2
එවිට උන්වහන්සේ, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබවින් ම මා ඔබට කියන්නේ, ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක්ම බිඳ දමා පොළොවට සමතලා කර දමන කාලයක් පැමිණෙන බව යැ” යි පැවසූ සේක.
3
ඉන්පසු යේසුස්වහන්සේ ඔලීව කන්දේ හිඳ සිටියදී පෞද්ගලිකව උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “එය සිදුවන්නේ කවරදා ද? ඔබගේ පැමිණීමේත්, මේ යුගයේ අවසානයේත් පෙර නිමිත්ත කුමක්දැයි අපට කියන්නැ” යි කීහ.
4
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වගබලා ගන්න.
5
මන්ද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘ක්‍රිස්තුස් මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත.
6
යුද්ධ හා, යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙයි. ඒවායින් තැතිගැනීමෙන් වළකින්නට බලා ගන්න. මන්ද එය සිදු විය යුතුව තිබේ. එහෙත් අවසානය එය නො වේ.
7
ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.
8
මේ සියල්ල ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.
9
“එකල ඔබට විපත් පීඩා පමුණුවන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත.
10
එකල බොහෝ දෙනකු ඇදහිල්ලෙන් වැටී, එකිනෙකා පාවා දෙනු ඇත; එකිනෙකාට වෛර කරනු ඇත.
11
බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ද නැගිට, බොහෝ දෙනකු මුළා කරනු ඇත.
12
නො පණත්කම අධික වන බැවින් වැඩි දෙනාගේ ප්‍රේමය නිවී යනු ඇත.
13
එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා ගලවනු ලබන්නේ ය.
14
රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.
15
“එබැවින්, දානියෙල් දිවැසිවරයා මඟින් පවසන ලද ‘බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල’ ශුද්ධස්ථානයේ සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා)
16
යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා!
17
තම ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා!
18
කෙතෙහි සිටින්නා, තම කබාය ගන්නට ආපසු නො ඒවා!
19
ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.
20
ඔබේ පලා යෑම ශීත කාලයේ හෝ සබතක හෝ නො වන ලෙස යාච්ඤා කරන්න.
21
මන්ද ලොව ඇරඹුණු තැන් පටන් මෙතෙක් සිදු නො වූ, මතු කවර කලෙක සිදු නො වන මහා විපත්-පීඩාවක් වනු ඇත.
22
“ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් තෝරා ගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කෙරේ.
23
එකල යමෙක් ඔබට කතා කර, ‘මෙන්න, ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න.
24
මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත.
25
ඔන්න, කල්තියාම මම ඔබට කීවෙමි.
26
“එබැවින්, ඔවුන් ඔබට කතා කොට, ‘අන්න, එතුමන් පාළුකරයේ’ යි කීවොත්, පිටතට නො යන්න; ‘මෙන්න, එතුමන් ඇතුළු කුටියකැ’ යි කීවොත් එය විශ්වාස නො කරන්න.
27
මන්ද පෙරදිගින් නැගෙන විදුලිය, බටහිර දක්වා ඈතට දිදුලන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එසේම වන්නේ ය.
28
මළකුණක් ඇත්තේ කොතැනක ද ගිජු ලිහිණි රැස් වන්නේ එතැනට ය.
29
“එදවස්හි විපත් පීඩා නිම වූ කෙණෙහිම “ ‘හිරු අඳුරු වනු ඇත, සඳු එහි එළිය නො දෙනු ඇත; තරු අහසින් කඩා වැටෙනු ඇත, අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’
30
“එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතුව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත.
31
එවිට උන්වහන්සේ මහා හොරණෑ හඬක් සහිතව, ස්වකීය දූතයින් පිටත් කර එවන සේක. ඔවුන් අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා පොළොවේ සතර දිගින්ම උන්වහන්සේගේ තෝරා ගත්තවුන් රැස් කරනු ඇත.
32
“අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න: එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති.
33
එලෙසම, මේ දේවල් සිදුවනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟම බව දැනගන්න.
34
සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි.
35
අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.
36
“පියාණන්වහන්සේ පමණක් මිස, ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත; ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත.
37
මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී වන්නේ නෝවාගේ දවස්වලදී සිදු වූ ලෙසම ය.
38
මන්ද ජලගැල්මට කලින් නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද හා විවාහ වෙමින් සිටි ලෙස ය.
39
ජල ගැල්ම ගලා, ඔවුන් හැම ගසාගෙන යන තුරු කුමක් වීදැයි ඔවුහු නො දත්හ. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී සිදුවන්නේ එයම ය.
40
මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ.
41
ස්ත්‍රීන් දෙදෙනකු ඇඹරුම් ගලක අඹරමින් සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙක් තැනැත්තිය හැර දමා යනු ලැබේ.
42
“එබැවින් විමසිල්ලෙන් සිටින්න. මන්ද ඔබගේ ස්වාමින්වහන්සේ කෙදිනක පැමිණේදෝයි ඔබ නො දන්නා බැවිනි.
43
එනමුත් මෙය වටහා ගන්න: සොරා එන්නේ රැයේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, විපරමින් සිට, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත.
44
එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයක දී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත.
45
“එසේ නම් තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති සේවකයා කවුරු ද?
46
ස්වාමියා ආපසු එන කල ඒ සේවකයා එසේ කරනවා දකින්නේ නම්, ඔහු භාග්‍යවත් ය.
47
සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි.
48
එහෙත් ඒ නපුරු සේවකයා, ‘මාගේ ස්වාමියා එන්නට පමා වෙතැ’ යි කියා ගනිමින්
49
සෙසු සේවකයන්ට තලන්නටත්, බේබද්දන් සමඟ කන්නට-බොන්නටත් පටන් ගතහොත්,
50
ඔහු එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ,
51
ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, කැබලිවලට කපා, කුහකයින් සමඟ දමනු ඇත, එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇත.
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 25 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28