bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Matthew 20
Matthew 20
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 21 →
1
“මන්ද ස්වර්ග රාජ්‍යය, තම මිදි වත්තේ වැඩට කම්කරුවන් කුලියට ගැනීමට අරුණ උදෙන්ම පිටත් වූ ඉඩම් හිමියකුට සමාන ය.
2
කම්කරුවනට දිනකට ඩිනාරිය බැගින් දීමට එකඟව ඔහු ඔවුන් තම මිදි වත්තට යැවී ය.
3
“තුන් වන පැයේ පමණ පිටතට ගිය ඔහු වැඩක් නැතිව කඩ-මණ්ඩියේ සිටගෙන සිටි තවත් අය දැක,
4
ඔවුන් අමතා, ‘ඔබත් මිදි වත්තට යන්න. යුතු පරිදි මම ඔබට ගෙවන්නෙමි’ යි කීවේ ය.
5
එවිට ඔවුහු ද එහි ගියහ. “යළි හයවන පැයේ හා නව වන පැයේ පමණ ද පිටතට ගිය ඔහු එසේම කළේ ය.
6
එකොළොස්වන පැයේ පමණ ද පිටතට ගිය ඔහු තවත් නිකරුණේ සිටගෙන සිටියවුන් දැක, ‘වැඩක් නැතිව දවස තිස්සේ මෙතැන හිටගෙන ඉන්නේ ඇයි දැ?’ යි ඔවුන්ගෙන් ඇසී ය.
7
“ ‘කිසිවකු අප වැඩට නො ගත් නිසා යැ’ යි ඔවුහු කීහ. “ ‘ඔබත් මිදි වත්තට යන්නැ’ යි ඔහු ඔවුනට පැවසී ය.
8
“සවස් වූ කල තම කළමනාකරු ඇමතූ ඉඩම් හිමියා, ‘කම්කරුවන් කැඳවා, අන්තිමට ආ අයගෙන් පටන් ගෙන මුලින් ආ අය දක්වා ඔවුන්ගේ පඩිය ගෙවන්නැ’ යි කීවේ ය.
9
“අවසන් පැයේදී වැඩට ගනු ලැබූ කම්කරුවෝ අවුත්, එකකු ඩිනාරිය බැගින් ලදහ.
10
මුලින්ම වැඩට ගනු ලැබූවෝ පැමිණ, තමනට වැඩියෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූහ. එහෙත්, ඒ හැමට ලැබුණේ ද එකකුට ඩිනාරිය බැගිනි.
11
එය ලබාගත් ඔවුහු ඉඩම් හිමියාට එරෙහිව මැසිවිලි නගන්නට වී,
12
‘අන්තිමට වැඩට ආ මේ මිනිසුන් වැඩ කළේ එක පැයක් පමණයි. එහෙත් දවසේ බර උසුලමින්, අධි උෂ්ණයත් දැරූ අපට ඔබ ඔවුන් සමාන කර ඇතැ’ යි කීහ.
13
“එවිට ඔහු ඔවුන්ගෙන් කෙනකුට පිළිතුරු දෙමින්, ‘මිත්‍රය, මා ඔබට අසාධාරණයක් කරනවා නො වේ. ඩිනාරියකට වැඩ කරන්නට ඔබ එකඟ වූවා නො වේ ද?
14
ඔබට හිමි දේ අරගෙන යන්න. ඔබට දුන් ලෙසම අන්තිමට වැඩට ගත් මේ අයටත් ගෙවීම මාගේ කැමැත්තයි.
15
මට හිමි දෙයින් මා කැමති දෙයක් කරන්නට මට අයිතිය නැද්ද? නැතහොත් මගේ ත්‍යාගශීලීත්වය ගැන ඔබ ඊර්ෂ්‍යා කරනවා දැ?’ යි ඇසී ය.
16
“මෙසේ අන්තිමයින් ප්‍රථමයින් ද ප්‍රථමයින් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.
17
යෙරුසලම බලා ගමන් ගන්නා අතරේ යේසුස්වහන්සේ ගෝලයින් දොළොස් දෙනා පසෙකට කැඳවා, මඟදී ඔවුන් අමතමින්,
18
“ඔන්න, අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරණයට තීන්දු කර,
19
ඉන්පසු සරදම් කරන්නට, කස පහර දී කුරුසිපත් කරන්නට විදේශීන් අතට එතුමාණන් පාවා දෙනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ යළි නැගිටුවනු ලබන සේකැ” යි පැවසූ සේක.
20
ඉන්පසු සෙබදීගේ පුත්‍රයන්ගේ මව තම පුතුන් දෙදෙනා සමඟ උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී උන්වහන්සේගෙන් වරයක් ඉල්ලුවා ය.
21
“ඔබට ඕනෑ මොනවා දැ?” යි උන්වහන්සේ ඇසූ සේක. “ඔබගේ රාජ්‍යයේදී මාගේ මේ පුතුන් දෙදෙනාගෙන් කෙනකු ඔබගේ දකුණු පැත්තේ ද අනෙකා ඔබගේ වම් පැත්තේ ද හිඳගන්නට වර දෙන්නැ” යි ඕ කීවා ය.
22
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන්නට යන කුසලානෙන් බොන්නට ඔබටත් පුළුවන් දැ?” යි ඇසූ සේක. “අපට පුළුවනැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
23
එවිට යේසුස්වහන්සේ, “සැබවින් ම ඔබ මගේ කුසලාන පානය කරනු ඇත. එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හෝ හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. මාගේ පියාණන්වහන්සේ කවරකු සඳහා ඒවා පිළියෙල කරන ලද සේක් ද ඒවා අයිති ඔවුනට යැ” යි පැවසූ සේක.
24
දහ දෙනා ඒ වග ඇසූ කල ඒ සහෝදරයින් දෙදෙනා සමඟ උරණ වූහ.
25
යේසුස්වහන්සේ ඔවුන් එකට කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ ඔවුන්ට ස්වාමිත්වය පාන බවත්, ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාන බවත් ඔබ දන්නහු ය.
26
එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි.
27
මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි.
28
එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.
29
ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යද්දී, විශාල ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ.
30
එවිට මෙන්න, පාර අයිනේ හිඳ සිටි අන්ධයින් දෙදෙනෙක්, යේසුස්වහන්සේ එතැන පසු කොට යන බැව් අසා, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණා කළ මැනව!” යි මොර ගසන්නට වන්හ.
31
නිශ්ශබ්ද වන ලෙස ජනයා ඔවුනට තරවටු කළහ. එහෙත් ඔවුහු වඩ වඩා උස් හඬ නගමින්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව!” යි මොරගැසූහ.
32
යේසුස්වහන්සේ නැවතී, ඔවුනට අඬගසා, “මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක.
33
“ස්වාමිනි, අපගේ ඇස් ඇරිය මැනව” යි ඔවුහු කීහ.
34
යේසුස්වහන්සේ ඔවුනට අනුකම්පා කළ සේක්, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළහ. එකෙණෙහිම ඔවුහු පෙනීම ලැබ, උන්වහන්සේ පස්සේ ගියහ.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28