bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Jeremiah 14
Jeremiah 14
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 15 →
1
නියඟය ගැන සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:
2
“ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි.
3
ඔවුන්ගේ උත්තමයෝ වතුර ගෙනෙන පිණිස සිය සේවකයන් යවති. ඔව්හු ළිං ළඟට ගොස් වතුර නොලැබ, හිස් භාජන ඇති ව ආපසු හැරී එති. ඔව්හු වියවුලටත්, ලජ්ජාවටත් පැමිණ තමන්ගේ මුහුණු වසා සඟවාගනිති.
4
දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.
5
ඒ පිට්ටනියේ සිටින මුව දෙන පවා තණ කොළ නැති නිසා අලුත උපන් ඇගේ පැටවා අත්හැර යන්නී ය.
6
වල් කොටළුවෝ ද ගස්කොළන් නැති කඳු මත සිට සිවලුන් මෙන් සුළඟට ඉව අල්ලති. තණ කොළ නැති නිසා උන්ගේ ඇස් ද නොපෙනී යයි.
7
මාගේ සෙනඟ මොරගසමින් මෙසේ යාච්ඤා කරති: ‘සමිඳුනි, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ අයුතුකම්, අපේ අපරාධ, අපට විරුද්ධ ව සාක්ෂි දෙන නමුත්, ඔබේ නාමය වෙනුවෙන් අපට පිහිට වුව මැනව. අපි බොහෝ වර ඔබ වෙතින් හැරී ගියෙමු. ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
8
සමිඳුනි, ඔබ ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව ද විපත් සමයේ ගැළවුම්කාරයාණෝ ද වන සේක. එසේ වුව ද, එක රැයකට නවාතැන් ගත් මඟියෙකු මෙන් අපේ දේශයේ ආගන්තුක ව සිටින්නේ මන් ද?
9
ඔබ සිත් වියවුල් වූ මිනිසෙකු මෙන් ද යමෙකු ගළවන්නට බැරි බලවතෙකු මෙන් ද වී සිටින්නේ මන් ද? එහෙත් සමිඳුනි, ඔබ අප මධ්‍යයෙහි සිටින සේක. ඔබේ නාමයෙන් හැඳින්වෙන අපි ඔබේ සෙනඟ වමු; අප අත් නොහළ මැනව.’ ”
10
මේ සෙනඟ ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඔවුන් තමන්ගේ පාද හසුරුවා නොගෙන මුළා වී යන්න මෙපමණ ප්‍රිය වූ බැවින් මම ඔවුන් කෙරෙහි අප්‍රසන්න ව සිටිමි. මම ඔවුන්ගේ අපරාධ සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන්නෙමි.”
11
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මේ සෙනඟගේ යහපත උදෙසා මට යාච්ඤා නොකරන්න. ඔවුන් උපවාසයේ යෙදුණත්, ඔවුන්ගේ කන්නලව්වලට මම සවන් නොදෙන්නෙමි; ඔවුන් දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කරතත්, මම ඒවා නොපිළිගනිමි.
12
ඒ වෙනුවට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම ඔවුන් විනාශ කරන්නෙමි.”
13
එවිට මම මෙසේ කීවෙමි: “අහෝ දෙවි ස්වාමීන් වහන්ස, දිවැසිවරු සෙනඟ අමතා, ඔබ වහන්සේ ඔවුන්ට මේ ස්ථානයේ දී තිර සාමදානය දෙන බැවින්, ඔවුන් කඩුව දකින්නේ වත්, සාගතයෙන් පෙළෙන්නේ වත් නැතැ යි කියති.”
14
සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “දිවැසිවරු මාගේ නාමයෙන් බොරු දිවැස් වැකි කියති. මා ඔවුන් එව්වේ වත්, ඔවුන්ට අණ කෙළේ වත්, ඔවුන්ට කතා කෙළේ වත් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ බොරු දර්ශන ය. වැඩකට නැති පේන කීම් ය; සිතින් මවාගත් වංචනික දේ ය.
15
මා නොඑවූ නමුත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කියන, ‘කඩුව වත්, සාගතය වත්, මේ දේශයට නොපැමිණෙන්නේ ය’යි කියන මේ දිවැසිවරුන් ගැන ස්වාමීන් වන මා කියන දේ මෙය වේ: ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය.
16
ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.
17
“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.
18
මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”
19
“සමිඳුනි, ඔබ මුළුමනින් ම ජුදා ප්‍රතික්ෂේප කළ සේක් ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් වී සිටිත් ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන් ද? අපි ද සාමදානය ගැන බලා සිටියෙමු; එහෙත්, කිසි හොඳක් නො වී ය; සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත් මෙන්න, භීතිය පමණක් ඇති වී තිබේ.
20
සමිඳුනි, අපේ දුෂ්ටකමත්, අපේ පියවරුන්ගේ අපරාධයත් අපි පිළිගනිමු. අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
21
ඔබේ නාමය නිසා අප ඉවත නොදැමුව මැනව. ඔබේ තේජසේ සිංහාසනය පිහිටි ජෙරුසලමට අගෞරව නොකළ මැනව. අප සමඟ තිබෙන ඔබේ ගිවිසුම සිහි කර එය කඩ නොකළ මැනව.
22
වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52