bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Jeremiah 23
Jeremiah 23
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 24 →
1
“මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත!
2
මාගේ සෙනඟ පෝෂණය කළ යුතු මේ එඬේරුන් ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න, ‘නුඹලා මාගේ බැටළුවන් රැක බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහු ය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
3
එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය.
4
ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
5
“ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපත නමැති වෘක්ෂයෙන් දැහැමි රිකිල්ලක් හටගන්නා කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත.
6
එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෝ ය. ඉශ්රායෙල්වරු සුරැකි ව වසන්නෝ ය. ‘අපේ දැහැමිතාව’ යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ.
7
“ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි: ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේ නමින් අපි දිවුරමු’යි නොකියන කාලය පැමිණෙන්නේ ය.
8
ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.”
9
මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය.
10
මන්ද, දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී ඇත; සාපයක් නිසා දේශය වැලපෙයි; පාළුකරයේ තණ බිම් වියළී ඇත; ඔවුන්ගේ හැසිරීම නපුරු ය. ඔව්හු සිය බලය වැරදි ලෙස භාවිත කරති.
11
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දිවැසිවරයා හා පූජකයා දූෂ්‍ය වී සිටිති. මාගේ මැදුරෙහි ඔවුන්ගේ නපුරුකම මට දක්නට ලැබී ඇත.
12
ඔවුන්ගේ මාර්ග අඳුරේ දී ලිස්සන සුළු ඒවා මෙන් වේ. ඔව්හු ඒවාට පන්නාදමනු ලැබ එහි වැටෙන්නෝ ය. ඔවුන්ට දඬුවම් කිරීමේ කාලය පැමිණි විට මම ඔවුන් පිට විපත් පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
13
සමාරියේ දිවැසිවරුන් අතරේ පිළිකුල් කටයුතු දේ මා දැක ඇත. ඔව්හු බාල් දෙවියාගේ නාමයෙන් දිවැස් වැකි කියා මාගේ ම ඉශ්රායෙල් සෙනඟ මුළා කළහ.
14
ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.
15
“එබැවින් සියලු බලැති ස්වාමීන් වන මම, ජෙරුසලමේ දිවැසිවරුන් ගැන මෙසේ කියමි: මම ඔවුන්ට තිත්ත කදුරු කවන්නෙමි. වස දිය පොවන්නෙමි. මන්ද, දේශය මුළුල්ලේ ම ජෙරුසලමේ දිවැසිවරුන්ගෙන් දූෂණ පැතිර ගොස් ඇත.
16
“සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.
17
මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.
18
“මේ දිවැසිවරුන් අතරේ සමිඳාණන් වහන්සේගේ අභ්‍යන්තර අදහස් දැනගත්, උන් වහන්සේගේ පණිවුඩය තේරුම්ගත්, උන් වහන්සේගේ වචනයට සවන් දී එය සිතට ගත් කිසිවෙක් සිටිත් දැ”යි ජෙරමියා ඇසී ය.
19
“බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස දරුණු සුළි සුළඟක් මෙන් හමමින්, දුෂ්ටයන්ගේ හිස මත කඩා වැටෙයි.
20
සමිඳාණන් වහන්සේ සිය අභිප්රායයන් ඉටු කර සම්පූර්ණ කරන තුරු උන් වහන්සේගේ කෝපය නොනිවෙන්නේ ය. මතු කාලයේ දී උන් වහන්සේගේ සෙනඟ එය මැනවින් තේරුම්ගනු ඇතැ”යි ඔහු කීවේ ය.
21
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා මේ දිවැසිවරුන් නොයැවූ නමුත්, ඔව්හු සැණෙන් පලා ගියහ. මා ඔවුන්ට කතා නොකළ නමුත්, ඔව්හු දිවැස් දෙසූ හ.
22
ඔව්හු මාගේ උවදෙස් දැන සිටියෝ නම්, මාගේ පණිවුඩය මාගේ සෙනඟට ප්‍රකාශ කර, ඔවුන්ගේ නපුරු ගතිපැවතුම්වලින් ඔවුන් හරවන්නට ඔවුන්ට ඉඩ තිබිණි.
23
“මම දුර සිටින දෙවි කෙනෙකු මෙන් ම, ළඟ සිටින දෙවි කෙනෙක් ද වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
24
මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?
25
‘මම සිහිනයක් දිටිමි, සිහිනයක් දිටිමි’ කියමින් මාගේ නාමයෙන් බොරුවට දිවැස් වැකි කියන දිවැසිවරුන්ගේ කියුම් මා අසා ඇත.
26
බොරුවට දිවැස් වැකි කියන, තමන්ගේ සිත්හි මවාගත් දේ දිවැස් වැකි වශයෙන් පවසන, දිවැසිවරුන්ගේ සිත්වල මුසාව කොතෙක් කල් පවතී ද?
27
මේ සෙනඟගේ පියවරුන් මා අමතක කර බාල් දෙවියා වෙත හැරුණාක් මෙන්, දිවැසිවරු තමන් එකිනෙකාට කියන සිහින කරණකොටගෙන මාගේ සෙනඟට මා අමතක කරන්න සැලැස්වීමට අභිප්‍රාය කරති.
28
සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?
29
මාගේ පණිවුඩය වූකලී ගින්නක් වැනි ය; පර්වත පොඩි කරන කුළුගෙඩියක් වැනි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
30
මාගෙන් ලැබූ වචනය යයි කියමින් එකිනෙකාගෙන් හොරා ගත් වචන ප්‍රකාශ කරන මේ දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි.
31
තවද, ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කියමින් තමන්ගේ ම වචන පවසන දිවැසිවරුන්ටත් මම විරුද්ධ වෙමි.
32
ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. බොරු සිහින දිවැස් කීම් වශයෙන් ප්‍රකාශ කරමින්, තමන්ගේ බොරුවලින් ද හිස් පාරට්ටුවෙන් ද මාගේ සෙනඟ මුළා කරන දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. මම ඔවුන් නොයැව්වෙමි. ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
33
“ජෙරමියා, මාගේ සෙනඟගෙන් කෙනෙකු වත්, දිවැසිවරයෙකු වත්, පූජකයෙකු වත් නුඹ අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය කුමක් දැ’යි නුඹෙන් ඇසුවොත්, ‘නුඹලා උන් වහන්සේට බරක් වී ඇතැ’යි ද ‘උන් වහන්සේ නුඹලා ඉවතදමන සේකැ’යි ද ඔවුන්ට කියන්න.
34
එහෙත්, දිවැසිවරයෙකු හෝ පූජකයෙකු හෝ සෙනඟගෙන් කෙනෙකු හෝ, ‘සමිඳාණන් වහන්සේගේ වචනය සිතට බරක් ය’යි කීවොත්, මම ඔහුටත්, ඔහුගේ පවුලටත් දඬුවම් කරමි.
35
ඒ වෙනුවට, නුඹලා එකිනෙකා, ‘සමිඳාණන් වහන්සේ දී ඇති පිළිතුර කුමක් ද, සමිඳාණන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා තමන්ගේ අසල්වැසියන්ගෙන් හා ඥාතීන්ගෙන් ඇසිය යුතු ය.
36
‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සිතට බරක් ය’යි ඔවුන් තවත් නොකිය යුතු ය. ‘සිතට බරක්’ වන්නේ නුඹලා එකිනෙකාගේ වචන ය. නුඹලා ජීවමාන දෙවියන් වන, සියලු බලැති ස්වාමීන් වන තමන්ගේ දෙවියන් වහන්සේගේ වචන දූෂණ කළහු ය.
37
ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න.
38
ඔවුන් පිළිතුරු දෙමින්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බරක් යැ’යි කීවොත්, ‘එසේ නොකියන්නැ’යි මා ඔවුන්ට කී නමුත්, ඔවුන් එසේ කී බැවින්,
39
‘මම ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් නගරය ද ඔවුන් ද සහමුලින් ම උදුරාදමා මා කෙරෙන් ඉවතට විසි කරන්නෙමි’යි ඔවුන්ට කියන්න.
40
කවදාවත් අමතක නොවන සදාකාල නින්දාවක් ද නිරන්තර අපකීර්තියක් ද ඔවුන් පිට මම පමුණුවන්නෙමි.”
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52