bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Jeremiah 52
Jeremiah 52
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 51
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
1
ශෙදෙකියා විසිඑක් වයසේ දී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම හමුවල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුව ය.
2
ශෙදෙකියා රජු, ජෙහෝයාකිම් රජු කළාක් මෙන් සමිඳාණන් වහන්සේ අබිමුවෙහි නපුරු දේ කෙළේ ය.
3
ජෙරුසලම හා ජුදාව සමිඳාණන් වහන්සේ බොහෝ සේ කෝප කළ බැවින් උන් වහන්සේ ඔවුන් තමන් අබිමුවෙන් පන්නා දැමූ සේක. ශෙදෙකියා ද බබිලෝනියාවේ රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ ය.
4
ඔහුගේ රාජ්ය කාලයේ නව වන අවුරුද්දේ දස වන මස දස වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත්, කඳවුරු බැඳ, එයට වටකරින් බලකොටු ද ගොඩනැඟුවේ ය.
5
එසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නගරය වටලන ලදුව තිබිණි.
6
හතර වන මස නව වන දින දේශයේ සෙනඟට කිසි ආහාරයක් නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.
7
එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය.
8
එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ශෙදෙකියා රජු ලුහුබැඳ ගොස් ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු අල්ලාගත්තේ ය. එවිට ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියෝ ය.
9
එකල ඔව්හු රජු අල්ලාගෙන හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියෝ ය. ඔහු ද ශෙදෙකියා රජු පිළිබඳ නඩු තීන්දුව දුන්නේ ය.
10
බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්රයන් ඔහුගේ ම ඇස් ඉදිරිපිට මැරෙව්වේ ය. ඔහු ජුදාහි සියලු අධිපතීන් ද රිබ්ලාහි දී මැරෙව්වේ ය.
11
තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් උගුලා, අතට විලංගු ලා, බබිලෝනියට ගෙන ගොස්, ඔහුගේ මරණය දක්වා ඔහු හිර ගෙයි දමා තැබී ය.
12
තවද, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මස දස වන දින රජුගේ උපදේශකයා වූ ද රැකවලුන්ගේ අධිපතියා වූ ද නෙබුසරදාන් ජෙරුසලමට පිවිසියේ ය.
13
ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය.
14
හමුදාවේ සේනාධිපතියා සමඟ සිටි බබිලෝනිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලම හාත්පස තිබුණ පවුරු සියල්ල බිඳදැමුවෝ ය.
15
තවද, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඉතා දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ද නගරයේ ඉතිරි ව සිටි සෙනඟ ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට බැඳුණු අය ද සෙසු දක්ෂ ශිල්පීන් ද අල්ලාගෙන ගියේ ය.
16
එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් දේශයේ දිළිඳුන් සමහරෙකු ඉතිරි කර ගියේ ය.
17
තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අයිති ලෝකඩ කුලුණු ද එහි තිබුණු මැසි ද මහ ලෝකඩ භාජනය ද කඩාදමා, බබිලෝනිවරු ඒවායේ ලෝකඩ සියල්ල ම බබිලෝනියට ගෙන ගියෝ ය.
18
ඇරත්, ඇතිළි ද හැඳි ද පහන් කතුරු ද තලි ද දුම් භාජන ද පූජාව සඳහා පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගෙන ගියෝ ය.
19
තලි, ගිනි භාජන, කුසලාන, ඇතිළි, පහන් රුක්, දුම් භාජන සහ කෙණ්ඩි යන රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද හමුදාවේ සේනාධිපතියා ගෙන ගියේ ය.
20
සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සෑදූ කුලුණු දෙක ද ලෝකඩ තටාකය ද මැසි ද මැසි යට තිබුණු ලෝකඩ ගව රූප දොළොස ද යන භාණ්ඩ වල ලෝකඩ කිරන්නට බැරි තරම් බර ය.
21
ඒ එක් එක් කුලුණේ උස මීටර් අටකි. ඒ වටේට මීටර් පහයි දශම තුනක පටියක් තිබුණේ ය. එහි ඝනකම මිලි මීටර් හැත්තෑපහක් ය. එහි ඇතුළ කුහරයක් විය.
22
එය මත ලෝකඩ පේකඩයක් විය. එක එක පේකඩය මීටර් දෙකයි දශම දෙකක් උස විය. පේකඩය වටේට දෙළුම් ගෙඩිවලින් සරසන ලද කැටයම් රාමුවක් තිබුණේ ය. ඒ සියල්ල කරන ලද්දේ ලෝකඩින් ය. දෙ වන කුලුණත් ඒ අයුරින් ම දෙළුම් ගෙඩිවලින් සරසන ලදී.
23
දෙළුම් ගෙඩි අනූහයක් පැතිවල තිබිණි. කැටයම් පිට වටේට තිබුණු දෙළුම් ගෙඩි සියයක් විය.
24
තවද, රැකවල් සේනාවේ අධිපතියා, උත්තම පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපනියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.
25
ඉක්බිති ඔහු යුද්ධ සේනාවේ සේනාධිපතියා ද නගරයෙහි සිටි රාජ සභාවෙහි සභිකයන් සත්දෙනෙකු ද දේශයෙහි සෙනඟ රැස් කළ සේනාධිපතියාගේ ලේකම් ද දේශවාසීන්ගෙන් නගරය තුළ සිටි හැටදෙනෙකු ද අල්ලාගෙන ගියේ ය.
26
රැකවලුන්ට අධිපතියා වූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියේ ය.
27
බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මැරෙව්වේ ය. මෙසේ ජුදාවරු සිය දේශයෙන් වහල්කමට ගෙන යන ලදහ.
28
නෙබුකද්නෙශර් අල්ලාගෙන ගිය සෙනඟගේ ගණන මෙසේ ය: හත් වන අවුරුද්දේ දී ජුදෙව්වරු තුන්දහස් විසිතුන්දෙනෙකි.
29
නෙබුකද්නෙශර්ගේ දහඅට වන අවුරුද්දේ දී, ඔහු ජෙරුසලමේ සිටි අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගෙන ගියේ ය.
30
එනෙබුකද්නෙශර්ගේ විසිතුන් වන අවුරුද්දේ දී රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් ජුදෙව්වරුන් හත්සිය හතළිස්පස්දෙනෙකු අල්ලාගෙන ගියේ ය. ඒ සියල්ලෝ ම හාරදහස් හයසියයක් වූ හ.
31
තවද, එවිල්-මෙරොදක් බබිලෝනියේ රජකමට පත් වූ අවුරුද්දේ දී ඔහු ජුදාහි රජු වූ ජෙහෝයාකින්ට අනුකම්පා කොට හිරගෙයින් නිදහස් කෙළේ ය. මෙය සිදු වූයේ ජුදාහි රජු වූ ජෙහෝයාකින් ගෙනයනු ලැබූ තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිපස් වන දා ය.
32
එවිල්-මෙරොදක් රජ ජෙහෝයාකින්ට කරුණාවෙන් කතා කොට, බබිලෝනියේ ඔහු සමඟ සිටි රජවරුන්ට වඩා උසස් ස්ථානයක් ඔහුට දුන්නේ ය.
33
එබැවින් ජෙහෝයාකින්ට ඔහුගේ හිරඇඳුම් මාරුකරගෙන, ඔහුගේ ජීවිතාන්තය දක්වා, එවිල්-මෙරොදක් රජු සමඟ නිතර ම මේසයේ එකට කන්නට අවසර ලැබුණේ ය.
34
ඔහුගේ කෑම කොටස බබිලෝනියේ රජු වෙතින් නියම ලෙස දවස් පතා ම ජීවිතයේ මුළු කාලය තුළ ඔහුගේ මරණය දක්වා ඔහුට දෙන ලද්දේ ය.
← Chapter 51
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52