bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Jeremiah 25
Jeremiah 25
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 26 →
1
ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය.
2
දිවැසිවර ජෙරමියා ඒ පණිවුඩය ජුදාහි මුළු සෙනඟටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් මෙසේ ප්‍රකාශ කෙළේ ය:
3
“ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.
4
තවද, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු සේවකයන් වූ දිවැසිවරුන් නිරන්තරයෙන් ඔබ වෙත එවූ නමුත්, ඔබ ඔවුන්ට සවන් දුන්නේ වත්, ඔවුන් කී දේ සිතට ගත්තේ වත් නැත.
5
ඔව්හු ඔබ අමතා, ‘සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයට ම දුන් දේශයෙහි ඔබ වාසය කරන පිණිස ඔබ හැම දෙනා ම ඔබේ අධම ජීවිතයෙන් ද නපුරු ක්‍රියාවලින් ද හැරී ආ යුතු ය’යි ද
6
‘අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකරන්න. ඔවුන්ට නමස්කාර නොකරන්න; ඔබේ අත්වලින් සාදාගත් දේව රූප නැමදීමෙන් දෙවියන් වහන්සේ ප්‍රකෝප නොකරන්න. එවිට මම නුඹලාට අනතුරක් නොකරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි ද කී හ.
7
‘එහෙත්, නුඹලා මට සවන් නොදී, ඒ වෙනුවට නුඹලාගේ අත්වලින් තනාගත් රූප කරණකොටගෙන මා කෝප කරවා, නුඹලා ම තමන් පිට මේ දඬුවම පමුණුවා ගත්තහු ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
8
“ඔබ සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් නොදෙන නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
9
මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.
10
ඇරත් මම ඔවුන්ගේ ප්‍රීති ප්රමෝදයේ හඬ ද මනාලයා හා මනාලියගේ හඬ ද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළිය ද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි.
11
මේ මුළු දේශය විනාශ වී නටබුන් ගොඩක් වන්නේ ය. මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවය කරන්නෝ ය.
12
තවද, සැත්තෑ අවුරුද්දක් ගත වූ පසු, බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත් ඔවුන්ගේ අයුතුකම් නිසා මම දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
13
මා ඒ දේශයට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු දේ එනම්, මේ පොතේ සඳහන් කර ඇති, ජෙරමියා කී සියලු දේ ඒ දේශය පිට පමුණුවන්නෙමි.
14
බොහෝ ජාතීහු ද බලසම්පන්න රජවරු ද ඔවුන් වහල්කමට ගන්නෝ ය. මම ද ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන්නෙමි.”
15
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “කෝපය නමැති මිදියුස කුසලාන නුඹ මාගේ අතින් රැගෙන මා නුඹ පිටත් කර යවන සියලු ජාතීන්ට එයින් පොවන්න.
16
ඔව්හු එයින් බී වැනි වැනී ගමන් කරන්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන යුද්ධය නිසා, ඔව්හු උමතු වන්නෝ ය”යි වදාළ සේක.
17
එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි.
18
එයින් ජෙරුසලමේ සහ ජුදා නගරවල රජවරුන් ද අධිපතීන් ද අද පවා දකින්නට ලැබෙන ලෙස පාළුවට හා විනාශයට ද සාපයට හා සරදමට ද භාජන වනු ඇත. සිදු වී ඇති දේ අද දක්වා දක්නට ඇත.
19
මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සේවකයන්ටත්, අධිපතීන්ටත්, ඔහුගේ මුළු සෙනඟටත්,
20
අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්,
21
ඒදොම් සහ මෝවබ්ටත්, අම්මොන් පුත්‍රයන්ටත්,
22
තීර්හි හා සීදොන්හි සියලු රජුන්ටත්, මුහුදුබඩ පළාත්වල රජවරුන්ටත්,
23
දෙදාන්, තෙමාන් හා බුස් යන නගරවලටත්, තමන්ගේ ඉසකේ කොටට කපන සියල්ලන්ටත්,
24
අරාබියේ සියලු රජවරුන්ටත්, කාන්තාරයෙහි වාසය කරන අන් ජාතික සියලු රජවරුන්ටත්,
25
සිම්රිහි, ඒලාම්හි සහ මේදියාවේ සියලු රජුන්ටත්,
26
එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත.
27
එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ඔවුන්ට කතා කොට, ‘නුඹලා බීමත් වී වමනය කොට, මා විසින් නුඹලා අතරට එවනු ලබන යුද්ධය නිසා වැටී නොනැඟිට සිටින්නැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න.
28
එවිට ඔව්හු බොන පිණිස නුඹේ අතින් කුසලාන ගන්නට අකමැති වන්නෝ නම්, ‘ඔවුන් බොන්නට ම ඕනෑ යයි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න.
29
‘මෙන්න මාගේ නාමය තබා තිබෙන නගරයට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම්, නුඹලා දඬුවම් නොලැබ සිටිනු ඇතැ යි නුඹ සිතන්නෙහි ද? නැත. පොළොවේ සියලු වැසියන්ට විරුද්ධ ව මා යුද්ධයක් හටගන්වන නිසා නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නෝ ය. මෙසේ පවසන්නේ, සියලු බලැති ස්වාමීන් වන මම ය.
30
“ජෙරමියා, මා නුඹට කී සියලු දේ නුඹ ඔවුන්ට ප්‍රකාශ කළ යුතු ය. ඔවුන්ට මෙසේ දිවැස් වැකි කියන්න: ‘සමිඳාණන් වහන්සේ උසස් ස්ථානයේ සිට ගර්ජනා කොට, තමන්ගේ ශුද්ධ වාසස්ථානයේ සිට හඬ නඟන සේක. උන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව බලවත් ලෙස ගර්ජනා කරන සේක. මුද්‍රික පල මඬින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධ ව ඝෝෂාවක් කරන සේක;
31
මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’
32
“ ‘ජාතියක් ජාතියක් පාසා විපතට පැමිණෙන්නේ ය’යි ද ‘ඉමහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නඟින්නේ ය’යි ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
33
සමිඳාණන් වහන්සේ විසින් මරනු ලබන අය ඒ දවසේ දී පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත. ඔවුන් ගැන වැලපෙන්නට කිසිවෙක් නොවෙති; වළලනු පිණිස ඔවුන්ගේ මළ සිරුරු රැගෙන යාමට කිසිවෙක් නොසිටිති. ඒවා භූමිය මතු පිට කසළ මෙන් විසිරී තිබෙනු ඇත.
34
“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.
35
නායකයන්ට රැකවරණය සොයන්නට වත්, පලා යන්නට වත්, ප්‍රධානීන්ට ගැළවී යන්නට වත් නොලැබෙන්නේ ය.
36
නායකයන්ගේ කෑ මොරගැසීම ද සෙනඟගේ ප්‍රධානීන්ගේ හැඬීම ද ඇසෙන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ දේශය විනාශ කර ඇත.
37
සාමයෙන් පැවති ඔවුන්ගේ දේශය සමිඳාණන් වහන්සේගේ කෝපය කරණකොටගෙන විනාශයට පත් වී ඇත.
38
සිංහයා සිය ගුහාව අත්හැර යන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ සිය දේශය අත්හැරදමන සේක. භයානක යුද්ධය නිසා ද සමිඳාණන් වහන්සේගේ දැඩි කෝපය නිසා ද ඔවුන්ගේ දේශය පාළුකරයක් වී ඇත.”
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 26 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52