bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Proverbs 16
Proverbs 16
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 17 →
1
සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය; අවසන් තීරණය සමිඳුන් වෙත ය.
2
තම ක්රියාවලිය හරි යයි මිනිසා සිතයි; එහෙත් සමිඳාණෝ ඔහුගේ ඇතුළාන්තය විමසන සේක.
3
ඔබේ ක්රියාවලිය සමිඳුන් හට කැප කරන්න; එවිට ඔබේ අරමුණු ඉටු වනු ඇත.
4
සමිඳුන් මැවූ හැම දෙයට ම ඉරණමක් ඇත; දුදනන්ගේ ඉරණම විනාශය වේ.
5
උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි. ඔවුන්ට දඬුවම සිකුරු ය.
6
දෙවිඳුන් කෙරේ පක්ෂපාත ව විශ්වාසී ව සිටින්න; දෙවිතුම ඔබේ පව් කමා කරනු ඇත. සමිඳුන් කෙරේ ගරුබිය දක්වන්න, කිසි නපුරක් ඔබට නොවනු ඇත.
7
මිනිසෙකුගේ කල්ක්රියාවලට සමිඳුන් සතුටු වන විට, ඔහුගේ සතුරෝ වුවද මිතුරන් වනු ඇත.
8
වංකකමින් ලබන සැප සම්පත් රාශියට වඩා අවංකකමින් උපයන අල්පයක් වුව ද යහපත.
9
මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක.
10
රජ තෙම දෙවි අනුහසින් කතා කරයි. එබැවින් ඔහුගේ තීරණ නිවැරදි ය.
11
තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.
12
පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය.
13
අවංක කතාබහ රාජ ප්රසාදය දිනයි; ඇත්ත පවසන අයට රජවරු ප්රසන්න ය.
14
රජුගේ උදහස මාර දූතයෙකු වැන්න, නැණවතා ඒ උදහස සංසිඳුවයි.
15
රජුගේ මුහුණේ බැබළෙන එළියෙහි ජීවනය ඇත; රාජ ප්රසාදය වසන්තයේ වැහි වලාකුළක් වැන්න.
16
රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්රසන්න ය.
17
නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්රියා මාර්ග ගැන ප්රවේසම් වී දිවි රැකගන්න.
18
විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.
19
උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත.
20
දෙව් වදන් සලකන අයට සව් සැපත ද සමිඳුන් අදහන අයට වාසනාව ද ඇත.
21
සිතෙහි ප්රඥාව ඇත්තා නැණවතෙකි; සිය මියුරු බසින් අන් අය නම්මා ගනියි.
22
නුවණැත්තාගේ ප්රඥාව ඔහුට ජීවන උල්පතකි. එහෙත් අනුවණයාට ඉගැන්වීමෙන් වැඩක් නැත.
23
නැණවතා කතාවට පෙර සිතා බලයි; ඔහු පවසන දෙයින් දැනුම දියුණු වෙයි.
24
ප්රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය,
25
මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය.
26
සාගින්න කම්කරුවා වැඩට යවයි; සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි.
27
දුදනා නපුරු කටකතා පතුරුවයි: ඔහුගේ දිව, දැවෙන ගින්නකි.
28
කලහකාරී අය වාද භේද පතුරුවති; කේළාම් කියන්නෝ මිතුරුදම් බිඳලති.
29
දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති.
30
දෙතොල තද කරගන්නා විපත ගෙන දෙයි; ඇස් කොණකින් ඉඟි කරන්නා නපුර සිතයි.
31
පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි.
32
ඉවසීම, බලතලවලට වඩා ප්රශස්ත ය; ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේ ය.
33
තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ; තීරණය දෙන්නේ සමිඳාණෝ ය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31