bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Proverbs 23
Proverbs 23
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 24 →
1
ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න.
2
ඔබ කෑදර නම් කෑදරකම දමනය කරගන්න.
3
ඔහුගේ රසවත් කෑමට ගිජු නොවන්න, මෙය ඔබ රැවටීමේ උපායක් වන්නට බැරි නැත.
4
පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.
5
වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.
6
මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න. ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.
7
“තව බෙදාගන්න, හොඳට කන්නැ”යි ඔහු කියතත්, ඔහුගේ සිත අවංක නැත.
8
එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත. ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත.
9
අනුවණයාට නුවණින් කතා කිරීමෙන් වැඩක් නැත; ඔබේ කීම්වල අගය තේරුම්ගන්න ඔහු අපොහොසත් ය.
10
පැරණි මායිම් ගල් කිසි දා වෙනස් නොකරන්න; අනාථයන්ගේ වතුපිටි අල්ලා නොගන්න.
11
මන්ද, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න ය; එතුමාණන් උසාවියේ දී ඔබට විරුද්ධ ව පෙනී සිටිනු ඇත.
12
ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්‍රඥාවට ද යොමු කරන්න.
13
දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.
14
කෝටුවෙන් ඔහුට තළන්න, එයින් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.
15
මාගේ පුත්‍රය, ඔබ නැණවතෙකු වුණොත් මටත් කොතරම් ප්‍රීතියක් ද?
16
ඔබ නැණවත් දේ පවසන විට මාගේ හදවත පිනා යයි.
17
පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.
18
එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.
19
මාගේ පුත්‍රය, ම වදන් අසා නැණවත් වන්න; හරි මඟ ගමන් කරන්න.
20
සුරා සොඬුන් ද මස් මාංසයට කෑදර වූවන් ද ඇසුරු නොකරන්න.
21
මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.
22
ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න; මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.
23
සත්‍යය ද ප්‍රඥාව ද උගත්කම ද නැණනුවණ ද මිල දී ගන්න, ගත් පසු, ඒවා කිසි ම දාක නොවිකුණන්න.
24
දැහැමි පුතෙකුගෙන් පියාට ප්‍රීතිය ඇත; නැණවත් පුතෙකු ඇති පියා සතුටින් පිනා යයි.
25
ඔබේ පියාට ද මවට ද ආඩම්බරයක් වන්න; ඔබගේ වැදූ මවට ඒ ප්‍රීතිය දෙන්න.
26
මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.
27
වෙසඟන ගැඹුරු වළකි; සලෙලු ලිය පටු ළිඳකි.
28
මොවුහු හොරුන් මෙන් සැඟවී බලා සිටිති, බොහෝ දෙන පරදාර සේවනයට පොළඹවති.
29
දුක කාට ද? කාලකණ්ණිකම කාට ද? අඬදබර කාට ද? මැසිවිලි කාට ද? නිකරුණේ තුවාළ කාට ද? රතු ඇස් කාට ද?
30
සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය. තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.
31
මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න.
32
අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි; පොළඟෙකු මෙන් දෂ්ට කරයි.
33
එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි.
34
එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.
35
එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත: “ ‘ඔවුන් මට පහර දෙන්නට ඇත, නමුත් මට රිදුණේ නැත. ඔවුන් මට ගසන්නට ඇත, නමුත් මට දැනුණේ නැත. කොයි වේලේ මා අවදි වේ ද? එවිට මම තව උගුරක් බොමි.’ ”
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31