bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Proverbs 27
Proverbs 27
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 28 →
1
“අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න.
2
අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා; අමුත්තෝ වුව ද ඔබට ප්‍රශංසා කරත් වා, එහෙත් ඔබ ඔබට ම ප්‍රශංසා කර නොගන්න.
3
ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.
4
කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?
5
කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය.
6
මිතුරාගෙන් වන රිදුම හිතවත්කමේ ලකුණකි. සතුරාගෙන් ලැබෙන සිඹීම විපතේ පෙර නිමිත්තකි.
7
කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ.
8
සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය.
9
සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි; හිරිහැර, කරදර සිත දෙදරවයි.
10
ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න. විපතේ දී නෑයින් වෙත නොයන්න. ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය.
11
මාගේ පුත්‍රය, මට ගරහන අයට උත්තර දෙන පිණිස නැණවත් ව ම සිතට සතුට දෙන්න.
12
නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි; අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි.
13
අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න, එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.
14
ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.
15
කලහකාරී කතගේ කන්දොස්කිරියාව නොනැවතී වසින වැස්සක් වැන්න.
16
ඇය නැවැත්වීමට තැත් කිරීම සුළඟ අල්ලාගැනීම වැනි ය. තෙල් අහුරක් ගැනීම වැනි ය.
17
යකඩින් යකඩ මුවහත් වෙයි; එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි.
18
අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි; තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි.
19
වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය; සිතෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම චරිතය ය.
20
පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි; මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි.
21
රිදී, කෝවයෙන් දැනගනිති; රන්, ගිනි උදුනෙන් දැනගනිති; මිනිසා, පැසසුමෙන් දැනගනිති.
22
මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද?
23
ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න; ඔබේ ගව රැළට මුළු සිත දෙන්න.
24
ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.
25
තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි. කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි.
26
ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත.
27
ඔබේ ද ඔබේ ගෙයි වැසියන්ගේ ද කෑම පිණිසත්, ඔබේ සේවිකාවන්ගේ නඩත්තුව පිණිසත්, සෑහෙන තරම් එළු කිරි ලැබෙනු ඇත.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31