bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
Proverbs 3
Proverbs 3
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 4 →
1
මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපනත් ඔබ හද තුළ රැකගන්න.
2
එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය.
3
පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.
4
එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය.
5
හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න.
6
හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.
7
ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න.
8
එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.
9
ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න.
10
එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.
11
මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න. එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න.
12
පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක.
13
ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත!
14
එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය.
15
ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය.
16
දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය,
17
ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය; ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි.
18
ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත!
19
සමිඳාණෝ ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූ සේක. බුද්ධියෙන් අහස් මණ්ඩලය පිහිටෙවූ සේක.
20
එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය; වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත.
21
මාගේ පුත්‍රය, විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු කරගන්න. ඒවා ඔබ කෙරෙන් පහ ව යන්න ඉඩ නොදෙන්න.
22
ඒවා ඔබට ජීවනය ද ඔබේ ගෙලට ආභරණයක් ද වනු ඇත.
23
එවිට ඔබේ දෙපා නොපැකිළ, ඔබ සුව සේ ජීවන මඟ යනු ඇත;
24
සැතපෙන කල ඔබට බියක් නැත; ඔබේ නින්ද සැපදායක වනු ඇත.
25
හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.
26
සමිඳාණෝ ඔබ සුරක්නා සේක; ඔබේ දෙපා උගුලට අසු නොවන සේ රක්නා සේක.
27
ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න.
28
හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න.
29
ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී, ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න.
30
ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.
31
සාහසිකයෙකු ආදර්ශයට නොගන්න; ඔවුන් අනුගමනය නොකරන්න;
32
වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි; එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය.
33
දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත; සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.
34
නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක; යටහත් අයට ප්‍රසාදය දක්වන සේක.
35
නැණවතුන් හට කීර්තිය උරුම වේ; නැණ හීනයන් හට අපකීර්තිය හිමි වේ.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31