bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Corinthians 10
1 Corinthians 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 11 →
1
මක්නිසාද සහෝදරයෙනි, අපගේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත්, සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත්,
2
සියල්ලන්ම වලාකුළෙහිද මුහුදෙහිද මෝසෙස්ට බව්තීස්මකරනු ලැබූ බවත්,
3
සියල්ලන්ම එම ආත්මික කෑම කෑ බවත්,
4
සියල්ලන්ම එම ආත්මික බීම බී බවත්, ඔබ සැම නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මක්නිසාද ඔව්හු තමුන් අනුව ගියාවූ ආත්මික පර්වතයකින් බීවෝය. ඒ පර්වතය නම් ක්‍රිස්තුස්වහන්සේය.
5
එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.
6
ඉදින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.
7
සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙන්න.
8
ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.
9
අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.
10
ඔබ සැම නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.
11
ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.
12
එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.
13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
14
එහෙයින් මාගේ ප්‍රේමවන්තයෙනි, රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න.
15
ඥානවන්තයන්ට මෙන් කථාකරමි; මා කියන දේ ඔබ සැමම විනිශ්චයකරන්න.
16
අප විසින් ආශීර්වාදකරන ආශීර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයේ සහභාගිකමක් නොවේද? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සහභාගිකමක් නොවේද?
17
කුමක්හෙයින්ද බොහෝ දෙනෙක් වූ අපි එක රොටියක්ය, එක ශරීරයක්ය. මක්නිසාද අපි සියල්ලෝ එක රොටියේ පංගුකාරයෝව සිටිමුව.
18
මාංස ප්‍රකාරවූ ඉශ්රායෙල් බලන්න. පූජාවන් කන අය පූජාසනය සමඟ සහභාගිවන්නෝ නොවෙද්ද?
19
එසේවී නම් කුමක් කියම්ද? දේවතා පිදවිල්ලක් යමක්ය කියාවත් නොහොත් දේවතාවෙක් යමක්ය කියාවත් කියම්ද?
20
නුමුත් මිත්‍යාදෘෂ්ටීන් පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ දෙවියන්වහන්සේට නොව යක්ෂයන්ටයයි කියමි. ඔබ සැම යක්ෂයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි.
21
ඔබ සැමට ස්වාමීන්වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට ඔබ සැමට නුපුළුවන.
22
නොහොත් අපි ස්වාමීන්වහන්සේ උදහස්කරමුද? අපි උන්වහන්සේට වඩා බලවත්ද?
23
සියලු දේ ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ.
24
කිසිවෙක් තමාගේම කාරණා නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා.
25
මස්කඩේ විකුණන කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා කන්න; මක්නිසාද පොළොවත් එහි සම්පූර්ණකමත් ස්වාමීන්වහන්සේගේය.
26
නොඅදහන්නන්ගෙන් යමෙක් ඔබ සැම කෑමට කැඳෙවු කල ඔබ සැම යන්ට කැමති නම්,
27
ඔබ සැම ඉදිරියෙහි තබනලද කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා, කන්න.
28
නුමුත්: මේක දේවතා පිදවිල්ලක්යයි යමෙක් ඔබ සැමට කීවොත්, දැන්වූ තැනැත්තා නිසාත් හෘදයසාක්ෂිය නිසාත් නොකා සිටින්න.
29
හෘදයසාක්ෂිය නිසායයි මා කියන්නේ ඔබේම හෘදයසාක්ෂිය ගැන නොව අනික් අයගේ හෘදයසාක්ෂිය ගැනය; මාගේ නිදහස්කම අන් කෙනෙකුගේ හෘදයසාක්ෂියේ හැටියට විනිශ්චයකරන්නේ මන්ද?
30
මම ස්තුති දීමෙන් කන්නෙම් නම්, මා ස්තුති දෙන්නාවූ ඒ දේ ගැන මක්නිසා අපහාසකරනු ලබම්ද?
31
එහෙයින් ඔබ සැම කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.
32
මම මාගේම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙක් ගැළවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කරම්ද,
33
එසේම ඔබ සැමත් යුදෙව්වරුන්ටවත් ග්‍රීක්වරුන්ටවත් දෙවියන්වහන්සේගේ සභාවටවත් බාධා හේතු නොවී සිටින්න.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16