bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Corinthians 4
1 Corinthians 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
1
මනුෂ්‍යයෝ අප ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයන් මෙන්ද දෙවියන්වහන්සේගේ රහස්වල ගබඩාකාරයන් මෙන්ද ගණන්ගනිත්වා.
2
ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.
3
නුමුත් ඔබ සැම විසින්වත් මනුෂ්‍ය විනිශ්චයෙන්වත් මා විනිශ්චයකරනු ලැබීම මට ඉතා සුළු දෙයක්ය. එසේය, මමම මා විනිශ්චය නොකරමි.
4
මක්නිසාද මට විරුද්ධව කිසිවක් ඇති බව නොදනිමි; නුමුත් ඒ නිසාම නිදොස් නොවෙමි. මා විනිශ්චයකරන්නේ ස්වාමීන්වහන්සේය.
5
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
6
ඉතින්, සහෝදරයෙනි, ඔබ සැම උදෙසා මේ දේ උපමාවකින් අපොල්ලොස්ටත් මටත් අදාළකොට කීමි. එසේ කරන්නේ ලියා තිබෙන දේ ඉක්මවා නොයන්ට ඔබ සැම අපෙන් ඉගෙනගන්නා පිණිසත් ඔබ සැමගෙන් කවරෙක්වත් එක්කෙනෙකු උදෙසා අනිකෙකුට විරුද්ධව උඩඟු නොවන පිණිසත්ය.
7
මක්නිසාද ඔබට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? ඔබට ලැබුණ දේ හැර ඔබට ඇත්තේ කිමෙක්ද? ඉදින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?
8
දැනටම ඔබ සැම පූර්ණව සිටින්නහුය. දැනටම ඔබ සැම ධනවන්තව සිටින්නහුය, අප නැතුව ඔබ සැම රජකම්කළහුය. එසේය, ඔබ සැම සමඟ අපත් රජකම්කරන පිණිස ඔබ සැම රජකම්කරවු නම් කැමැත්තෙමි.
9
මක්නිසාද ප්‍රේරිතවූ අප මරණයට නියමකරනලද්දන් මෙන් අන්තිමයන් කොට දෙවියන්වහන්සේ දැක්වූසේකැයි සිතමි. මක්නිසාද, අපි ලෝකයටත් දේවදූතයන්ටත් මනුෂ්‍යයන්ටත් ප්‍රදර්ශනයක් කරනු ලබමුව.
10
අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා මෝඩයෝය, නුමුත් ඔබ සැම ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවන්තයෝය; අපි දුර්වලය, නුමුත් ඔබ සැම ශක්තිමත්ය; ඔබ සැමට ගෞරවය ඇත්තේය, නුමුත් අපට ඇත්තේ අගෞරවයය.
11
මේ පැය දක්වාම ශුධාවද පිපාසායද විඳ, වස්ත්‍ර නැතුව, පහර ලැබ, නියම වාසස්ථානයක් නැතුව සිටිමුව.
12
අපේම අත්වලින් වැඩකරමින් වෙහෙසෙමුව. නින්දා ලබන කල අපි ආශීර්වාදකරමුව; පීඩා ලබන කල අපි ඉවසමුව;
13
අපකීර්තිය ලබන කල අපි අවවාද දෙමුව. මේ දක්වාම ලෝකයේ කුණු මෙන්ද සියලු දේවල කසළ මෙන්ද වී සිටිමුව.
14
මා විසින් මේ දේ ලියන්නේ ඔබ සැම ලජ්ජාවට පමුණුවන පිණිස නොව, මාගේ ප්‍රිය දරුවන්ට මෙන් ඔබ සැමට අවවාදකරන පිණිසය.
15
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සැමට දසදහසක් ගුරුවරු ඇතත් ඔබ සැමට බොහෝ පියවරු නැත. මක්නිසාද ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම ඔබ සැම ජනිතකෙළෙමි.
16
එහෙයින් ඔබ සැම මා ආදර්ශයට ගන්නන් වන ලෙස ඔබ සැමගෙන් ඉල්ලමි.
17
මේ පිණිස, ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ විශ්වාස දරුවාවූ තිමෝතියස් ඔබ සැම ළඟට එවීමි. මා සියලු තැන්වල සියලු සභාවලදී උගන්වන ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ මාගේ මාර්ගයන් ඔහු ඔබ සැමට සිහිකරවනවා ඇත.
18
නුමුත් මා ඔබ සැම ළඟට එන්නේ නැත කියා සමහරු උඩඟුව සිටිති.
19
නුමුත් ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම් මම ඔබ සැම ළඟට වහාම ඇවිත්, උඩඟුවූවන්ගේ කථාව නොව ඔවුන්ගේ බලය දැනගන්නෙමි.
20
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය (ප්රකාශවන්නේ) කථාවෙන් නොව බලයෙන්ය.
21
ඔබ සැම කැමති කොයි එකටද? මා ඔබ සැම ළඟට ඉපලක් රැගෙන එනවාටද? නැතහොත් ප්රේමෙයනුත් මෘදුකමේ ආත්මෙයනුත් යුක්තව එනවාටද?
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16