bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Corinthians 16
1 Corinthians 16
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
1
ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස ඔබ සැමත් කරන්න.
2
මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා ඔබ සැමගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.
3
මා ආවාම ඔබ සැම දෙන දේ යෙරුසලමට ගෙනයන පිණිස සුදුස්සෝයයි ඔබ සැම සිතන තැනැත්තන් ලියුම් ඇතුව යවන්නෙමි.
4
මාත් යෑම යෝග්‍ය නම් ඔවුන් කැඳවාගන යන්නෙමි.
5
මම මකිදෝනිය මැදින් ගිය පසු ඔබ සැම ළඟට එන්නෙමි; මක්නිසාද මකිදෝනිය මැදින් යමි.
6
මා යන කොයි දිශාවට නුමුත් මාගේ ගමනෙහි ඔබ සැම මා යවන පිණිස, ඔබ සැම සමඟ කලක් නවතින්නෙමි. නොහොත් ශීත කාලය ගතකරන්නෙමි.
7
මා දැන් යන ගමෙන්දී ඔබ සැම දකින්ට නොකැමැත්තෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ අවසර දෙනසේක් නම්, ඔබ සැම සමඟ කලක් සිටින්ට බලාපොරොත්තුවෙමි.
8
නුමුත් පෙන්තකොස්තය වෙන තුරු එපීසයෙහි නවතින්නෙමි;
9
මක්නිසාද මහත්වූ බලවත්වූ දොරක් මට ඇර තිබේ, බොහෝ විරුද්ධකාරයෝද සිටිති.
10
තිමෝතියස් ආවොත් ඔහු භය නැතුව ඔබ සැම අතරෙහි සිටින හැටියට බලාගන්න; මක්නිසාද මා වාගේම ඔහුත් ස්වාමීන්වහන්සේගේ වැඩය කරන්නේය.
11
එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි.
12
සහෝදරවූ අපොල්ලොස් ගැන නම්, සහෝදරයන් සමඟ ඔබ සැම ළඟට යන ලෙස මම ඔහුගෙන් බොහෝකොට ඉල්ලමි. නුමුත් දැන්ම යෑම කිසිසේත් ඔහුගේ කැමැත්ත නොවේ; අවකාශ ලැබුණු විටක ඔහු එනවා ඇත.
13
අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.
14
ඔබ සැම කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.
15
සහෝදරයෙනි, ස්තේපනස්ගේ ගෙයි වැසියන් අකායෙහි ප්‍රථම ඵල බවද ඔවුන් ශුද්ධවන්තයන්ගේ සේවයට භාරවුණ බවද ඔබ සැම දනීහුය.
16
ඔබ සැමත් එවැනි අයටද වැඩට හවුල්වෙමින් වීර්යකරන්නාවූ සියල්ලන්ටද යටත්ව සිටින ලෙස ඔබ සැමගෙන් ඉල්ලමි.
17
ස්තේපනස්ගේද පොර්තුනාතුස්ගේද ආකායිකස්ගේද ඊම ගැන ප්‍රීතිවෙමි. ඔබ සැම නැති පාඩුව ඔව්හු පිරිමැසුවෝය.
18
මක්නිසාද ඔව්හු මාගෙත් ඔබ සැමගෙත් ආත්ම ප්‍රාණවත්කළෝය. එබැවින් එබඳු අය සලකන්න.
19
ආසියාවේ සභාවෝ ඔබ සැමට ආචාර කරති. අකිලාද ප්‍රිස්කාද ඔවුන්ගේ ගෙදර තිබෙන සභාව සමඟ ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට බොහෝසෙයින් ආචාරකරති.
20
සියලු සහෝදරයෝ ඔබ සැමට ආචාරකරති. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
21
පාවුල් නම්වූ මාගේම අතින් ලියන මාගේ ආචාරකිරීමය.
22
යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.
23
ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය ඔබ සැම සමඟ වේවා.
24
මාගේ ප්‍රේමය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැම සියල්ලන් සමඟ වේවා. ආමෙන්.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16