bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Corinthians 11
1 Corinthians 11
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
1
මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් ඔබ සැම මා ආදර්ශයට ගන්න.
2
ඉතින් ඔබ සැම සියල්ලෙහිදී මා සිහිකර, මා විසින් ඔබ සැමට භාරදුන් නියෝග භාරදුන් හැටියට පවත්වන නිසා ඔබ සැමට ප්‍රශංසාකරමි.
3
නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද ඔබ සැම දැනගන්නවාට කැමැත්තෙමි.
4
හිස වසාගෙන යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ පුරුෂයා තමාගේ හිසට අගෞරවකරයි.
5
නුමුත් හිස නොවසා යාච්ඤාකරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය.
6
මක්නිසාද ස්ත්‍රියෙක් හිස වසා නොගනිතොත් හිසකේ කපාගනීවා. නුමුත් ස්ත්‍රියකට හිසකේ කැපීමවත් මුඩුකිරීමවත් ලජ්ජාවක්නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා.
7
පුරුෂයා දෙවියන්වහන්සේගේ රූපයද ගෞරවයද බැවින් ඔහුට නම් හිසවසන්ට කිසිසේත් යුතු නැත. නුමුත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවයය.
8
මක්නිසාද පුරුෂයා ස්ත්‍රියගෙන් නොව, ස්ත්‍රිය පුරුෂයාගෙන්ය.
9
තවද පුරුෂයා ස්ත්‍රිය නිසා නොව ස්ත්‍රිය පුරුෂයා නිසා මවනලද්දීය.
10
එහෙයින් දේවදූතයන් නිසා බලයට යටත්වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්ට ස්ත්‍රීට යුතුය.
11
ඒ කෙසේවී නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පුරුෂයා නැතුව ස්ත්‍රියවත් ස්ත්‍රිය නැතුව පුරුෂයාවත් නැත.
12
මක්නිසාද ස්ත්‍රී පුරුෂයාගෙන් වුණාක්මෙන් පුරුෂයාත් ස්ත්‍රිය කරණකොටගෙන වන්නේය; නුමුත් සියල්ල දෙවියන්වහන්සේගෙන්ය.
13
හිස නොවසා දෙවියන්වහන්සේට යාච්ඤාකරන්ට ස්ත්‍රියකට හොබනේද කියා ඔබ සැම තුළම විනිශ්චයකරන්න.
14
පුරුෂයෙකුට දික්වූ හිසකේ තිබේ නම් ඒක ඔහුට අගෞරවයක් බව ස්වාභාවධර්මයෙන්ම ඔබ සැම ඉගෙනගන්නවා නොවේද?
15
නුමුත් ස්ත්‍රියකට දික්වූ හිසකේ ඇත්නම් එය ඈට ගෞරවයක්ය. මක්නිසාද ඇගේ හිසකේ වැස්මක් කොට ඈට දී තිබේ.
16
එහෙත් යමෙක් (ඒ ගැන) වාදකරන්ට කැමැත්තේ නම් අපටවත් දෙවියන්වහන්සේගේ සභාවලටවත් එයාකාර සිරිතක් නැත.
17
නුමුත් මම ඔබ සැමට මේ ආඥාව දීමේදී යහපත නොව අයහපත සිද්ධවෙන හැටියට ඔබ සැම රැස්වන නිසා ඔබ සැමට ප්‍රශංසා නොකරමි.
18
මක්නිසාද පළමුකොට ඔබ සැම සභාවෙහි රැස්වන කල, ඔබ සැම අතරෙහි භේද තිබෙන බව මට ආරංචිය; එය තරමක් දුරට විශ්වාස කරමි.
19
මක්නිසාද ඔබ සැම අතරෙහි විශ්වාසවූ අයවල් ප්රකාශවන පිණිස ලබ්ධි භේදත් ඔබ සැම අතරෙහි තිබෙන්ට ඕනෑය.
20
ඉතින් ඔබ සැම එකට රැස්වන කල්හි ස්වාමීන්වහන්සේගේ රාත්‍රි භෝජනය කෑමක් නම් නැත.
21
මක්නිසාද ඔබ සැම කන විට, එකිනෙකා තම තමාගේම කෑම අනික් කෙනෙකුට ප්‍රථමයෙන් කන්නේය; මෙසේ එක්කෙනෙක් බඩගිනිව ඉන්නේය, තවත් කෙනෙක් මත්වන්නේය.
22
කිමෙක්ද? කන්ටත් බොන්ටත් ඔබ සැමට ගෙවල් නැද්ද? නොහොත් ඔබ සැම දෙවියන්වහන්සේගේ සභාව සුළුකොට කිසිවක් නැත්තන් ලජ්ජාවට පමුණුවවුද? ඔබ සැමට මක්කියම්ද? මේ ගැන ඔබ සැමට ප්‍රශංසාකරම්ද? ප්‍රශංසා නොකරමි.
23
මක්නිසාද මම ඔබ සැමට භාරදුන් දේ ස්වාමීන්වහන්සේගෙන් ලැබීමි, එනම් ස්වාමීවූ යේසුස්වහන්සේ පාවාදෙනු ලැබූ රාත්රියේදී උන්වහන්සේ රොටි රැගෙන,
24
ස්තුතිකොට, කඩා: මේක ඔබ සැම උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
25
එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානත් දී: මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර ඔබ සැම මෙයින් බොන්නහුද, එපමණ වර මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
26
මක්නිසාද, ඔබ සැම යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන්වහන්සේ එන තුරු ඔබ සැම උන්වහන්සේගේ මරණය ප්‍රකාශකරන්නහුය.
27
එහෙයින් නුසුදුසුලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමීන්වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.
28
නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ,
29
ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නාවූ බොන්නාවූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම්, ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය, බොන්නේය.
30
ඉන්නිසා ඔබ සැම අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති, බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙති.
31
අපි අපම විමසමු නම්, අප විනිශ්චයකරනු ලබන්නේ නැත.
32
නුමුත් අප විනිශ්චයකරනු ලබන කල ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ස්වාමීන්වහන්සේගෙන් දඬුවම් ලබමුව.
33
එබැවින්, මාගේ සහෝදරයෙනි, කන්ට ඔබ සැම රැස්වෙන කල එකිනෙකා ගැන බලා සිටින්න.
34
යමෙකුට බඩගිනි ඇත්නම් ඔබ සැමගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ, මා ආ විටකදී අනික් කාරණා හරිගස්සන්නෙමි.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16