bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ecclesiastes 10
Ecclesiastes 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 11 →
1
මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.
2
ප්‍රඥාවන්තයාගේ හෘදය ඔහුගේ දකුණු පැත්තෙහි තිබේ; නුමුත් අඥානයාගේ හෘදය ඔහුගේ වම් පැත්තෙහිය.
3
එසේය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ සිහිය මදිවී, තමා මෝඩයෙක්යයි සියල්ලන්ට කියන්නේය.
4
ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධව ඇවිස්සුණොත්, ඔබේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.
5
අධිපතියා ඉදිරියෙන් නික්මෙන වැරැද්දක් වන ඉර යට කෙරෙන නරකක් දුටිමි.
6
එනම්, අඥානකම බොහෝ උසස් ස්ථානවල පිහිටුවා තිබියදී, උත්තමයන් පහත් තැන ඉන්න බවය.
7
වැඩකාරයන් අශ්වයන් පිට යනවාත් අධිපතීන් වැඩකාරයන් මෙන් පයින් යනවාත් දුටිමි.
8
වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි.
9
ගල් කපන්නාට එයින් තුවාලවෙයි; ලී පළන්නාට එයින් අන්තරාය සිදුවෙයි.
10
යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි.
11
මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත.
12
ප්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥානයාගේ තොල් ඔහු විනාශකරයි.
13
ඔහුගේ මුඛයේ වචනවල පටන්ගැන්ම අඥානකමය. ඔහුගේ කථාවේ තීන්දුවද අන්තරාදායක මෝඩකමය.
14
අඥානයා වචන වැඩිකරයි. මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි; ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද?
15
අඥානයන්ගේ වැඩ හැමදෙනාටම වෙහෙසක් වන්නේය, මක්නිසාද ඔහු නුවරට යන්ටවත් දන්නේ නැත.
16
එම්බා දේශය, ඔබේ රජ බාලයෙක්ව සිටින විටද, ඔබේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, ඔබට දුක් වේ!
17
එම්බා දේශය, ඔබේ රජ වංශවත් දරුවෙක් වන විටද, ඔබේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වේලාවට කෑම කන විටද, ඔබ වාසනාවන්තය!
18
කම්මැළිකම නිසා වහල දිරා වැටෙන්නේය; අත්වල අලසකම නිසා ගෙය තෙමෙන්නේය.
19
සිනාසීම පිණිස භෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලු දේ ඉෂ්ටවෙයි.
20
ඔබේ සිතෙන්වත් රජුට දෙස් නොකියන්න; ඔබේ සැතපෙන ගෙයිදීවත් වස්තුකාරයන්ට දෙස් නොකියන්න. මක්නිසාද ආකාශයේ පක්ෂියෙක් ඒ හඬ ගෙනයනවා ඇත, පියාපත් ඇති සතෙක්ද කාරණය දන්නවා ඇත.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12