bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ecclesiastes 4
Ecclesiastes 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 5 →
1
නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.
2
එබැවින් තවම ජීවත්ව සිටින්නන්ට වඩා මැරී ගියාවූ අයගේ ස්වභාව යෙහෙකැයි කීයෙමි.
3
එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවාවූ, තවම නූපන්නාවූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.
4
තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
5
අඥානයා තමාගේ අත් පෙරවාගන, තමාගේම මාංසය කන්නේය.
6
වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉදීම හොඳය.
7
එකල මම හැරී තව නිෂ්ඵලකමක් ඉර යට තිබෙන බව දුටිමි.
8
තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.
9
එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය.
10
ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.
11
තවද දෙදෙනෙක් එක්ව සැතපුණොත් ඔවුන්ට උණුහුම ලැබෙන්නේය. නුමුත් තනි කෙනෙක් උණුහුම්වෙන්නේ කොහොමද?
12
යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.
13
දැනමුතුකම් ලබන්ට නොදන්නාවූ අඥාන මහලු රජෙකුට වඩා දුප්පත් ප්‍රඥාවන්ත යෞවනයෙක් හොඳය.
14
මක්නිසාද ඔහු රජවෙන්ට හිරගෙයින් පිටතට ආයේය; එසේය, ඔහු තමාගේ රාජ්‍යයෙහි දිළින්දෙක්ව උපන්නේය.
15
ඉර යට ඇවිදින ජීවමාන සියල්ලන්ම ඒ තැනැත්තා වෙනුවට නැගිටින ඒ යෞවනයා සමඟ සිටිනවා දුටිමි.
16
ඔහු කෙළවරක් නැති සෙනඟක් ඉදිරියෙහි සිටියේය. එහෙත් පසුව එන්නෝ ඔහු ගැන ප්‍රීති නොවන්නෝය. සැබවින් මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12