bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ecclesiastes 6
Ecclesiastes 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 7 →
1
ඉර යට මා දුටුවාවූ වරදක් තිබේ, එය මනුෂ්‍යයන් කෙරෙහි මහත් බරක්ව තිබේ.
2
මනුෂ්‍යයෙක් ආශාවෙන කොයි දෙයක්වත් ඔහුට නොලැබී නොයන හැටියට දෙවියන්වහන්සේ ඔහුට වස්තුද සම්පත්ද ගෞරවයද දෙන නුමුත්, ඒවා භුක්තිවිඳින්ට ඔහුට බලය නොදෙන බැවින්, අන්‍ය කෙනෙක් ඒවා භුක්තිවිඳින්නේය. මේක නිෂ්ඵලකමක්ය, බලවත් ආබාධයක්ය.
3
මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.
4
මක්නිසාද එය නිෂ්ඵල ලෙස පැමිණ අන්ධකාරයට යයි, ඒකේ නමද අන්ධකාරයෙන් වසනු ලබන්නේය;
5
තවද ඒක ඉර දුටුවේවත් දැනගත්තේවත් නැත; ඔහුට වඩා එයට නිශ්චලය තිබේ.
6
එසේය, ඔහු සැපය භුක්ති නොවිඳ අවුරුදු දෙදහසක් ජීවත්වෙතත්, සියල්ලන් එක තැනකට යනවා නොවේද?
7
මනුෂ්‍යයාගේ මුළු වෙහෙසීම ඔහුගේ කට උදෙසාය, එහෙත් ඔහුගේ ආශාව පූර්ණ නොවේ
8
මක්නිසාද අඥානයාට වඩා ප්‍රඥාවන්තයාට ඇති වාසිය කුමක්ද? ජීවත්වෙන්නන් ඉදිරියෙහි හැසිරෙන්ට දන්න දුප්පතාටත් ඇති වාසිය කුමක්ද?
9
සිත ආශාවෙන ඒවාට වඩා ඇස්වලට පෙනෙන ඒවා හොඳය. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
10
යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනන්වහන්සේ සමඟ විවාදකරන්ට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.
11
මක්නිසාද නිෂ්ඵලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද?
12
මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්වන්ට පුළුවන් කාටද?
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12