bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ecclesiastes 9
Ecclesiastes 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 10 →
1
මක්නිසාද මෙකී සියල්ල මාගේ සිතේ තබාගන ඒ සියල්ලද සෝදිසි කෙළෙමි; එනම් ධර්මිෂ්ඨයන්ද ප්‍රඥාවන්තයන්ද ඔවුන්ගේ ක්‍රියාද දෙවියන්වහන්සේගේ අතේ පවතින නුමුත් එයින් උන්වහන්සේගේ ප්‍රේමයවත් වෛරයවත් මනුෂ්‍යයා නොදන්නා බවය. සියල්ල ඔවුන් ඉදිරියෙහි තිබේ.
2
සියලු දේ සියල්ලන්ට ඒකාකාරයෙන් සිදුවන්නේය. ධර්මිෂ්ඨයාට සහ දුෂ්ටයාටත් යහපත් අයට සහ පවිත්‍ර අයටත් අපවිත්‍ර අයටත් පූජාකරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධවෙන්නේ එක දෙයක්ය. යහපත් මනුෂ්‍යයා සහ පව්කාරයාත් දිවුරන්නා සහ දිවුරුමට භය ඇත්තාත් ඒකාකාරය.
3
ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.
4
ජීවත්වන සියල්ලන්ට බලාපොරොත්තුවක් තිබේ. එසේය, මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය.
5
මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.
6
ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්යයාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත.
7
ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා තුෂ්ටිමත් සිතින් ඔබේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ඔබේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.
8
ඔබේ වස්ත්‍ර නිතරම සුදුව තිබේවා; ඔබේ ඉස තෙල් නැතුව නොතිබේවා.
9
ඔබේ සියලු නිෂ්ඵල දවස්වල, උන්වහන්සේ ඉර යට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල, ඔබ ප්‍රේමකරන ඔබේ භාර්යාව සමඟ ජීවිතය භුක්තිවිඳින්න. මක්නිසාද ජීවිතයෙන්ද ඉර යට ඔබ ගන්නාවූ ඔබේ වෙහෙසෙන්ද ඔබට ලැබෙන කොටස ඒකය.
10
කරන්ට ඔබේ අතට සම්බවෙන සියල්ලම ඔබේ වීර්යයෙන් කරන්න; මක්නිසාද ඔබ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
11
නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.
12
මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.
13
ඉර යට මෙයාකාර ප්‍රඥාවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය.
14
මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඇති කුඩා නුවරක්විය; මහත් රජෙක් ඊට විරුද්ධව ඇවිත්, එය වටලාගන, ඊට විරුද්ධව මහත් බලකොටු ගොඩනැඟුවේය.
15
එහි දිළිඳුවූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රඥාවෙන් ඒ නුවර ගැළෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත.
16
එවිට මම: බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳයයි කීවෙමි. එහෙත් දිළින්දාගේ ප්‍රඥාව සුළුකරනු ලැබේ, ඔහුගේ වචනද අසනු නොලැබේ.
17
අඥානයන් අතරේ ආණ්ඩුකරන්නාගේ කෑගැසීමට වඩා නිශ්චලකමෙන් කියන ප්‍රඥාවන්තයන්ගේ වචන අසනු ලැබේ.
18
යුද්ධායුධවලට වඩා ප්‍රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12