bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezra 10
Ezra 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
1
එස්රා අඬමින් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියේ වැටී ඉඳ යාච්ඤාකොට පව් කියා සිටියදී, ඉශ්රායෙල්වරුන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළමයින්ද ඉතා මහත් සමූහයක් ඔහු වෙතට රැස්වුණෝය. මක්නිසාද සෙනඟ බොහෝසෙයින්ම ඇඬුවෝය.
2
එවිට ඒලාම්ගේ පුත්‍රයෙක්වූ යෙහීයෙල්ගේ පුත්‍රවූ ෂෙකනියා එස්රාට උත්තරදෙමින්: අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකොට දේශයේ ජනයන්ගෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගතිමු. එසේ වුවත් ඉශ්රායෙල්ට මේ ගැන බලාපොරොත්තු තිබේ.
3
ඒ නිසා ඒ සියලු භාර්යාවන්ද ඔවුන්ගෙන් උපන් දරුවන්ද පහකරන ලෙස මාගේ ස්වාමිහුගේද අපේ දෙවියන්වහන්සේගේ ආඥාවට වෙවුලන්නන්ගේද දැනමුතුකමේ හැටියට අපේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් කරමු; ව්‍යවස්ථාව ලෙසද කරනු ලැබේවා. නැගිටින්න;
4
මේ කාරණය ඔබට අයිතිය, අපිත් ඔබ සමඟ සිටිමුව. බලවත්ව සිට ඒක කරන්නැයි එස්රාට කීවේය.
5
එවිට එස්රා නැගිට ඒ වචනයේ ප්‍රකාරයට කරන ලෙස පූජකයන්ගේද ලෙවීවරුන්ගේද සියලු ඉශ්‍රායෙල්වරුන්ගේද අධිපතීන් දිවුරෙවුවේය. ඔව්හු දිවුළෝය.
6
එවිට එස්රා දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියෙන් නැගිට එලියාෂීබ්ගේ පුත්‍රවූ යෙහෝහානාන්ගේ ඇතුල් ගෙට ගියේය. ඔහු එහි ගොස් කෑම නොකා වතුර නොබී සිටියේය. මක්නිසාද වාල්කමෙන් ආ අයගේ අපරාධය ගැන ඔහු වැලපුණේය.
7
එවිට යෙරුසලමට රැස්වෙන්ට කියාද, අධිපතීන්ගෙත් වැඩිමහල්ලන්ගෙත් දැනමුතුකමේ හැටියට තුන් දවසක් ඇතුළතදී යමෙක් නාවොත්,
8
ඔහුගේ සියලු දේපළ දඩයට ගන්ටත් වාල්කමෙන් ආවාවූ අයවලුන්ගේ සභාවෙන් ඔහු වෙන්කරන්ටත් වේය කියාද, වාල්කමෙන් ආ සියල්ලන්ට යුදාහි සහ යෙරුසලමෙහිත් ඔව්හු ප්‍රකාශකළෝය.
9
එවිට යුදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහෙන් වෙවුලමින් ඉඳගෙන උන්නෝය.
10
එස්රා පූජකයා නැගිට සිට ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ වරදකාරකම වැඩිකරන හැටියට ඔබ සැම අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගත්තහුය.
11
එබැවින් දැන් ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පව් කියාදී, උන්වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ ජාතීන්ගෙනුත් අන්‍ය ජාති ස්ත්‍රීන්ගෙනුත් වෙන්වෙන්නැයි කීවේය.
12
එවිට මුළු සභාව මහත් හඬකින් උත්තරදෙමින්: ඔබ අප ගැන කී ලෙස අප විසින් කළයුතුය.
13
නුමුත් සෙනඟ බොහෝය, මේක තද වර්ෂා කාලයක් නිසා අපට එළියේ සිටින්ටත් බැරිය, මේක දවසකවත් දෙදවසකවත් වැඩක් නොවේය. මක්නිසාද මේ කාරණය සම්බන්ධව අපි බොහෝසේ වරද කෙළෙමුව.
14
දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් පත්කරනු ලබත්වා, අපේ දෙවියන්වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහවෙන තුරු, මේ කාරණය ඉෂ්ටකරන තුරු, අපේ නුවරවල අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගන සිටින සියල්ලෝද ඔවුන් සමඟ එක එක නුවර වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද නියම කාලවලදී පැමිණෙත්වයි කීවෝය.
15
මීට විරුද්ධවුණේ අසාහෙල්ගේ පුත්‍රවූ යෝනාතාන්ද තික්වාගේ පුත්‍රවූ යාසෙයාද පමණක්ය. මෙෂුල්ලාම්ද ලෙවීයවූ ෂබ්බෙතයිද ඔවුන්ට උපකාරකළෝය.
16
වාල්කමෙන් ආවාවූ අය එසේ කළෝය. පූජකවූ එස්රාද තමුන්ගේ පියවංශවල හැටියට පියවංශවල ප්‍රධාන මනුෂ්‍යයෝද එකිනෙකා නාම වශයෙන් වෙන්කරනු ලැබ, ඔව්හු මේ කාරණය විභාගකරන්ට දසවෙනි මාසයේ පළමුවෙනිදා ඉඳගත්තෝය.
17
අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගෙන සිටි සියලු මනුෂ්‍යයන් ගැන කාරණය ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා තීන්දුකළෝය.
18
පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගත් සමහර දෙනෙක් සම්බවූවෝය. එනම්: යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයන්ගෙන්ද ඔහුගේ සහෝදරයන්ගෙන්ද මයසේයා, එලීයෙසෙර්, යාරිබ් සහ ගෙදලියාය.
19
ඔව්හු තමුන්ගේ භාර්යාවන් අත්හරිනවාය කියා අතදී පොරොන්දුවුණෝය; තවද තමුන්ගේ වරදකාරකම ගැන රැළෙන් බැටළුවෙකු ඔප්පුකළෝය.
20
ඉම්මෙර්ගේ පුත්‍රයන්ගෙන් හනානි සහ සෙබදියාය.
21
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් මයසේයා, එලියා, ෂෙමායා, යෙහීයෙල් සහ උස්සියාය.
22
පෂ්හූර්ගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, යෝසාබාද් සහ එලාසාය.
23
ලෙවීරුන්ගෙන් යෝසාබාද්, ෂීමෙයි, කේලායා (එනම් කෙලීටා), පෙතහියා, යුදා සහ එලීයෙසෙර්ය.
24
ගීතිකාකාරයන්ගෙන් එලියාෂීබ්ය; දොරටුපාලයන්ගෙන් ෂල්ලුම්, ටෙලෙම් සහ උරීය.
25
ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායාය.
26
ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, සෙකරියා, යෙහීයෙල්, අබ්දී, යෙරේමොත් සහ එලියාය.
27
සට්ටූගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, එලියාෂීබ්, මත්තනියා, යෙරේමොත්, සාබාද් සහ අසීයාය,
28
බේබයිගේ පුත්‍රයන්ගෙන් යෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයිය.
29
බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල් සහ යෙරේමොත්ය.
30
පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් අද්නා, කෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේය.
31
හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලීයෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;
32
බෙන්යමින්, මල්ලුක් සහ ෂෙමරියාය.
33
හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලීපෙලෙත්, යෙරේමයි, මනස්සේ සහ ෂිමෙයිය.
34
බානීගේ පුත්‍රයන්ගෙන් මයදයි, අම්රාම් සහ ඌයෙල්ය;
35
බෙනායා, බේදෙයා, කෙලුහී;
36
වනියා, මෙරේමොත්, එලියාෂීබ්;
37
මත්තනියා, මත්තෙනයි සහ යාසූය;
38
බානී, බින්නුයි සහ ෂිමෙයිය;
39
ෂෙලමියා, නාතාන් සහ අදායාය;
40
මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි;
41
අසරේල්, ෂෙලෙමියා, ෂෙමරියා;
42
ෂල්ලුම්, අමරියා සහ යෝසෙප්ය.
43
නෙබෝගේ පුත්‍රයන්ගෙන් යෙයීයෙල්, මත්තිනියා, සාබාද්, සෙබිනා, ඉද්දෝ, යෝවෙල් සහ බෙනායාය.
44
මේ හැම දෙනම අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගෙන සිටියෝය. ඒ භාර්යාවන්ගෙන් සමහරු දරුවන්ද ලැබ සිටියෝය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
All chapters:
1
2
3
4
5
6
7
8
9
10