bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezra 9
Ezra 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 10 →
1
මේ කාරණා නිමවූ කල අධිපතීහු මා ළඟට ඇවිත් කථාකොට: ඉශ්රායෙල් සෙනඟත් පූජකයොත් ලෙවීවරුත් දේශවල වැසියන්වූ කානාන්වරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද අම්මෝනිවරුන්ගේද මෝවබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින්, ඔවුන්ගෙන් වෙන්නොවී සිට,
2
ඔව්හු තමුන්ටත් තමුන්ගේ පුත්‍රයන්ටත් ඔවුන්ගේ දූවරුන්ගෙන් භාර්යාවන් ගත්තෝය; මෙසේ ශුද්ධ වංශය දේශවල ජනයන් සමඟ මිශ්‍රවූය. එසේය, මේ අපරාධයට මූලිකවූවෝත් අධිපතීන් හා මුලාදෑනියෝයයි කීවෝය.
3
මම මේ කාරණාව අසා, මාගේ වස්ත්‍රයත් සළුවත් ඉරාගෙන, මාගේ හිසකේද රැවුලද උදුරා, ත්‍රස්තවී හිඳගතිමි.
4
එවිට වාල්කමෙන් ආ තැනැත්තන්ගේ අපරාධය නිසා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ හැමදෙනම මා ළඟට රැස්වූවෝය; මම වනාහි සවස පූජාව ඔප්පුකරන තුරු ත්‍රස්තව හිඳගතිමි.
5
සවස පූජාවේ වේලාවට මාගේ ශෝක භාවයෙන් නැගිට, ඉරාගත් මාගේ වස්ත්‍රයද මාගේ සළුවද ඇතුව දණින් හිඳ, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් විදහාගන කථාකොට:
6
මාගේ දෙවියන්වහන්ස, මම ලජ්ජාවට පත්වී, මාගේ දෙවිවූ ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්ට විළිබියෙන් සිටිමි. මක්නිසාද අපේ අපරාධ අපේ ඉස්වලටත් උඩින් වැඩිවී, අපේ වරදකාරකම ස්වර්ගය දක්වා නැගී තිබේ.
7
අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වාල්කමටත් කොල්ලකෑමටත් මුහුණේ ලජ්ජාවටත් පාවාදෙනු ලැබීමුව.
8
එහෙත් දැන් අපෙන් ස්වල්ප දෙනෙකු ඉතුරු කරන පිණිසත් ස්වකීය ශුද්ධස්ථානයෙහි අප පිහිටුවන පිණිසත් ස්වල්ප වේලාවකට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගෙන් අපට කරුණාව ලැබී තිබේ. මෙසේ අපේ දෙවියන්වහන්සේ අපේ ඇස් එළියකර, අපේ වාල්කමේදී අපට ස්වල්ප සහනයක් දෙනසේක.
9
මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යුදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.
10
එබැවින් අපේ දෙවියන්වහන්ස, මෙසේ වූ කල්හි අපි කුමක් කියමුද? මක්නිසාද ඔබගේ මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන් ලවා ඔබ අණකෙරෙවු ඔබගේ ආඥාවන් අපි අත්ඇරියෙමුව.
11
එනම්: ඔබ සැම හිමිකරගන්ට යන දේශය එහි ජනයන්ගේ පිළිකුල්වලින්ද කිලුටුකම්වලින්ද එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පිරී තිබේ; ඔවුන්ගේ අපවිත්‍රකම නිසා ඒක අපවිත්‍ර දේශයක්ව තිබේ.
12
ඒ නිසා ඔබ සැම බලවත්ව සිට, දේශයේ සාරවත්කම භුක්තිවිඳ, ඒක සදාකාලයටම ඔබ සැමගේ දරුවන්ට උරුමකරදෙන පිණිස, ඔබ සැමගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් ඔබ සැමගේ පුත්‍රයන්ට ගන්ටවත් ඔවුන්ගේ සමාදානයද ශුභසිද්ධියද කිසිකලක සොයන්ටවත් එපායයි ඔබ අණකර තිබේ.
13
ඉතින් අපේ නපුරු ක්‍රියාද මහත් වරදකාරකමද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවිවූ ඔබ විසින් අපේ අයුතුකම්වල තරමට අච්චු නොකර මෙයාකාර ගැළවීමක් අපට ඉතිරිකරදී තිබියදීත්,
14
අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?
15
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨය; මක්නිසාද අද තිබෙන ලෙස අපි ස්වල්ප දෙනෙක්ව ඉතුරුව සිටිමුව. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමුව; මක්නිසාද මේ කාරණය නිසා ඔබ ඉදිරියේ කිසිවෙකුට සිටිය නොහැකියයි කීවේය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10