bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezra 8
Ezra 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 9 →
1
අර්තක්ෂස්තා රජුගේ රජකම්කිරීමේදී මා සමඟ බබිලෝනියේ සිට ආවාවූ අයගේ පියවංශවල ප්‍රධානීහු මොව්හුය. ඔවුන්ගේ පෙළපත් ලේඛනයත් මෙසේය.
2
පීනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම්ය. ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල්ය. දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටූෂ්ය.
3
පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් සෙකරියාය. ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පනසක් ලියවුණෝය.
4
පාහත්මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් ශෙරහියාගේ පුත්‍රවූ එලියෙහෝනයි සහ ඔහු සමඟ පිරිමි දෙසියයක්ය.
5
ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් යහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක්ය.
6
ආදීන්ගේ පුත්‍රයන්ගෙන් යොනාතාන්ගේ පුත්‍රවූ ඒබෙද් සහ ඔහු සමඟ පිරිමි පනසක්ය.
7
ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත්‍රවූ යෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක්ය.
8
ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මීඛායෙල්ගේ පුත්‍රවූ සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක්ය.
9
යෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් යෙහියෙල්ගේ පුත්‍රවූ ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅට දෙනෙක්ය.
10
ෂෙලොමීත්ගේ පුත්‍රයන්ගෙන් යෝසිපියාගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි එකසිය හැටක්ය.
11
බේබයිගේ පුත්‍රයන්ගෙන් බේබයිගේ පුත්‍රවූ සෙකරියා සහ ඔහු සමඟ පිරිමි විසිඅටදෙනෙක්ය.
12
අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත්‍රවූ යෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක්ය.
13
අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන්වූ එලීපෙලෙත්ද යෙවූයෙල්ද ෂෙමායාද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක්ය.
14
බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බූද්ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවකුත්ය.
15
අහවාට ගලායන ගංගාව ළඟට මම ඔවුන් රැස්කෙළෙමි; අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගන සිටියෙමු. මම සෙනඟද පූජකයන්ද බලා ලෙවී පුත්‍රයන්ගෙන් කිසිවෙකු නැති බව දුටිමි.
16
එවිට මම එලීයෙසර්ද අරියෙල්ද ෂෙමායාද එල්නාතාන්ද යාරීබ්ද එල්නාතාන්ද නාතාන්ද සෙකරියාද මෙෂුල්ලාම්ද යන ප්‍රධානීන් සහ යෝයාරීබ්ද එල්නාතාන්ද යන උගන්වන්නන්ද කැඳවාගෙන,
17
කාසිපියා යන ස්ථානයේ සිටිය ප්‍රධානියාවූ ඉද්දෝ වෙතට ඔවුන් යවමින්, අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට සේවකයන් අප වෙතට කැඳවාගෙන එන පිණිස ඉද්දෝටත් කාසිපියා යන ස්ථානයෙහි සිටිය ඔහුගේ සහෝදරයන් වන නෙතිනීම්වරුන්ටත් කිය යුතුදේ ඔවුන්ට කීමි.
18
ඔව්හුද අප කෙරෙහි තිබුණු අපේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට ඉශ්‍රායෙල්ගේ පුත්‍රයා වන ලෙවීගේ පුත්‍රවූ මාලීගේ පුත්‍රයන්ගෙන් බුද්ධිමත් මිනිසෙකුදවූ, ෂේරෙබියාද ඔහුගේ පුත්‍රයන් සහ සහෝදරයන්ද දහඅට දෙනෙකුත්,
19
හෂබියාද ඔහු සමඟ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් යෙෂායාද ඔහුගේ සහෝදරයන්ද ඔවුන්ගේ පුත්‍රයන්ද විසි දෙනෙකුත්,
20
ලෙවීවරුන්ගේ මෙහෙයට දාවිත් සහ අධිපතීන් විසින් නියමකළ නෙතිනීම්වරුන්ගෙන් නෙතිනීම්වරුන් දෙසිය විසි දෙනෙකුත් අප වෙතට කැඳවාගෙන ආවෝය. ඔවුන් සියල්ලෝම නම් වශයෙන් සඳහන්කරනලද්දෝය.
21
එවිට අපේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී අපටත් අපේ බාලයන්ටත් අපේ සියලු සම්පත්වලටත් සඵලවත් ගමනක් ලැබෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟදී උපවාසයක් ප්‍රසිද්ධකෙළෙමි.
22
මක්නිසාද: අපේ දෙවියන්වහන්සේගේ හස්තය උන්වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි යහපත පිණිස වන්නේය කියාත්, උන්වහන්සේගේ බලයද උදහසද උන්වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධව පවත්නේය කියාත් අප විසින් රජුට කියා තිබුණු නිසා, ගමන් මාර්ගයේදී අප සතුරන්ගෙන් ආරක්ෂාකරන පිණිස හේවා හමුදාවක්ද අසරුවන්ද රජුගෙන් ඉල්ලන්ට ලජ්ජාවීමි.
23
එබැවින් අපි නිරාහාරව සිට මේ ගැන අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකෙළෙමු. උන්වහන්සේද අපේ කන්නලව්ව පිළිගත්සේක.
24
එවිට මම ප්‍රධාන පූජකයන්ගෙන් දොළොස්දෙනෙක් එනම් ෂේරෙබියාද හෂබියාද ඔවුන් සමඟ ඔවුන්ගේ සහෝදරයන්ගෙන් දස දෙනෙක්ද තෝරාගෙන,
25
රජුද ඔහුගේ මන්ත්‍රීවරුන්ද අධිපතීන්ද එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරුන්ද විසින් අපේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ඔප්පුකළ පඬුර වන රිදීද රන්ද භාණ්ඩද ඔවුන්ට කිරා භාරදුනිමි.
26
රිදී තලෙන්ත හසිය පනහකුත් රිදී භාණ්ඩ තලෙන්ත සියයකුත්; රන් තලෙන්ත සියයකුත්;
27
දරික් මිල දහසක් වටින රන් තලි විස්සකුත්; රන්මෙන් අනර්ඝවූ හොඳ දීප්තිමත් පිත්තල භාජන දෙකකුත් ඔවුන් අතට කිරා දුනිමි.
28
මම ඔවුන්ට කථාකොට: ඔබ සැම ස්වාමීන්වහන්සේ ට ශුද්ධ අයය; භාණ්ඩත් ශුද්ධය; මේ රන් රිදී ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට කරනලද ස්වෙච්ඡා පූජාවක්ය.
29
යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ ඇතුල් ගෙවල්වලදී ඔබ සැම ප්‍රධාන පූජකයන් සහ ලෙවීවරුන්ද ඉශ්රායෙල් පියවංශවල අධිපතීන්ද ඉදිරිපිටදී කිරන තුරු මුර කරමින්, මේවා ප්‍රවේසම්කරගන්නැයි කීමි.
30
මෙසේ පූජකයොත් ලෙවීවරුත් කිරනලද ඒ රිදීද රන්ද භාණ්ඩද යෙරුසලමේ අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙන පිණිස භාරගත්තෝය.
31
ඉක්බිති අපි පළමුවෙනි මාසයේ දොළොස්වෙනිදා යෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත්වුණෙමු. අපේ දෙවියන්වහන්සේගේ හස්තය අප කෙරෙහි විය, උන්වහන්සේ සතුරන්ගේ අතිනුත් මග රැක සිටි අයගෙනුත් අප ගැළෙවූසේක.
32
අපි වනාහි යෙරුසලමට පැමිණ තුන් දවසක් උන්නෙමු.
33
සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.
34
ඒ මුළු බරද ඒ කාලයෙහි ලියන්ට යෙදුණේය. ඔහු සමඟ පීනෙහාස්ගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය; ඔවුන් සමඟ යේෂුවාගේ පුත්‍රවූ යෝසාබාද්ද බින්නුයිගේ පුත්‍රවූ නොවදියාද යන ලෙවීවරුත් සිටියෝය.
35
හැරී ආවාවූ වාල්කමේ පුත්‍රයෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට දවන පූජා පිණිස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා ගොන් දොළොස් දෙනෙක්ද බැටළුවන් අනූ හදෙනෙක්ද බැටළුපැටවුන් හැත්තෑ හත්දෙනෙක්ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස් දෙනෙක්ද ඔප්පුකළෝය. ඒ සියල්ල ස්වාමීන්වහන්සේ ට ඔප්පුකළ දවන පූජාවක්ය.
36
තවද ඔව්හු රජුගේ ආඥා ගඟ මෙගොඩ සිටිය රජුගේ දිශාධිපතීන්ටත් ආණ්ඩුකාරයන්ටත් භාරදුන්නෝය. ඔව්හු සෙනඟටත් දෙවියන්වහන්සේගේ ගෘහයටත් උපකාරකළෝය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10