bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezra 6
Ezra 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 7 →
1
එකල දාරියුෂ් රජු කළ නියෝගයක් පිට බබිලෝනියෙහි වස්තු නිධානකරනලද පොත්-ගබඩාවෙහි සොයා බලනලද්දේය.
2
එවිට මෙයාකාර සටහනක් ලියා තිබෙන පොතක් මේදියා දනව්වේ තිබෙන අක්මෙතා බලකොටුවෙහි තිබී සම්බවිය.
3
කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්දේදී කෝරෙෂ් රජ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගැන නියෝගයක් කෙළේය. ඒ මෙසේය: ඒ ගෘහය පූජා ඔප්පුකරන ස්ථානයක් කොට ගොඩනගනු ලැබේවා, ඒකේ අත්තිවාරම් සවිකොට පිහිටුවනු ලැබේවා; හැට රියනක් උසටද හැට රියනක් පළලටද,
4
මහත් ගල් පේළි තුනක් සහ අලුත් ලී පේළියකුත් ඇතුව එය සාදනු ලැබේවා. වියදමද රජ ගෙයින් දෙනු ලැබේවා.
5
තවද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන බබිලෝනියට ගෙනෙනලද දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ යෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තිබීමට ගෙනයනු ලබාවා, ඒවා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔබ විසින් තැබිය යුතුය යනුය.
6
ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන ඔබ සැමගේ සහකාරයෝද යන ඔබ සැම එතැනින් ඈත්ව සිටින්න.
7
දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරීගන ගියාවේ. යුදෙව්වරුන්ගේ දිශාධිපතියාද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනඟත්වා.
8
ඇරත් දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ ගොඩනැගීම පිණිස ඔබ සැම විසින් යුදෙව්වරුන්ගේ ඒ වැඩිමහල්ලන්ට කළයුතු දේ කිමෙක්දැයි නියෝගයක් කරමි: එනම් ඒ මනුෂ්‍යයන්ට අවහිරයක් නොවන පිණිස රාජසන්තක දෙයින් එනම් ගඟ එගොඩින් ලැබෙන ආදායමෙන් ඉක්මනින් ඔවුන්ට වියදම දෙන ලෙසය.
9
ඔවුන්ට ස්වර්ගයේ දෙවියන්වහන්සේට මිහිරි සුවඳ ඔප්පුකර රජුගේද ඔහුගේ පුත්‍රයන්ගේද ජීවිත ශුභසිද්ධිය උදෙසා යාච්ඤාකරන පිණිස,
10
ඔවුන්ට ඕනෑකරන දේ එනම් යෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන පූජා ඔප්පුකිරීමට ගොන්නාම්බන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද තිරිඟුද ලුණුද මුද්‍රිකපානයද තෙල්ද දවස්පතා නොවරදවා ඔවුන්ට දෙනු ලැබේවා.
11
තවද යමෙක් මේ ආඥාව කඩකළොත් ඔහුගේ ගෙයින් බාල්කයක් උදුරා තබා ඔහු උස්සා එහි ගසා තබන හැටියටත් ඔහුගේ ගෙයද මේ නිසා කසළ ගොඩක් කරනු ලබන හැටියටත් නියෝගයක් කරමි.
12
මේක වෙනස්කර යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මේ ගෘහය විනාශකරන්ට තමුන්ගේ අත දිගුකරන සියලු රජුන්ද ජාතීන්ද ස්වකීය නාමය එහි පිහිටෙවුවාවූ දෙවියන්වහන්සේ විනාශකරනසේක්වා. දාරියුෂ් නම් මම නියෝගයක් කෙළෙමි; එය ඉක්මනින් ඉෂ්ටකරනු ලැබේවා යනුයි.
13
එවිට ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද දාරියුෂ් රජු විසින් ආඥාව එවූ බැවින් ඉක්මනින් ඒ හැටියට කළෝය.
14
යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද අනාගතවක්තෘවූ හග්ගයිගෙත් ඉද්දෝගේ පුත්‍රවූ ශෙකරියාගෙත් අනාගතවාක්‍ය හේතුකොටගෙන ගොඩනගා සඵලවූවෝය. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන්වහන්සේගේ ආඥාවේ හැටියටත් කෝරෙෂ්ගේද දාරියුෂ්ගේද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාගේද නියෝගයේ හැටියටත් ගොඩනගා නිමකළෝය.
15
දාරියුෂ් රජුගේ රජකම්කිරීමේ හවෙනි අවුරුද්දේ අදාර් මාසයේ තුන්වෙනි දින මේ ගෘහය නිමකරන ලද්දේය.
16
ඉශ්රායෙල් පුත්‍රයෝද පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී ආවාවූ අනික් අයද දෙවියන්වහන්සේගේ ගෘහයේ කැපකිරීමේ කෘත්‍යය ප්‍රීතියෙන් පැවැත්තුවෝය.
17
තවද ඔව්හු දෙවියන් වහන්සේගේ මේ ගෘහය කැපකිරීමේදී ගොනුන් සියයක්ද බැටළුවන් දෙසියයක්ද බැටළුපැටවුන් හාරසියයක්ද ඉශ්රායෙල්හි ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් කොට එළුවන් දොළොස්දෙනෙක්ද ඔප්පුකළෝය.
18
මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.
19
වහල්කමෙන් මිදී ආ තැනැත්තෝ පළමුවෙනි මාසයේ දහහතරවෙනි දින පාස්කුව පැවැත්තූහ.
20
මක්නිසාද පූජකයෝද ලෙවීවරුද එක්කෙනෙකු මෙන් පිරිසිදුවී සිටියෝය; ඔවුන් සියල්ලෝ පිරිසිදුව සිට, වාල්කමෙන් මිදී ආ සියල්ලන් උදෙසාද පූජකයන්වූ තමුන්ගේ සහෝදරයන් උදෙසාද තමුන්ම උදෙසාද පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.
21
එසේ වාල්කමෙන් හැරී ආ ඉශ්රායෙල් පුත්‍රයොත් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට දේශයේ ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන්වී ඔවුන්ට එකතුවුණ සියල්ලොත් පාස්කුව වළඳා,
22
මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ එනම් ඉශ්රායෙල්හි දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩට ඔවුන්ගේ අත් සවිකරන හැටියට අෂූර්හි රජුගේ සිත ඔවුන් වෙතට හැරවීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන් ප්‍රීතිකෙරෙවුසේක.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10