bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Hebrews 11
Hebrews 11
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 12 →
1
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.
2
එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය.
3
දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේ වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.
4
ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂිදුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථාකරන්නේය.
5
ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය; දෙවියන්වහන්සේ ඔහු ගෙනගිය හෙයින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙනයාමට ප්‍රථම, ඔහු දෙවියන්වහන්සේව ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය.
6
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
7
ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.
8
ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුවී, තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය.
9
ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසයකළේය.
10
මක්නිසාද අත්තිවාරම් ඇත්තාවූ, දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර ගැන ඔහු බලාසිටියේය.
11
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.
12
එහෙයින් මළ කෙනෙකු වැනි එක තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තාරකා මෙන්ද ගණන්කළ නොහැකි මුහුදු වෙරළේ වැලි මෙන්ද වූ සමූහයක් හටගත්තේය.
13
මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය.
14
මක්නිසාද මෙබඳු දේ කියන තැනැත්තෝ තමුන්ගේම රටක් සොයන බව හොඳහැටි ප්‍රකාශකරති.
15
තවද ඔව්හු තමුන් පිටත්ව ආවාවූ රට සිහිකළෝ නම්, එහි හැරී යන්ට ඔවුන්ට ඉඩප්රස්ථා තිබුණේය.
16
නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.
17
ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය.
18
එසේය: ඔබේ වංශය ප්රකාශවන්නේ ඊසාක්ගෙන්යයි යමෙකුට කියනලද්දේද, ඒ පොරොන්දු සන්තෝෂයෙන් පිළිගත් ඔහු තමාගේ ඒකජාතක පුත්‍රයාව පූජා කරමින් සිටියේය,
19
මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනාකොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.
20
ඇදහිල්ලෙන්, ඊසාක් මතු පැමිණෙන දේ ගැන පවා යාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාදකළේය.
21
යාකොබ් නසින විට, ඇදහිල්ලෙන් යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාදකොට, තමාගේ සැරයටියේ මුදුනට හාන්සිව නමස්කාරකළේය.
22
යෝසෙප් තමාගේ අන්තිමය ළංවූ කල, ඇදහිල්ලෙන් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පිටත්ව යැම සඳහන්කොට, තමාගේ ඇට ගැන අණදුන්නේය.
23
මෝසෙස් උපන් කල ඔහුගේ මවුපියෝ ඔහු ශෝභමාන ළමයෙකු බව දැක, රජුගේ ආඥාවට භය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මාසයක් සඟවාගත්තෝය.
24
මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහීමෙන් එපාකර,
25
විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ නින්දාව මහත් සම්පතක්යයි සිතා,
26
කලකට පාපයේ සැප භුක්තිවිදීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විඳීම තෝරාගත්තේය.
27
ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.
28
කුලුඳුලන් විනාශකළ තැනැත්තා ඔවුන්ට අත නොගසන පිණිස පාස්කුවද ලේ ඉසීමද ඇදහිල්ලෙන් ඔහු පැවැත්තුවේය.
29
ඇදහිල්ලෙන්, ඔව්හු රතුමුහුද මැදින් වියළි බිමින් මෙන් ගියෝය. මිසරවරු එසේ කරන්ට උත්සාහකොට ගිලී මළෝය.
30
සත් දවසක් යෙරිකෝවේ පවුරු වටකර ඇවිද්දායින් පසු, ඇදහිල්ලෙන් ඒවා වැටුණේය.
31
ඇදහිල්ලෙන්, වේශ්‍යාවවූ රාහබ් ඔත්තුකාරයන් සමාදානයෙන් පිළිගත් බැවින්, කීකරුනූණ තැනැත්තන් සමඟ විනාශ නොවී සිටියාය.
32
මම තව මක්කියම්ද? ගිඩියොන්ද බාරක්ද සම්සොන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල්ද ප්‍රොපේතවරුන්ද ගැන කියන්ට කල් මදිය.
33
ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත්කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙවුවෝය,
34
ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය.
35
ස්ත්‍රීහු නැවත-නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත-නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධකරනු ලැබුවෝය.
36
තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය.
37
ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.
38
ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.
39
මොවුන් සියල්ලෝ ස්වකීය ඇදහිල්ල කරණකොටගෙන සාක්ෂිය ලැබත්, පොරොන්දුව නොලැබුවෝය.
40
එසේ වුණේ ඔවුන් අප නැතුව සම්පූර්ණ නොවන පිණිස දෙවියන්වහන්සේ වඩා උතුම් දෙයක් අප ගැන කලින් පිළියෙළකර තිබුණු නිසාය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13