bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Hebrews 8
Hebrews 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 9 →
1
ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයාණන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තාවූ,
2
මනුෂ්‍යයා විසින් නොව ස්වාමීන්වහන්සේ විසින් පිහිටුවනලද ශුද්ධස්ථානයේ හා සැබෑවූ මණ්ඩපයේ සේවකයෙක්වූ උත්තම පූජකයෙක් අපට සිටින බවය.
3
සියලු උත්තම පූජකයෝ පඬුරු සහ පූජා ඔප්පුකරන පිණිස පත්කරනු ලබති. එසේ හෙයින් පූජාකිරීමට මේ උත්තම පූජකයාටත් යමක් තිබෙන්ට ඕනෑය.
4
එහෙත් ව්‍යවස්ථාව ප්‍රකාර පඬුරු ඔප්පුකරන්නන් සිටින බැවින් උන්වහන්සේ [තවමත්] පොළොවේ සිටිසේක් නම්, උන්වහන්සේට කිසිසේත් පූජකයෙක්ව සිටින්ට නුපුළුවන.
5
මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී ඔබට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.
6
නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.
7
මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණ නම්, දෙවෙනි එකකට ඉඩ සොයන්නේ නැත.
8
එසේය, උන්වහන්සේ දොස් තබමින් ඔවුන්ට කථාකොට: බලව, මා විසින් ඉශ්රායෙල් වංශය සහ යුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9
ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා විසින් ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේය; මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණෝය, මමද ඔවුන් නොසැලකුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
10
එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.
11
ස්වාමීන්වහන්සේ ඇඳිනගන්න කියා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳිනගන්නෝය.
12
එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා තිබේ.
13
අලුත් ගිවිසුමක්යයි කීමෙන් පළමුවෙනි ගිවිසුම පරණකළසේක. ඉඳින් පරණවන්නාවු මහලුවන්නාවූ දෙය නොපෙනීයාමට ළඟය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13