bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Hebrews 7
Hebrews 7
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 8 →
1
එසේය, සාලමේ රජවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයෙක්වූ, මේ මෙල්කිසදෙක් ආබ්‍රහම් රජුන් මැරීමෙන් හැරී එද්දී සම්මුඛව ඔහුට ආශීර්වාදකෙළේය.
2
ආබ්‍රහම් සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. පළමුකොට ඔහුගේ නාමය, අර්ථයේ හැටියට, ධර්මිෂ්ඨකමේ රජය, දෙවනුව සමාදානයේ රජයයි අර්ථ ඇති සාලමේ රජ්ජුරුවෝය.
3
තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාට සමානකරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය.
4
ඉතින් මොහු කොපමණ උතුම් කෙනෙක්ව සිටියේදැයි කල්පනාකරන්න.
5
පියවූ ආබ්‍රහම් පවා කොල්ලගත් දේවලින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක තනතුර ලබන්නෝ ව්‍යවස්ථාව ලෙස සෙනඟගෙන්-එනම්, ආබ්‍රහම්ගෙන් පැවත ආවාවූ තමුන්ගේ සහෝදරයන්ගෙන් පවා-දසයෙන් කොටසක් ගන්ට ආඥාවක් ලැබ සිටිති.
6
නුමුත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නැත්තාවූ තැනැත්තා දසයෙන් කොටසක් ආබ්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු ඇත්තාවූ ඔහුට ආශීර්වාදකෙළේය.
7
ආශීර්වාදකරන්නේ උතුම් අය විසින් කුඩා අයට බව වාද රහිතය.
8
නුමුත් මෙහිදී දසයෙන් කොටස ලබන්නෝ නසින්නාවූ මනුෂ්‍යයෝය; නුමුත් එහිදී ලබන්නේ ජීවත්වන බවට සාක්ෂි ලබන කෙනෙක්ය.
9
ඇරත් දසයෙන් කොටස ලබන්නාවූ ලෙවී පවා ආබ්‍රහම් කරණකොටගෙන දසයෙන් කොටස ගෙවුවේයයි කිය හැකිය.
10
මක්නිසාද මෙල්කිසදෙක් ආබ්‍රහම්ට සම්මුඛවූ විට, ලෙවී තමාගේ පියාගේ කටියේ සිටියේය.
11
ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?
12
මක්නිසාද පූජකකම වෙනස්වූ බැවින් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමය.
13
එසේය, යමෙකු ගැන මේ දේ කියනලද්දේද, ඒ තැනන්වහන්සේ වෙන ගෝත්‍රයකට අයිතිය, ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවයකළේ නැත.
14
මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යුදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.
15
ඇරත් මාංසයට අයිති ආඥාපනතේ හැටියට නොව පහ නොවන ජීවිතයක හැටියට පත්කරනු ලැබූ,
16
අන් පූජකයෙක් මෙල්කිසදෙක්ගේ සමානත්වයේ හැටියට නැගිටින්නේ නම්, අප කියන දේ ඉතාමත්ම පැහැදිලිව තිබේ.
17
මක්නිසාද: ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලයටම පූජකයෙක්ව සිටිනසේකැයි උන්වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.
18
මෙසේ ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවක් සම්පූර්ණ නොවූ බැවින්, පළමු තිබුණු ආඥාවේ දුර්වලකම හා නිෂ්ප්‍රයෝජනකම නිසා ඒක අවලංගුකිරීමද,
19
වඩා යහපත් බලාපොරොත්තුවක් පැමිණවීමද සිද්ධවේ. ඒ බලාපොරොත්තුව කරණකොටගෙන අපි දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙමුව.
20
ඉතින් ඔව්හු සැබවින් දිවුරුමක් නැතුව පූජකයෝවී සිටිති.
21
නුමුත් උන්වහන්සේ පූජකයෙක්ව සිටින්නේ: ඔබ සදාකාල පූජකයෙක්ය කියා තමන්වහන්සේ නොතැවෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළසේකැයි උන්වහන්සේට කී තැනන්වහන්සේ කරණකොටගෙන දිවුරුමක් ඇතුවය.
22
මෙසේ දිවුරුමක් නැතුව නොවන නිසා, එපමණටම යේසුස්වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇපකාරයා වී සිටිනසේක.
23
තවද ඔවුන්ට මරණය නිසා පවතින්ට බැරි බැවින් ඔව්හු ගණනින් බොහෝ පූජකයෝව සිටිති.
24
නුමුත් මුන්වහන්සේ, සදාකාලේටම පවතින හෙයින්, උන්වහන්සේගේ පූජකකම පහවෙන්නේ නැත.
25
එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.
26
එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.
27
ඒ උත්තම පූජකයන් මෙන් පළමුකොට තමුන්ගේම පව් උදෙසාත් පසුව සෙනඟගේ පව් උදෙසාත් දවස්පතා පූජාවල් ඔප්පුකරන්ට උන්වහන්සේට වුවමනාවක් නැත. මක්නිසාද උන්වහන්සේ තමන්ම පූජාකිරීමෙන් එකවරක්ම ඒක කළසේක.
28
මක්නිසාද ව්‍යවස්ථාව දුර්වලකම් ඇත්තාවූ මනුෂ්‍යයන් උත්තම පූජකයන් කොට පත්කරන්නේය; නුමුත් ව්‍යවස්ථාවට පසු පැමුණුණාවූ දිවුරුමේ වචනය තෙම සදාකාලේටම සම්පූර්ණව සිටින පුත්‍රයාණන් පත්කරන්නේය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13