bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Hebrews 6
Hebrews 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
1
ඒ නිසා මළ ක්‍රියාවල් ගැන පසුතැවිලිවීමද දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහීමද බව්තීස්මකිරීම් ගැනත් අත්තැබීම ගැනත් මළවුන්ගේ නැගිටීම ගැනත්, සදාකාල විනිශ්චය ගැනත්
2
ඉගැන්වීමද නමැති අත්තිවාරමක් නැවත නොතබා, ක්‍රිස්තුස්වහන්සේගේ මුල් කාරණා පසුකර, සම්පූර්ණවීමට පැමිණෙමු.
3
දෙවියන්වහන්සේ ඉඩදෙනසේක් නම්, අපි එසේ කරන්නෙමුව.
4
මක්නිසාද වරක් ආලෝකකරනු ලැබුවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයාණන්වහන්සේට පංගුකාරයන් වුණාවූ,
5
දෙවියන්වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවාවූ තැනැත්තන්,
6
වැටීගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුවන; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසියෙහි ඇණගසා නින්දාවට පමුණුවති.
7
මෙසේ නොයෙක් වර වහින වැස්ස උරාගනිමින් වවන්නන්ට සුදුසු භෝග උපදවන පොළොවට දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේ.
8
නුමුත් කටුගස්ද ගොකටුද දරනවා නම් එපාකරනු ලැබ, ශාපයකට ළංව තිබේ; එහි කෙළවර දවනු ලැබීමය.
9
එහෙත්, ප්‍රේමවන්තයෙනි, අපි මෙසේ කථාකරන නුමුත් යහපත්වූ, ගැළවීමට අනුකූලවූ කොටසට ඔබ සැම අයිති බව අපි නිසැකව විශ්වාසකරමුව.
10
මක්නිසාද ඔබ සැමගේ වැඩයද ඔබ සැම ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.
11
නුමුත් ඔබ සැමගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව.
12
ඒ වනාහි ඔබ සැම අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.
13
මෙසේ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින්:
14
සැබවින්ම ඔබට බොහෝසෙයින් අශීර්වාද කරන්නෙමි, බොහෝසෙයින් ඔබ වර්ධනයකරන්නෙමියි කීසේක.
15
ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය.
16
සැබවින්ම මනුෂ්‍යයෝ වඩා උත්තමයා ගැන දිවුරති. ඔවුන්ගේ සියලු විවාදවලදී ස්ථිරකිරීම පිණිස කරන අන්තිම දේ නම් දිවිරීමය.
17
ඒ නිසා දෙවියන්වහන්සේ පොරොන්දුවේ උරුමක්කාරයන්ට තමන්වහන්සේගේ අභිප්‍රාය වෙනස් නොවන බව බොහෝසෙයින්ම පෙන්වන්ට කැමතිව දිවුරුමකින් මැදහත්වූසේක.
18
මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.
19
ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය.
20
යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13