bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Hosea 14
Hosea 14
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
1
ඉශ්රායෙල්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; මක්නිසාද ඔබේ අයුතුකම නිසා ඔබ වැටී ඉන්නෙහිය.
2
ඔබ සැම වචන රැගෙන ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඇවිත්, උන්වහන්සේට කථාකොට: අපේ සියලුම අපරාධවලට කමාවී, කරුණාවෙන් අප පිළිගත මැනව. එවිට අපේ තොල්වල පූජා ගොනුන් පූජාකරන්නාක්මෙන් ඔප්පු කරන්නෙමුව.
3
අෂූර් අප නොගළවන්නේය; අපි අසුන් පිට නැගී නොයන්නෙමුව. ඔබ සැම අපේ දෙවිවරුයයි අපේ අතින් සෑදූ දේට අපි තවත් නොකියන්නෙමුව. මක්නිසාද පියා නැත්තාට ඔබගෙන් අනුකම්පාව ලැබේයයි කියන්න.
4
මම ඔවුන්ගේ පසුබටවීම සුවකර, සිය කැමැත්තෙන්ම ඔවුන්ට ආදරේවන්නෙමි. මක්නිසාද මාගේ උදහස ඔවුන් කෙරෙන් පහවගියේය.
5
මම ඉශ්රායෙල්ට පිනි මෙන් වන්නෙමි. ඔහු මානෙල් මෙන් මල් දරන්නේය, ලෙබනොන් මෙන් මුල් අදින්නේය.
6
ඔහුගේ අතු පැතිරී ගොස්, ඔහුගේ අලංකාරය ඔලීව ගස මෙන්ද ඔහුගේ සුවඳ ලෙබනොන් මෙන්ද වන්නේය.
7
ඔහුගේ සෙවණෙහි වසන්නෝ හැරී එන්නෝය; ඔව්හු ගොයම මෙන් නැවත ප්‍රාණවත්වී, මුද්‍රිකවැල මෙන් දළුදමන්නෝය. එහි සුවඳ ලෙබනොන්හි මුද්‍රිකපානය මෙන් වන්නේය.
8
එප්‍රායිම්ද: දේවරූපවලින් මට තවත් කම මොකදැයි කියනවා ඇත. මමම ඔහුට උත්තරදුනිමි, ඔහු සලකන්නෙමි. මම වනාහි කොළ නොවේලෙන දේවදාර ගසක් මෙන්ය; ඔබේ ඵල ලැබී තිබෙන්නේ මාගෙන්ය.
9
මේවා තේරුම්ගැනීමට ප්‍රඥාවන්තව, මේවා දැනගැනීමට බුද්ධිමත්ව සිටින්නේ කවුද? මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ මාර්ග හරිය, ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය; නුමුත් අපරාධකාරයෝ එහිදී වැටෙන්නාහුය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14