bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Hosea 4
Hosea 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 5 →
1
ඉශ්රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේ ට පැමිණිල්ලක් තිබේ.
2
දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම්කිරීමද කාමමිථ්‍යාචාරයද මිස වෙන කිසිවක් නැත; ලේ වැගිරවීම පිට ලේ වැගිරවීම වෙයි.
3
එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.
4
එහෙත් කිසිවෙක් පැමිණිලි නොකෙරේවා, කිසිවෙක් අවවාද නොකෙරේවා; මක්නිසාද ඔබේ සෙනඟ පූජකයා සමඟ පැමිණිලිකරන අය වාගේය.
5
එබැවින් ඔබ දවාලේ වැටෙනවා ඇත, අනාගතවක්තෘද ඔබ සමඟ රාත්රියේදී වැටෙනවා ඇත; ඔබේ මෑණියන්ද නාස්තිකරන්නෙමි.
6
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. ඔබ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් ඔබ එපාකරන්නෙමි. ඔබ ඔබේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් ඔබේ දරුවන් මතක නැතිකරන්නෙමි.
7
ඔව්හු බෝවෙන්ට බෝවෙන්ට මට විරුද්ධව වඩ වඩා පව්කළෝය. ඔවුන්ගේ ගෞරවය ලජ්ජාවට හරවන්නෙමි.
8
ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍යවෙති, ඔවුන් වරදකරනවාටත් ආශාවෙති.
9
එබැවින් සෙනඟට මෙන්ම පූජකයාටත් සිද්ධවෙයි. මම ඔවුන්ගේ මාර්ගවල හැටියට ඔවුන්ට දඬුවම්කර, ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.
10
ඔව්හුද කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නෝය; ඔව්හු වේශ්‍යාකම්කරන නුමුත් වැඩි නොවන්නෝය. මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ සැලකීම අත්හැරියෝය.
11
වේශ්‍යාකමද මුද්‍රිකපානයද මිදියුසද නිසා සිහිය පහවයන්නේය.
12
මාගේ සෙනඟ තමුන්ගේ දණ්ඩෙන් විභාගකරති, ඔවුන්ගේ සැරයටියද ඔවුන්ට දන්වන්නේය. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් මුළාකෙරෙවුවේය, ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙන් වෙන්ව ගොස් වේශ්‍යාකම් කළෝය.
13
ඔව්හු කඳු මුදුන්වල යාග කරති, හෙල් උඩ අලෝනද ලිබ්නාද ඒලාද යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම්ද ඔප්පුකරති. එබැවින් ඔබ සැමගේ දූවරු වේශ්‍යාකම් කරති, ඔබ සැමගේ යෙහෙළියෝද කාමමිථ්‍යාචාරයකරති.
14
ඔබ සැමගේ දූවරුන් වේශ්‍යාකම් කරන නිසාත් ඔබ සැමගේ යෙහෙළියන් කාමමිථ්යාචාරයකරන නිසාත් මම ඔවුන්ට දඬුවම් නොකරන්නෙමි; මක්නිසාද ඔව්හුම වේශ්‍යාවන් සමඟ අහක්ව යති, දේවාල වේශ්‍යාවන් සමඟ යාගකරති. තේරුම් නැති සෙනඟද හෙළාදමනු ලබන්නෝය.
15
එම්බා ඉශ්රායෙල්, ඔබ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.
16
මක්නිසාද ඉශ්රායෙල් මුරණ්ඩු එළදෙනෙක් මෙන් මුරණ්ඩුවූවාය. දැන් ස්වාමීන්වහන්සේ ඔවුන් බැටළුපැටවෙකු මෙන් විශාල ඉඩමක පෝෂ්‍යකරනවා ඇත.
17
එප්‍රායිම් දේවරූපවලට බැඳී සිටියි; ඔහු නිකම් සිටියාවේ.
18
ඔව්හු බීලා තීන්දුවුණාම වේශ්යාකම්කරති; ඇගේ ප්‍රධානියෝ නින්දිතකමට ඇලුම්වන්නෝමය.
19
හුළඟ ඒකේ පියාපත්වලින් ඈ අසුකරගන ගියේය; එසේ ඔව්හු තමුන්ගේ පූජාවල් ගැන ලජ්ජාවන්නෝය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14