bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Hosea 8
Hosea 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 9 →
1
හොරණෑව ඔබේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.
2
මාගේ දෙවියන්වහන්ස, ඉශ්රායෙල් වන අපි ඔබ අඳුනමුව කියා ඔවුන් මට මොරගසනවා ඇත.
3
ඉශ්රායෙල් වනාහි යහපත එපාකෙළේය. සතුරා ඔහු පස්සේ එළවාගනයනවා ඇත.
4
ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.
5
එම්බා සමාරිය, ඔබේ වස්සා මට පිළිකුළක්ය; මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබේ. ඔවුන් නිදොස් බවට පැමිණෙන්ට කොපමණ කල් යනවා ඇද්ද?
6
මක්නිසාද මේකත් ඉශ්‍රායෙල්වරුන්ගෙන්ය; ඒක සෑදුවේ කම්කරුවෙක්ය, ඒක දෙවියන්වහන්සේ නොවේ. එසේය, සමාරියේ වස්සා කැබෙලිකරනු ලබන්නේය.
7
ඔව්හු හුළඟ වපුරා, සුළිහුළඟ කපාගන්නෝය. ඔවුන්ට ගොයම් නැත; කොළවල කරල් නැත; තිබුණත්, අන්‍ය දේශීන් ඒවා ගිලගන්නවා ඇත.
8
ඉශ්රායෙල් ගිලිනු ලැබීය. දැන් ඔව්හු ජාතීන් අතරෙහි අප්‍රියවූ භාජනයකට සමානව සිටිති.
9
මක්නිසාද ඔව්හු තනියම සිටින වල් කොටළුවෙකු මෙන් අෂූර්ට ගියෝය. එප්‍රායිම් ප්‍රේමවන්තයන් කුලියට ගත්තේය.
10
එසේය, ඔවුන් ජාතීන් අතරෙන් ඔවුන් කුලියට ගන්න නුමුත්, මමත් ඔවුන් රැස්කරන්නෙමි; එවිට ඔව්හු රජුගේද අධිපතීන්ගේද බර නිසා පිරිහෙන්ට පටන්ගනිති.
11
පව් කිරීම පිණිස එප්‍රායිම් පූජාසන වැඩිකරගත් බැවින් පූජාසන ඔහුට පව්කරන පිණිස විය.
12
මා විසින් මාගේ ව්‍යවස්ථාවේ කාරණා ඔහු උදෙසා දසදහස් ගණනකින් ලියතත්, ඒවා අන්‍ය කාරණයක් කොට සලකනු ලබන්නේය.
13
මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.
14
තවද ඉශ්රායෙල් තමාගේ මැවුම්කාරයා මතකනැතිකොට, මාළිගා ගොඩනගාගන සිටී; යූදාද බලකොටු නුවරවල් වැඩිකරගන සිටී. නුමුත් මම ඔහුගේ නුවරවලට ගින්නක් යවන්නෙමි, එයින් එහි මාළිගා දාලායනවා ඇත.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14