bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Hosea 9
Hosea 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 10 →
1
එම්බා ඉශ්රායෙල්, ජාතීන් මෙන් අධිකලෙස ප්‍රීති නොවන්න; මක්නිසාද ඔබේ දෙවියන්වහන්සේගෙන් ඔබ වේශ්‍යාලෙස අහක්වුණෙහිය, ඔබ සියලු කමත්වල පණයම් ලබන්ට ආශාවූයෙහිය.
2
පාවරෙන්වත් මිදි පැසෙන්වත් ඔව්හු පෝෂ්‍ය නොවන්නෝය, මිදියුසද එහි නොවන්නේය.
3
ඔවුන්ට ස්වාමීන්වහන්සේ ගේ දේශයෙහි වසන්ට නොලැබේ; එප්‍රායිම් මිසරයට හැරී යන්නේය, අෂූර්හිත් ඔවුන් අපවිත්‍ර ආහාර කනවා ඇත.
4
ඔවුන් මුද්‍රිකපානය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන්නේවත් ඔවුන්ගේ පූජාවලට උන්වහන්සේ ප්‍රසන්නවන්නේවත් නැත. ඒවා ඔවුන්ට ශෝකයේ ආහාර මෙන් වන්නේය; ඒවා කන සියල්ලෝම අපවිත්‍රවන්නෝය. මක්නිසාද ඔවුන්ගේ කෑම ඔවුන්ගේ බඩගින්න නිසා පමණක්ය; ඒවා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට නොපැමිණෙන්නේය.
5
නියම රැස්වීමේ දවසේදීත් ස්වාමීන්වහන්සේ ගේ මංගල්‍ය දවසේදීත් ඔබ සැම මක්කරනවාද?
6
මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය.
7
දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) ඔබේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.
8
එප්‍රායිම් මාගේ දෙවියන්වහන්සේ වෙත රැකවලෙක් විය. ප්‍රොපේත තෙම තමාගේ සියලු මාර්ගවල පක්ෂී වැද්දාගේ මලපතක්ව, තමාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි එදිරිකාරකමක්ව සිටින්නේය.
9
ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.
10
කාන්තාරයෙහි මුද්‍රිකඵල මෙන් ඉශ්රායෙල් මට සම්බවිය; අත්තික්කා ගසේ පළමු සෘතුවේ නාඹුල් ඵල මෙන් ඔබ සැමගේ පියවරුන් දුටිමි. නුමුත් ඔව්හු බාල්-පෙයෝර්ට අවුත්, නින්දිතයාට කැපවී, තමුන්ගේ ඒ ප්‍රේමවන්තයා මෙන් පිළිකුල්වූවෝය.
11
ඉපදීමක්වත් ගැබ්ගැනීමක්වත් පිළිසිඳීමක්වත් නොවන හැටියට එප්‍රායිම්ගේ තේජස කුරුල්ලෙකු මෙන් ඉගිලීයන්නේය.
12
ඔවුන් දරුවන් ඇතිකරතත් මනුෂ්‍යයෙක් නොසිටින හැටියට ඔවුන් තුරන්කරන්නෙමි. එසේය, මා විසින් ඔවුන් අත්හැර යන කල ඔවුන්ට දුක්වේ!
13
මා දුටු ලෙස තීර්මෙන් එප්‍රායිම් ප්‍රසන්න තැනක පිහිටා තිබේ. එහෙත් එප්‍රායිම් තමාගේ දරුවන් මිනීමරන්නා ළඟට පිටතට ගෙනෙන්නේය.
14
ස්වාමීන්වහන්ස, ඔවුන්ට [ප්‍රතිඵල] දුන මැනව. ඔබ කුමක් දෙනසේක්ද? ගබ්සාවන ගර්භයක්ද කිරි නැති තනද ඔවුන්ට දුන මැනව.
15
ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ගිල්ගල්හි ඇත්තේය; මම ඔවුන්ට එහිදී ද්වේෂකෙළෙමි. ඔවුන්ගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ ගෘහයෙන් ඔවුන් පන්නාදමන්නෙමි. ඔවුන්ට තවත් ප්‍රේමනොකරන්නෙමි; ඔවුන්ගේ සියලු අධිපතීහු කැරළිකාරයෝය.
16
එප්‍රායිම් පහර ලැබ සිටින්නේය, ඔවුන්ගේ මුල වියළී ගියේය, ඔව්හු ඵල නොදරන්නෝය. එසේය, ඔවුන් වැදුවත් මම ඔවුන්ගේ ගර්භයේ ප්‍රිය ඵල නසන්නෙමි.
17
ඔවුන් මාගේ දෙවියන්වහන්සේට කීකරු නූණනිසා උන්වහන්සේ ඔවුන් පහකරදමනසේක. ඔවුන් අන්‍ය ජාතීන් අතරෙහි මුළාවූ අය වන්නෝය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14