bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Mark 11
Mark 11
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
1
ඔවුන් යෙරුසලමට ළංව, ඔලීව කන්දට නුදුරුවූ බෙත්පාගයටද බෙතානියටද පැමිණි කල, උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්:
2
ඔබ සැම ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුල්වූ කෙණෙහිම, කිසි මනුෂ්‍යයෙක් නොනැගුණු කොටළු වස්සෙකු බැඳ සිටිනවා ඔබ සැමට සම්බවන්නේය; ඌ ලිහා ගෙනෙන්න.
3
ඔබ සැම මේක කරන්නේ මක්නිසාදැයි යමෙක් ඔබ සැමට කියන්නේ නම්, ස්වාමීන්වහන්සේට උගෙන් ඕනෑකමක් තිබේ; උන්වහන්සේ වහාම ඌ ආපසු මෙහි එවනසේකැයි ඔහුට කියන්නැයි ඔවුන්ට කීසේක.
4
ඔව්හු ගොස්, දොර ළඟ පිටත මාවත අසල බැඳ සිටි කොටළු වස්සෙකු දැක ඌ ලිහුවෝය.
5
එහි සිටියවුන්ගෙන් සමහරෙක් කථාකොට: කොටළු වස්සා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
6
යේසුස්වහන්සේ කී ලෙසම ඔව්හු ඔවුන්ට කීවෝය. එවිට ඔව්හු ඔවුන්ට යන්ට හැරියෝය.
7
ඔව්හු කොටළු වස්සා යේසුස්වහන්සේ ළඟට ගෙනැවිත්, තමුන්ගේ වස්ත්‍ර ඌ පිට ලූවෝය; උන්වහන්සේ ඌ පිට හිඳගත්සේක.
8
එවිට බොහෝ දෙනෙක් තමුන්ගේ වස්ත්‍රද තවත් අය කෙත්වලින් කපාගත් අතුද මග අතුළෝය.
9
පෙරටුවෙන්ද පස්සෙන්ද ගිය අය: හෝසන්නා; ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය කියාත්,
10
පැමිණෙන්නාවූ අපේ පියවූ දාවිත්ගේ රාජ්‍යය ආශීර්වාද ලද්දේය කියාත්, ඉතා උසස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.
11
උන්වහන්සේද යෙරුසලමට පැමිණ, දේවමාළිගාවට ඇතුල්ව, අවට සියල්ල බලා, සවස්වී තිබුණු බැවින් දොළොස්දෙනා සමඟ බෙතානියට පිටත්ව ගියසේක.
12
පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී, උන්වහන්සේට බඩගිනිවිය.
13
කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක, එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස වෙන කිසිවක් සම්බ නොවීය; මක්නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවීය.
14
උන්වහන්සේ කථාකොට: මෙතැන් පටන් කිසිකලක කිසිවෙක් ඔබෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුණේය.
15
ඔව්හු යෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, එහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි අය පිටතට පන්නාහරින්ට පටන්ගෙන, මිලමාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළා දමා,
16
දේවමාළිගාව මැදින් කිසි භාජනයක් ගෙනයන්ට කිසිවෙකුට ඉඩ නුදුන්සේක.
17
උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් ඔබ සැම ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක.
18
නායක පූජකයෝද ලියන්නෝද ඒ අසා, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය. මක්නිසාද උන්වහන්සේගේ ඉගැන්වීම ගැන මුළු සමූහයා විස්මයට පත්වූ බැවින්, ඔව්හු උන්වහන්සේට භයවූවෝය.
19
සවස්වූ කල්හි උන්වහන්සේ නුවරින් පිටත්ව ගියසේක.
20
ඔව්හු පසුවදා උදේ යන කල අත්තික්කා ගහ මුල පටන් වියළී තිබෙනවා දුටුවෝය.
21
පේතෘස්ද සිහිකොට: රබ්බි, බැලුව මැනව, ඔබ ශාපකළ අත්තික්කා ගහ වියළී තිබේයයි කීවේය.
22
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න.
23
සැබවක් ඔබ සැමට කියමි-කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.
24
එබැවින් ඔබ සැමට කියමි-ඔබ සැම යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල ඔබ සැමට ලැබුණේයයි අදහන්න, ඒවා ඔබ සැමට ලැබෙන්නේය.
25
ඔබ සැම යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේ ඔබ සැමගේ වරද ඔබ සැමට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් ඔබ සැමට ඇත්නම් ඔබ සැමත් කමාවෙන්න.
26
***
27
ඔව්හු නැවත යෙරුසලමට ආවෝය. උන්වහන්සේ දේවමාළිගාවේ සක්මන් කරන කල නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලෝද උන්වහන්සේ වෙතට ඇවිත්:
28
ඔබ කවර බලයක් පිට මේ දේ කරන්නෙහිද? නොහොත් මේ දේවල් කරන්ට මේ බලය ඔබට දුන්නේ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
29
යේසුස්වහන්සේද ඔවුන්ට කියනසේක්: ඔබ සැමගෙන් එක් ප්‍රශ්නයක් අසමි, මට උත්තරදෙන්න, එවිට මම මේ දේවල් කරන්නේ මොන බලයක් පිටදැයි ඔබ සැමට කියන්නෙමි.
30
යොහන්ගේ බව්තීස්මය වූයේ ස්වර්ගයෙන්ද නොහොත් මනුෂ්‍යයන්ගෙන්ද? මට උත්තරදෙන්නැයි ඔවුන්ට කීසේක.
31
ඔව්හු ඔවුනොවුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කියමු නම්-ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි අපට කියනවා ඇත.
32
නුමුත් මනුෂ්‍යයන්ගෙන්යයි කියමු නම්-යොහන් සැබෑවටම අනාගතවක්තෘ කෙනෙකැයි සියල්ලන් සැලකූ බැවින් සෙනඟට භයවී:
33
අපි නොදනිමුයයි යේසුස්වහන්සේට උත්තරදුන්නෝය. යේසුස්වහන්සේද: මා විසින් මේ දේවල් කරන්නේ මොන බලයක් පිටද කියා මමත් ඔබ සැමට නොකියමියි ඔවුන්ට කීසේක.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16