bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Mark 8
Mark 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 9 →
1
ඒ දවස්වලදී නැවත ඉතා මහත් සමූහයක් රැස්වූ කල, ඔවුන්ට කන්ට කිසිවක් නොතිබුණු බැවින් උන්වහන්සේ තමන් ගෝලයන් කැඳවා:
2
සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති, ඔවුන්ට කන්ට කිසිවක් නැත.
3
ඔවුන් තමුන්ගේ ගෙවලට නිරාහාරයෙන් යන්ට හැරියෙම් නම් ඔවුන් මාර්ගයේදී කලාන්තවෙනවා ඇත; ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිතියි කීසේක.
4
උන්වහන්සේගේ ගෝලයෝ උත්තරදෙමින්: මෙහි වනාන්තර ස්ථානයකදී මොවුන් කෑමෙන් තෘප්තිමත්කරන්ට කාට පුළුවන්දැයි උන්වහන්සේට කීවෝය.
5
ඔබ සැම ළඟ රොටි කීයක් තිබේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.
6
සතකැයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ සමූහයාට බිම ඉඳගන්ට අණදී, රොටි සත රැගෙන ස්තුතිකොට කඩා, ඔවුන් ඉදිරියෙහි තබන පිණිස තමන් ගෝලයන්ට දුන්සේක; ඔව්හුද සමූහයා ඉදිරියෙහි ඒවා තැබුවෝය.
7
ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක්ද තිබුණේය. උන්වහන්සේ ඒවාට ආශීර්වාදකොට, ඒවාත් ඔවුන් ඉදිරියෙහි තබන්ට අණකළසේක.
8
ඔව්හු වනාහි කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කුඩා සතක් පුරාවාගත්තෝය.
9
කෑවාවූ අය සාරදහසක් පමණ වූහ. උන්වහන්සේ ඔවුන් යන්ටහැරියසේක.
10
එකෙණෙහිම උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවට නැගී දල්මනූතයේ පළාත්වලට පැමිණිසේක.
11
එකල පරිසිවරු ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට පටන්ගත්තෝය.
12
උන්වහන්සේ තමන් ආත්මයෙන් බලවත්ලෙස සුසුම්ලා: මේ පරම්පරාව ලකුණක් සොයන්නේ මක්නිසාද? සැබවක් ඔබ සැමට කියමි-මේ පරම්පරාව ලකුණක් දෙනු නොලබන්නේයයි කියා,
13
ඔවුන් අත්හැර නැවත ඔරුවට නැගී එගොඩට ගියසේක.
14
රොටි ගෙනයන්ට ඔවුන්ට මතක නැතිවිය; ඔරුවේ ඔවුන් ළඟ එක රොටියකට වඩා නොතිබුණේය.
15
උන්වහන්සේ: පරිසිවරුන්ගේ මුහුන්වලිනුත් හෙරොද්ගේ මුහුන්වලිනුත් ප්‍රවේසම්වෙන්ට බලාගන්නැයි ඔවුන්ට අණකළසේක.
16
අපට රොටි නැති නිසාය කියා ඔව්හු තම තමුන් අතරේ කථාකරගත්තෝ ය.
17
යේසුස්වහන්සේ ඒ දැන: ඔබ සැමට රොටි නැති නිසා ඔබ සැම අතරේ කථාකරගන්නේ මක්නිසාද? ඔබ සැමට තවම දැනෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? ඔබ සැමගේ සිත දැඩිව තිබේද?
18
ඇස් ඇති කොට ඔබ සැමට පෙනෙන්නේ නැද්ද? කන් ඇති කොට ඔබ සැමට ඇසෙන්නේ නැද්ද? ඔබ සැමට මතක නැද්ද?
19
මා විසින් රොටි පහ කඩා පන්ද-හසකට දුන් විට ඉතුරු කැබෙලිවලින් පැස් කීයක් ඔබ සැම පුරවාගත්තහුදැයි ඇසූසේක. දොළොසකැයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
20
රොටි සත සාර දහස අතරේ බෙදාදුන් විට කැබෙලිවලින් කූඩා කීයක් පුරවාගත්තහුදැයි ඇසූසේක. සතකැයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
21
ඔබ සැමට තවම තේරෙන්නේ නැද්දැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.
22
ඔව්හු බෙත්සයිදාවට පැමිණියෝය. එවිට ඔව්හු උන්වහන්සේ වෙතට අන්ධයෙකු ගෙනැවිත් ඔහු පිට අත් තබනමෙන් උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය.
23
උන්වහන්සේ අන්ධයා අතින් අල්ලා, ගමෙන් පිටතට ගෙනැවිත්, ඔහුගේ ඇස්වලට කෙළගසා, ඔහු පිට අත් තබා: ඔබට යමක් පෙනේදැයි ඔහුගෙන් ඇසූසේක.
24
ඔහු ඇස් ඔසවා කියනුයේ: මට මනුෂ්‍යයන් පෙනේ; මක්නිසාද ගස් වාගේ (ඔවුන්) ඇවිදිනවා මට පෙනේයයි කීවේය.
25
එවිට උන්වහන්සේ ඔහුගේ ඇස් පිට නැවත අත් තැබූසේක; ඔහු ස්ථිරලෙස බලා, සුවය ලැබ, සියල්ල පැහැදිලිලෙස දුටුවේය.
26
උන්වහන්සේද: ගමට ඇතුල්වෙන්ටවත් එපාය කියා ඔහුගේ ගෙදරට ඔහු හැරියසේක.
27
යේසුස්වහන්සේද තමන් ගෝලයෝද පිලිප්පි කායිසාරියේ ගම්වලට පිටත්ව ගියෝය. මගදී උන්වහන්සේ: මා කවරෙකු කියා මනුෂ්‍යයෝ කියද්දැයි ගෝලයන්ගෙන් ඇසූසේක.
28
ඔව්හු උත්තරදෙමින්, යොහන් බව්තීස්තය කියාත් සමහරෙක් එලියාය කියාත් සමහරෙක් අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක්ය කියාත් කියතියි කීවෝය.
29
නුමුත් ඔබ සැම මා කවරෙකු කියා කියන්නහුදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. පේතෘස් උත්තරදෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේයයි උන්වහන්සේට කීවේය.
30
උන්වහන්සේද තමන් ගැන කාටවත් නොකියන්ට ඔවුන්ට අණකළසේක.
31
එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත්, ප්‍රධානීන්ද නායක පූජකයන්ද ලියන්නන්ද විසින් එපාකරනු ලබන්ටත්, මරනු ලබන්ටත්, තුන් දවසකට පසු නැවත නැගිටින්ටත් ඕනෑ බව ඔවුන්ට උගන්වන්ට පටන්ගත්සේක.
32
උන්වහන්සේ ඒකීම ප්‍රසිද්ධයෙන් කීසේක. එකල පේතෘස් උන්වහන්සේව කැඳවාගන, උන්වහන්සේට තරවටුකරන්ට පටන්ගත්තේය.
33
නුමුත් උන්වහන්සේ හැරී, තමන් ගෝලයන් දැක, පේතෘස්ට සැරකරමින්: සාතන් මා පස්සට යව. මක්නිසාද ඔබ මනුෂ්‍යයන්ගේ කාරණ මිස දෙවියන්වහන්සේගේ කාරණ කල්පනාවට ගන්නේ නැතැයි කීසේක.
34
එවිට උන්වහන්සේ සමූහයා තමන් ගෝලයන් සමඟ ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: කවරෙක් නුමුත් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේ කැමැත්ත අත්හැර, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
35
මක්නිසාද තමාගේ ජීවිතය ගළවාගන්ට කැමති කවරෙකුට නුමුත් ඒක නැතිවන්නේය; මා නිසාද ශුභාරංචිය නිසාද තමාගේ ජීවිතය නැතිකරගන්න කවරෙක් නුමුත් එක් ගළවාගන්නේය.
36
මක්නිසාද යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?
37
නොහොත් මනුෂ්‍යයෙකුට තමාගේ ජීවිතය හිලව්වට මොකක් දෙන්ට පුළුවන්ද?
38
එසේ හෙයින් මේ කාමමිථ්‍යාචාරිකවූ පාපිෂ්ඨsවූ පරම්පරාවේදී යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්ගේ තේජසින් ශුද්ධ දේවදූතයන් සමඟ එන කල, උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවෙනවාඇතැයි කීසේක.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16