bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Mark 3
Mark 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 4 →
1
උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය.
2
එවිට ඔව්හු උන්වහන්සේට වරදතබන පිණිස උන්වහන්සේ සබත් දවසේදී ඔහු සුවකරනසේක්දෝ කියා බල බලා සිටියෝය.
3
උන්වහන්සේ: නැගිට ඉදිරියට එන්නැයි වියළුණු අත ඇති මනුෂ්‍යයාට කියා,
4
ඔවුන්ට කථාකොට-සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය.
5
උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: ඔබේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.
6
පරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ නසන්නේ කෙසේද කියා උන්වහන්සේට විරුද්ධව හෙරොදිවරුන් සමඟ එකෙණෙහිම මන්ත්‍රණයකළෝය.
7
යේසුස්වහන්සේ එයින් අහක්ව තමන් ගෝලයන් සමඟ මුහුද ළඟට ගියසේක. ගලීලයෙන් මහත් සමූහයක්ද උන්වහන්සේ අනුව ගියෝය. යුදයෙන්ද
8
යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දාන් එගොඩින්ද තීර් සහ සීදොන් අවටින්ද මහත් සමූහයක් උන්වහන්සේ විසින් කරනලද මහත් ක්‍රියා ගැන අසා උන්වහන්සේ ළඟට ආවෝය.
9
සමූහයාගෙන් උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්ට කුඩා ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ගෝලයන්ට කීසේක.
10
මක්නිසාද උන්වහන්සේ බොහෝ දෙනෙකු සුවකළ හෙයින් රෝගවලින් පීඩිතවූ සියල්ලෝම උන්වහන්සේගේ ඇඟේ අත් තබන්ට උන්වහන්සේට තෙරපීගන ආවෝය.
11
අශුද්ධාත්මයෝද උන්වහන්සේ දුටු කල උන්වහන්සේ ඉදිරියෙහි වැටී: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි මොරගසා කීවෝය.
12
තමන් ප්‍රසිද්ධ නොකරන ලෙස උන්වහන්සේ බොහෝසේ ඔවුන්ට අණකළසේක.
13
උන්වහන්සේ කන්දට නැගී තමන්වහන්සේ කැමතිවූවන් තමන් ළඟට කැඳෙවුසේක. ඔව්හු උන්වහන්සේ ළඟට ආවෝය.
14
උන්වහන්සේද තමන් සමඟ සිටින පිණිසත්, දේශනාකරන්ට පිටත්කර අරින පිණිසත්,
15
යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත්, දොළොස්දෙනෙකු නියමකළසේක.
16
(ඔව්හු කවුරුද යත්:) උන්වහන්සේ විසින් පේතෘස්යයි නම්කළ සීමොන්ද,
17
ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද,
18
අන්දෘ සහ පිලිප්ද, බර්තොලොමෙව් සහ මතෙව්ද, තෝමස් සහ අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද, තද්දියුස් සහ කානානියවූ සීමොන්ද,
19
උන්වහන්සේ පාවාදුන් යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය. උන්වහන්සේ ගෙදරකට පැමිණිසේක.
20
ඔවුන්ට කෑම කන්ට පමණවත් අවකාශ නැතිවන තරමට සමූහයා නැවත රැස්වුණෝය.
21
උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය.
22
යෙරුසලමෙන් ආවාවූ ලියන්නෝ: මොහුට බෙල්සෙබුබ් ඇත්තේය කියාත් යක්ෂාධිපතියාගේ බලයෙන් මොහු යක්ෂයන් දුරුකරයිය කියාත් කීවෝය.
23
එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා උපමාවලින් කථාකරමින්: සාතන් දුරුකරන්ට සාතන්ට පුළුවන් කොහොමද?
24
යම් රාජ්‍යයක් ඒකටම විරුද්ධව භේද වුණොත් ඒ රාජ්‍යය පවතින්ට නොහැකිය.
25
යම් ගෙයක් ඒකටම විරුද්ධව භේදවුණොත් ඒ ගෙය පවතින්ට නොහැකිවන්නේය.
26
සාතන් තමාටම විරුද්ධව නැගිට භේදවේ නම් ඔහු පවතින්ට නොහැකිව කෙළවරවයි.
27
නුමුත් බලවන්තයා පළමුකොට බැඳලා මිස ඔහුගේ ගෙට වැද ඔහුගේ බඩු කොල්ලකන්ට කාටවත් නුපුළුවන; බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය.
28
සැබවක් ඔබ සැමට කියමි-මනුෂ්‍ය පුත්‍රයන්ට ඔවුන්ගේ සියලු පව්ද ඔවුන් දෙවියන්වහන්සේට කරන සියලු ආකාර අපහාසද කමාකරනු ලබන්නේය.
29
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේට අපහාස කරන කෙනෙකුට කොයි කලකවත් කමාව නොලැබෙන්නේය, ඔහු සදාකාලික පාපයක් ගැන වරදකාරයෙකැයි කීසේක.
30
මෙසේ කීවේ උන්වහන්සේට අශුද්ධාත්මයක් ඇත්තේයයි ඔවුන් කී බැවින්ය.
31
එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ඇවිත් පිටත සිට උන්වහන්සේ කැඳවන්ට යැවුවෝය.
32
සමූහයක් උන්වහන්සේ අවට වාඩිවී උන්නේය. බැලුව මැනව, ඔබවහන්සේගේ මෑණියොත් සහෝදරයොත් පිටත සිට ඔබ සොයතියි ඔව්හු උන්වහන්සේට කීවෝය.
33
උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් කවුරුදැයි කියා,
34
තමන් අවට වාඩිවී උන්නවුන් දෙස වටේට බලා: මෙන්න, මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත්!
35
මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි වදාළ සේක.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16