bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Mark 4
Mark 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
1
නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය.
2
උන්වහන්සේ බොහෝ කාරණා උපමාවලින් ඔවුන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී ඔවුන්ට කියනසේක්:
3
අසන්න-වපුරන්නා වපුරන්ට ගියේය.
4
ඔහු වපුරන කල මෙසේ සිදුවිය: සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය.
5
සමහරක් වඩා පස් නැති ගල් බිමේ වැටී, පස් ඝන නොවූ නිසා වහාම පැළවී,
6
ඉර උදාවූකල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය.
7
අන් සමහරක් කටු අතරේ වැටුණේය, කටු වැවී ඒවා යටකළ බැවින් ඒවා ඵල නුදුන්නේය.
8
තවත් සමහරක් සරුබිමේ වැටුණේය; ඒවා පැළවී වැඩී, ඵලදෙමින්, එකෙන් තිහක් ද එකෙන් හැටක්ද එකෙන් සියයක්ද බැගින් අස්වැන්න ඉපදවිය.
9
ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.
10
උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.
11
එවිට උන්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස ඔබ සැමට දී තිබේ. නුමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමා වලින් කියනු ලැබේ.
12
මක්නිසාදයත්: යම් හෙයකින් ඔවුන් හැරී කමාව නොලබන ලෙස දැක දැකත් නොදක්නා පිණිසය, අස අසාත් තේරුම් නොගන්නා පිණිසයයි කීසේක.
13
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ උපමාව ඔබ සැම නොදනිවුද? එසේ නම් ඔබ සැම සියලු උපමා කෙලෙස දැනගන්නහුද? වපුරන්නා වචනය වපුරයි.
14
වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුළ වචනය සාතන් එකෙණෙහිම ඇවිත් පැහැරගනීද, වචනය වපුරනලද මග අසල වූවෝ නම් ඔව්හුය.
15
***
16
එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්,
17
තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්;
18
කටු අතරේ වපුරනලද අනික් අයවල් නම්, වචනය ඇසූ නුමුත්,
19
මේ ලෝකය සම්බන්ධ කරදරද වස්තු මායාවද අනිකුත් දේවලට තෘෂ්ණාවද පැමිණීම කරණකොටගෙන වචනය යටකරනු ලැබ ඵල නොදෙන්නෝ වෙති.
20
සරුබිමේ වපුරනලද්දෝ නම්, වචනය අසා, පිළිගෙන, තිස් ගුණයක්ද සැට ගුණයක්ද සියක් ගුණයක්ද බැගින් ඵල දරන්නෝයයි කීසේක.
21
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පහන ගෙනෙන්නේ කුරුණිය යට හෝ ඇඳ යට හෝ තබන පිණිසද? පහන් රුක උඩ තැබීමට නොවේද?
22
මක්නිසාද මතු එළිදරව් නොවන සඟවනලද දෙයක්වත්, මතු ප්‍රසිද්ධකරනු නොලබන රහසේ තැබූ කිසි දෙයක්වත් නැත්තේය.
23
යමෙකුට ඇසීමට කන් ඇත්තේද ඔහු අසාවයි කීසේක.
24
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ඔබ සැම අසන කාරණා ගැන බලාගන්න. ඔබ සැම යම් මිම්මකින් මැනදෙන්නහුද, එයින්ම ඔබ සැමටත් මැනදෙනු ලැබේ. ඔබ සැමට තව වැඩියෙන් දෙනුලැබේ.
25
මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ යමෙකුට නැත්තේද ඔහුට ඇති දේ පවා ඔහුගෙන් ගනු ලැබේයයි කීසේක.
26
තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය වනාහි මනුෂ්‍යයෙකු විසින් පොළොවෙහි බීජ වැපිරීමට සමානය.
27
ඔහු රාත්‍රියේ නිදන්නේය, දහවල් නැගිට සිටින්නේය, ඔහු නොදන්නා ප්‍රකාරයකින් ඒ බීජ පැළවී වැඩෙන්නේය.
28
පොළොවෙන්ම ඵල හටගන්නේය; පළමුව කොළද දෙවනුව කරල්ද ඉන්පසු කරළේ සම්පූර්ණ ධාන්‍යයද හටගන්නේය.
29
ගොයම් පැසුණු කල, කපන කාලය පැමුණුණ බැවින්, ඔහු වහාම දෑකැත්ත යොදන්නේයයි කීසේක.
30
තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානකරමුද? නොහොත් කවර උපමාවකින් එය දක්වාදෙමුද?
31
එය අබ ඇටයකට සමානය. එය පොළොවෙහි වපුරන කල පොළොවෙහි තිබෙන සියලු බීජවලට වඩා කුඩා නුමුත්,
32
වපුළායින් පසු එය වැඩී, සියලුම පලා ගස්වලට වඩා ලොකුවී, ඒකේ සෙවණෙහි ආකාශයේ පක්ෂීන්ට ලගින්ට පුළුවන් තරමට මහත් අතු විහිදන්නේයයි කීසේක.
33
ඔවුන්ට දරන්ට පුළුවන් ප්‍රමාණයට මෙබඳු බොහෝ උපමාවලින් උන්වහන්සේ වචනය ඔවුන්ට කීසේක.
34
උපමාවක් නැතුව උන්වහන්සේ ඔවුන්ට කථානොකළසේක. නුමුත් උන්වහන්සේ තමන්ගේම ගෝලයන්ට සියල්ල රහසේ තොරාදුන්සේක.
35
එදා සවස්වූ කල: අපි එගොඩට යමුයයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.
36
ඔව්හු සමූහයා අත්හැර, උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමඟ උන්වහන්සේ ගෙනගියෝය. ඒ සමඟ වෙනත් ඔරුද තිබුණේය.
37
එවිට සැඩ සුළඟක් හමා, ඔරුව පිරෙන තරමට ඒ තුළට රැළ ගැසුවේය.
38
උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදාහුන්සේක. ඔව්හු උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය.
39
උන්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: නිශ්ශබ්දවෙව, නිශ්චලවෙවයි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය.
40
උන්වහන්සේද: ඔබ සැම භයව සිටින්නේ මන්ද? තවම ඔබ සැමට ඇදහිල්ල නැද්දැයි කීසේක.
41
ඔව්හු ඉතා යහපත්වී: සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක්දැයි එකිනෙකා කථාකරගත්තෝය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16