bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Nehemiah 10
Nehemiah 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 11 →
1
මුද්‍රාකළ අය නම්: හකලියාගේ පුත්‍රවූ තිර්ෂාතාවූ නෙහෙමියාද ශෙදකියාද;
2
සෙරායාද අසරියාද යෙරමියාද;
3
පෂ්හූර්ද අමරියාද මල්කියාද;
4
හට්ටුෂ්ද ෂෙබනියාද මල්ලූක්ද;
5
හාරීම්ද මෙරේමොත්ද ඔබදියාද;
6
දානියෙල්ද ගින්නෙතොන්ද බාරුක්ද;
7
මෙෂුල්ලාම්ද අබියාද මියාමින්ද;
8
මයසියාද බිල්ගයිද ෂෙමායාද යන පූජකයෝය.
9
ලෙවීවරු වන අසනියාගේ පුත්‍රවූ යේෂුවාද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ බින්නුයිද කද්මීයෙල්ද;
10
ඔවුන්ගේ සහෝදරයෝවූ ෂෙබනියාද හෝදියාද කෙලීටාද පෙලායාද හානාන්ද;
11
මීකාද, රොහොබ්ද, හෂබියාද;
12
සක්කූර්ද ෂේරෙබියාද ෂෙබනියාද;
13
හෝදියාද බානීද බෙනීනූද යන තැනැත්තෝය.
14
සෙනඟගේ ප්‍රධානියෝවූ පාරොෂ්ද පාහත්-මෝවබ්ද ඒලාම්ද සට්ටුද බානීද;
15
බුන්නීද අස්ගාද්ද බේබයිද;
16
අදෝනියාද බිග්වායිද ආදීන්ද;
17
ආටෙර්ද හෙසකියාද අස්සූර්ද;
18
හෝදියාද හාෂුම්ද බේශයිද;
19
හාරීප්ද අනාතෝත්ද නෝබයිද;
20
මග්පියාෂ්ද මෙෂුල්ලාම්ද හේසීර්ද;
21
මෙෂේ සබ්යෙල්ද ශාදොක්ද යද්දුවාද;
22
පෙලටියාද හානාන්ද අනායාද;
23
හෝෂෙයාද හනනියාද හෂ්ෂූබ්ද;
24
හල්ලෝහෙෂ්ද පිල්හාද ෂෝබෙක්ද;
25
රෙහූම්ද හෂබ්නාද මයසේයාද; අහියාද හානාන්ද ආනාන්ද;
26
***
27
මල්ලූක්ද හාරීම්ද බානාද යන තැනැත්තෝය.
28
සෙනඟගෙන් ඉතිරි අයද පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගීතිකාකාරයෝද නෙතිනීම්වරුද දේශවල ජනයන්ගෙන් වෙන්ව දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙනුත් දැනුම් තේරුම් ඇති සියල්ලෝද,
29
තමුන්ගේ උත්තමයන් වන තමුන්ගේ සහෝදරයන්ට එකතුවී, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් අතින් දෙනලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥාවද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ටකරන හැටියටත්,
30
දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්නා හැටියටත්,
31
දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේවත් ශුද්ධ දවසකවත් ඔවුන්ගෙන් මිලේට නොගන්නා හැටියටත්, හත්වෙනි අවුරුද්දේ පල ප්‍රයෝජන සහ සියලු ණයද අත්හරින හැටියටත් ශාපයකින් හා දිවුරුමකින් බැඳුණෝය.
32
තවද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයවූ සබත් දවස්වලද අමාවක්-වලද පිදීමේ රොටි සඳහාත් නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන පූජාව සඳහාත් නියම මංගල්‍ය සඳහාත්, ඉශ්රායෙල් උදෙසා සමඟිකම්කිරීමේ පාප පූජා සඳහාත්,
33
අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මුළු වැඩ සඳහාත් ෂෙකෙලකින් තුනෙන් පංගුවක් අවුරුදු පතා දෙන ලෙස අපට නියෝග පනවාගතිමු.
34
තවද ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලවලට අපේ පියවංශවල ප්‍රකාරයට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන දර පඬුරු ගෙනඊම ගැන පූජකයෝද ලෙවීවරුද සෙනඟද වන අපි පස ඇට දැමුවෙමු.
35
අපේ බිම්වල ප්‍රථම අස්වැන්නද සියලු ආකාර ගස්වල සියලු ඵලවලින් ප්‍රථම ඵලද අවුරුද්දෙන් අවුරුද්ද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගෙනෙන හැටියටත්,
36
ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිව්පාවුන්ගෙන් කුලුඳුලන්ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට එනම් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සේවයකරන පූජකයන් වෙතට ගෙනෙන හැටියටත්,
37
අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවාද අපේ එසවීම් පූජාවල්ද සියලු ආකාර ගස්වල ඵලද මුද්‍රික යුෂ හා තෙල්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවලට පූජකයන් වෙතටද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙතටද ගෙනෙන හැටියටත්,
38
ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවේ ඇතුල් ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට ආරොන්ගේ පුත්‍රයෙක්වූ පූජකයෙක් ඔවුන් සමඟ සිටින හැටියටත් නියමකරගතිමු.
39
මක්නිසාද ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන්නාවූ, සේවයකරන පූජකයන්ද දොරටුපාලයන්ද ගීතිකාකාරයන්ද සිටින්නාවූ ඇතුල් ගෙවලට ඉශ්රායෙල් පුත්‍රයන්ද ලෙවී පුත්‍රයන්ද ධාන්‍යවලිනුත් මුද්‍රික යුෂයෙනුත් තෙල්වලිනුත් එසවීම් පඬුර ගෙනෙන්ට ඕනෑය. තවද අපි අපේ දෙවියන්වහන්සේගේ ගෘහය අත් නොහරින්නෙමු.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13