bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Nehemiah 4
Nehemiah 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 5 →
1
අප විසින් පවුර සාදන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝපවී, අතිශයින් උදහස්ව, යුදෙව්වරුන්ට නින්දාකරමින්,
2
තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කථාකොට: මේ බෙලහීන යුදෙව්වෝ මක්කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩදෙනවා ඇද්ද? ඔවුන් පූජාකරනවා ඇද්ද? දවසකින් තීන්දුකරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවාගන්නවා ඇද්දැයි කීවේය.
3
ඔහු ළඟ සිටි අම්මොනිය ටෝබියාද කථාකොට: ඔවුන් ගොඩනඟන ඒවාත් මොනවාද? හිවෙලක් නැගුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩාදමනවා ඇතැයි කීවේය.
4
අපේ දෙවියන්වහන්ස, ඇසුව මැනව; මක්නිසාද අපි සුළුකරනු ලබමුව. ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ ඉස පිටට හරවා, වාල්කමේ රටක ඔවුන් කොල්ලකෑමට පාවාදුනමැනව.
5
ඔවුන්ගේ අපරාධය නොවැසුවමැනව, ඔවුන්ගේ පාපයද ඔබ ඉදිරියෙන් නොමැකේවා. මක්නිසාද ගොඩනඟන්නන් ඉදිරිපිටදී ඔව්හු ඔබ උදහස්කළෝය.
6
නුමුත් අපි පවුර ගොඩනැගීමුව; මෙසේ භාගයක් උසට මුළු පවුර සාදනලද්දේය. එසේය, වැඩකරන්ට සෙනඟට හිත තිබුණේය.
7
තවද යෙරුසලමේ පවුරු හරිගැස්සීම ඉෂ්ටවෙන බවත් එහි බිඳුම් අහුරාගනයන බවත් සන්බලාට්ද ටෝබියාද අරාබිවරුද අම්මොන්වරුද අෂ්දොද්වරුද අසා ඉතා කෝපවූහ;
8
ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධකර එහි වියවුලක් හටගන්වන්ට එක්ව කුමන්ත්රණයකළෝය.
9
නුමුත් අපි, අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට ඔවුන් නිසා රෑ දාවල් ඔවුන්ට විරුද්ධව මුරතැබීමුව.
10
යූදාවරු කථාකොට: බර ගෙනයන්නන්ගේ ශක්තිය හීනවී තිබේ, පස් ගොඩගැසී තිබේ; එබැවින් අපට පවුර ගොඩනඟන්ට බැරියයි කීවෝය.
11
අපේ එදිරිකාරයෝකථාකොට: අප ඔවුන් මැදට පැමිණ ඔවුන් මරා දමා, වැඩේ නවත්වන තුරු, ඔවුන්ට දැනෙන්නේවත් පෙනෙන්නේවත් නැතැයි කීවෝය.
12
තවද ඔවුන් ළඟ විසූ යුදෙව්වරු සියලු ස්ථානවලින් ඇවිත් දස වරක් අපට කථාකොට: ඔබ සැම අප ළඟට හැරී එන්ට ඕනෑයයි කීවෝය.
13
ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත්වූ එළිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙවුවෙමි.
14
මම බලා, නැගිට, උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: ඔවුන් ගැන භය නොවෙන්න. මහත්ව භයංකරව සිටින ස්වාමීන්වහන්සේ සිහිකරමින් ඔබ සැමගේ සහෝදරයන්ද පුත්රයන්ද දූවරුන්ද භාර්යාවන්ද ගෙවල්ද උදෙසා සටන්කරන්නැයි කීවෙමි.
15
තවද අප ඒක දැනගත් බවද දෙවියන්වහන්සේ ඔවුන්ගේ මන්ත්රණය නිෂ්ඵල කළ බවද අපේ සතුරන්ට ආරංචිවූ කල, අපි සියල්ලෝම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට හැරීගියෙමු.
16
එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩේ යෙදී සිටියෝය, කොටසක් හෙල්ලද පලිස්ද දුනුද යුද්ධ සැට්ටද රැගෙන සිටියෝය; අධිපතියෝද මුළු යූදා වංශයට පස්සෙන් සිටියෝය.
17
පවුර ගොඩනගන්නෝද බර ගෙනයන්නෝද තුමූම බර පටවාගෙන, එක අතකින් වැඩකරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියාහ.
18
ගොඩනගන්නෝද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගන ගොඩනැගුවෝය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියෝය.
19
මම උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: මේ වැඩේ මහත්ය, විශාලය, අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරව සිටිමුව.
20
යම් තැනකින් ඔබ සැමට හොරණෑ ශබ්දය ඇසේද, එහි අප ළඟට රැස්වෙන්න; අපේ දෙවියන්වහන්සේ අප උදෙසා සටන්කරනසේකැයි කීමි.
21
මෙසේ වැඩේ යෙදී සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තරු පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝය.
22
එම කාලයේ මම සෙනඟට තවත් කථාකොට: රාත්රියේ අපට රැකවලක් වන පිණිසත් දහවල් වැඩකරන පිණිසත් එකිනෙකා තම තමාගේ මෙහෙකරුවා සමඟ රාත්රියේ යෙරුසලමෙහි සිටීවයි කීවෙමි.
23
මමවත් මාගේ සහෝදරයෝවත් මාගේ සේවකයෝවත් මා කැටුව ආවාවූ රැකවල්ලුවත් ඇඳුම් නොගැළෙවුවෙමු, එකිනෙකා තම තමාගේ ආයුධ ඇතුවම වතුර ළඟට ගියේය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13