bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Nehemiah 12
Nehemiah 12
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 13 →
1
ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යේෂුවාද සමඟ ආවාවූ පූජකයොත් ලෙවීවරුත් මොව්හුය: සෙරායා, යෙරෙමියා, එස්රා;
2
අමරියා, මල්ලූක්, හට්ටුෂ්;
3
ෂෙකනියා, රෙහූම්, මෙරේමොත්;
4
ඉද්දෝ, ගින්නෙතොයි, අබියා;
5
මියාමීන්, මයදියා, බිල්ගා;
6
ෂෙමායා, යෝයාරීබ්, යෙදායා;
7
සල්ලු, ආමොක්, හිල්කියා සහ යෙදායාය. මොව්හු යේෂුවාගේ දවස්වලදී පූජකයන්ගෙන්ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන්ද ප්‍රධානියෝව සිටියෝය.
8
තවද ලෙවීවරු නම්: යේෂුවා, මින්නුයි, කද්මීයෙල්, ෂේරෙබියා, යූදා සහ මත්තනියාය, ඔහුත් ඔහුගේ සහෝදරයොත් ස්තුති ගායනා කණ්ඩායම් කෙරෙහි පත්ව සිටියෝය.
9
තවද ඔවුන්ගේ සහෝදරයෝ වන බක්බුකියාද උන්නෝද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝය.
10
යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,
11
යෝයාදාට දාව යොනාතාන් උපන්නේය, යොනාතාන්ට දාව යද්දුවා උපන්නේය.
12
යෝයාකීම්ගේ දවස්වල පියපෙළපත්වල ප්‍රධානියෝවූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායාය; යෙරෙමියාගෙන් හනනියාය;
13
එස්රාගෙන් මෙෂුල්ලාම්ය; අමරියාගෙන් යෙහෝහානාන්ය;
14
මල්ලුකීගෙන් යොනාතාන්ය; ෂෙබනියාගෙන් යෝසෙප්ය;
15
හාරීම්ගෙන් අද්නාය; මෙරායොත්ගෙන් හෙල්කයිය;
16
ඉද්දෝගෙන් ශෙකරියාය; ගින්නෙතොන්ගෙන් මෙෂුල්ලාම්ය;
17
අබියාගෙන් සික්රීය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයිය;
18
බිල්ගාගෙන් ෂම්මුවාය; සෙමායාගෙන් යෙහෝනාතාන්ය;
19
යෝයාරීබ්ගෙන් මත්තෙනයිය;
20
යෙදායාගෙන් උස්සීය; සල්ලයිගෙන් කල්ලයිය; ආමොක්ගෙන් ඒබෙර්ය;
21
හිල්කියාගෙන් හෂබියාය; යෙදායාගෙන් නෙතෙනේල්ය.
22
එලියාෂිබ්ගේද යෝයාදාගේද යෝහානාන්ගේද යද්දුවාගේද දවස්වල ලෙවීවරුන්ගේ පියපෙළපත්වල ප්‍රධානියෝ ලියවුණෝය. පූජකයොත් පාර්සියාවේ දාරියුෂ්ගේ රජකම්කිරීම දක්වා එසේ වූය.
23
පියපෙළපත්වල ප්‍රධානියෝවූ ලෙවීගේ පුත්‍රයෝ එලියාෂීබ්ගේ පුත්‍රවූ යොහානාන්ගේ දවස් දක්වාම ලේකම් පොතෙහි ලියවුණෝය.
24
ලෙවීවරුන්ගේ ප්‍රධානියන්වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මීයෙල්ගේ පුත්‍රවූ යේෂුවාද තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇතුව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝය.
25
මත්තනියාද බක්බුකියාද ඔබදියාද මෙෂුල්ලාම්ද ටල්මොන්ද අක්කූබ්ද දොරටු ගබඩාවල දොරටුපාලයෝව සිට රැකවල්කළෝය.
26
මොව්හු යොශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයා වන යෝයාකීම්ගේ දවස්වලද දිශාධිපතියාවූ නෙහෙමියාගෙත් ලියන්නාවූ පූජක එස්රාගෙත් දවස්වලද සිටියෝය.
27
යෙරුසලමේ පවුරු කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය.
28
එවිට ගීතිකාකාරයන්ගේ පුත්‍රයෝ යෙරුසලම වටකර සමතලා ප්‍රදේශයෙනුත් නෙටොපාතිවරුන්ගේ ගම්වලිනුත්
29
බෙත්-ගිල්ගාලෙනුත් හෙබාහිද අස්මාවෙත්හිද කෙත්වලිනුත් රැස්වූවෝය. මක්නිසාද ගීතිකාකාරයෝ යෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝය.
30
පූජකයොත් ලෙවීවරුත් පවිත්‍රවී සෙනඟද දොරටුද පවුරද පවිත්‍රකළෝය.
31
එවිට මම යූදාහි අධිපතීන් පවුර පිටට නගින්ට සලස්වා, ස්තුතිකිරීමටත් පෙරහරින් යාමටත් මගත් කණ්ඩායම් දෙකක් නියමෙ කෙළෙමි; එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේය.
32
ඔවුන් පස්සේ හෝෂායාද යූදාහි අධිපතීන්ගෙන් භාගයක්ද,
33
අසරියාද එස්රාද මෙෂුල්ලාම්ද,
34
යූදා සහ බෙන්යමින්ද සෙමායාද යෙරෙමියාද,
35
නළා ඇතිව පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම් ආසාප්ගේ පුත්‍රවූ සක්කූර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත්‍රවූ යෝනාතාන්ගේ පුත්‍රයා වන සෙකරියා සහ,
36
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව ඔහුගේ සහෝදරයෝ වන ෂෙමායාද අසරේල්ද මිලලයිද ගිලලයිද මායයිද නෙතෙන්ල්ද යූදාද හනානීද ඔවුන්ට පෙරටුවෙන් සිටි ලියන්නාවූ එස්රාද ගියෝය.
37
ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමුන් ඉදිරිපිටද තිබුණු දාවිත්ගේ ගෙට ඉහළින් පවුරට නැගුමෙහි දාවිත්ගේ නිවර පඩිවලින් නැගී, නැගෙනහිරට තිබෙන වතුරදොරටුව ළඟට ගියෝය.
38
අනික් අතට ස්තුතිකරන දෙවෙනි කණ්ඩායමද ඔවුන් පස්සේ මමද සෙනඟගෙන් භාගයක්ද, පවුර පිට උදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්,
39
එප්‍රායිම් දොරටුවට උඩිනුත් පුරාණ දොරටුවළඟිනුත් මත්ස්‍ය-දොරටුවද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු-දොරටුව දක්වා ගොස්, හිරගෙයි දොරටුව ළඟ නැවතුණෝය.
40
මෙසේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ස්තුති දෙන කණ්ඩායම් දෙකද මමද මා සමඟ මුලාදෑනීන්ගෙන් භාගයක්ද, නළා ඇතුව එලියාකීම්,
41
මයසේයා, මිනියාමින්, මීකායා, එලියෝයේනයි, ශෙකරියා, හනනියා යන පූජකයෝද;
42
මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උස්සී, යෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒසෙර් යන මොව්හුද සිටියෝය. ගීතිකාකාරයෝ වනාහි යෙශ්‍රාහිය, තමුන්ගේ ප්‍රධානියා කොට ඇතුව ශබ්දනගා ගායනාකළෝය.
43
එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රීහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.
44
ඒ දවසේ පූජකයන්ටත් ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියමවූ කොටස් නුවරවල කෙත්වල හැටියට ගබඩා ගෙවල්වල රැස්කර තබන පිණිස ඒවා කෙරෙහි එසවීම් පූජාද ප්‍රථම ඵලද ඔතුද සම්බන්ධව මනුෂ්‍යයෝ පත්වුණෝය. මක්නිසාද සේවයකරමින් සිටි පූජකයන්ද ලෙවීවරුන්ද ගැන යූදාවරු සන්තෝෂවූවෝය.
45
ඔව්හුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද දාවිත්ගේ සහ ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ආඥාව ලෙස තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියම මුරයත් පවිත්‍රවීම පිළිබඳ නියම මුරයත් පැවැත්තුවෝය.
46
මක්නිසාද ඉස්සර දාවිත්ගේද ආසාප්ගේද දවස්වල ප්‍රධාන ගීතිකාකාරයෝ සිටියෝය, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසා ගීතිකාද පැවතුණේය.
47
සියලුම ඉශ්‍රායෙල්වරුද යෙරුබ්බාබෙල්ගේ දවස්වලත් නෙහෙමියාගේ දවස්වලත් දවසින් දවස ගීතිකාකාරයන්ගෙත් දොටුපාලයන්ගෙත් කොටස් සහ ලෙවීවරුන්ට කැපකළ යුතුවූ දේවලුත් දුන්නෝය; ලෙවීවරුද ආරොන්ගේ පුත්‍රයන්ට කැපකළ යුතුවූ දේවල් දුන්නෝය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13