bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Nehemiah 6
Nehemiah 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
1
කිසි කැඩුමක් ඉතුරු නොවන ලෙස මා විසින් පවුර ගොඩනගන ලද බව සන්බලාට්ටද ටෝබියාටද අරාබිය ගෙෂෙම්ටද අපේ අනික් සතුරන්ටද සැලවුණේය. එහෙත් ඒ කාලය වෙනතුරුම මා විසින් දොරටුවල දොරවල් තබා නොතිබුණේය.
2
එවිට සන්බලාට්ද ගෙෂෙම්ද: එන්න, අපි ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක සම්මුඛවෙමුයයි මට කියා එවුවෝය. නුමුත් ඔව්හු මට අනතුරු කරන්ට සිතුවෝය.
3
මම ඔවුන් ළඟට පණිවිඩකාරයන් යවමින්: මම මහත් වැඩක යෙදී සිටිමි, ඒ නිසා එන්ට බැරිය. මා විසින් වැඩ අත්හැරදමා ඔබ සැම වෙතට එන පිණිස වැඩය නවතින්නේ කුමටදැයි කියෙවුවෙමි.
4
ඔව්හු මේ ප්රකාරයට සතර වරක් මට කියා එවුවෝය; මම වනාහි ඒ ප්රකාරයට ඔවුන්ට උත්තර ඇරියෙමි.
5
එවිට සන්බලාට් තෙම එපරිද්දෙන්ම තමාගේ සේවකයා අත නොපියෙවු ලියුමක් පස්වෙනි වරට මා ළඟට එවුවේය.
6
එහි මෙසේ ලියා තිබුණේය: ඔබත් යුදෙව්වරුත් කැරළිගසන්ට සිතන බවත්, ඒ නිසා ඔබ පවුර ගොඩනගන බවත්, මෙයාකාරයෙන් ඔබ ඔවුන්ගේ රජවෙන්ට සිටින බවත්-
7
යූදාහි රජෙක් සිටීයයි ඔබ ගැන යෙරුසලමෙහි ප්රකාශකරන්ට ඔබ ප්රොපේතවරුන් නියමකළ බවත් මේ ජාතීන් අතරෙහි සැලවී තිබේ, ගෂ්මු තෙමේද එසේ කියයි. ඉතින් මේ වචනවල හැටියට රජ්ජුරුවන්ට දන්වනු ලබනවා ඇත. ඒ නිසා එන්න, අපි එක්ව මන්ත්රණයකරගනිමු යනුයි.
8
එවිට මම පණිවිඩයක් යවා: ඔබ කියන ඔය කාරණාවල හැටියට සිද්ධවෙලා නැත, ඔබම ඒවා ඔබේ සිතින් උපදවාගත්තෙහියයි කීමි.
9
මක්නිසාද: ඒ වැඩ ඉෂ්ට නොවෙන හැටියට ඔවුන්ගේ අත් එයින් නවතීයයි සිතා, ඔවුන් සියල්ලෝම අප භයගන්වන්ට උත්සාහ කළෝය. එහෙත් දෙවියන්වහන්ස, දැන් මාගේ අත් සවිකළමැනව.
10
ඉක්බිති මම මෙහේටෙබල්ගේ පුත්රවූ දෙලායාගේ පුත්රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි, ඔහු දොර වසාගන සිටියේය; එවිට ඔහු: අපි එක්ව දෙවියන්වහන්සේගේ ගෘහයේ මන්දිරය ඇතුළට ගොස් මන්දිරයේ දොරවල් පියාගන සිටිමු. මක්නිසාද ඔවුන් ඔබ මරන්ට එනවා ඇත; ඔබ මරන්ට රාත්රියේ එනවායයි කීවේය.
11
මමද: මා වැනි කෙනෙකුට පලායන්ට හරිද? මා වැනි කවරෙක් ජීවිතය ගළවාගන්න පිණිස දේවමාලිගාවට ඇතුල්වේද? මම ඇතුල්නොවන්නෙමියි කීවෙමි.
12
පසුව මම විභාගකර, දෙවියන්වහන්සේ ඔහු එවුවා නොව, ටෝබියාද සන්බලාට්ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගතවචනය කී බව දැනගතිමි.
13
ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භයවී එසේ කර පව්කරන පිණිසත්, එයින් මට නින්දාකිරීමට නපුරු ප්රවෘත්තියක් පතළකරන්ට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය.
14
මාගේ දෙවියන්වහන්ස, ටෝබියාද සන්බලාට්ද කළ මේ ක්රියාවල හැටියට, ඔවුන් සහ ප්රොපේතවරිය වූ නෝවදියාද මා භයගන්වන්ට උත්සාහකළ අනික් ප්රොපේතවරුන්ද සිහිකළ මැනව.
15
පවුර වනාහි පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස්වෙනිදා තීන්දු විය.
16
අපේ සියලු සතුරන් ඒ බව ඇසූ කල අප අවට සිටි සියලු ජාතීහු භයවූහ, ඔවුන්ගේ ධෛර්යයද බොහෝ අඩුවුණේය. මක්නිසාද මේ වැඩ ඉෂ්ටවුණේ අපේ දෙවියන්වහන්සේ කරණකොටගෙන බව ඔවුන්ට පෙනුණේය.
17
තවද ඒ දවස්වලදී යූදාහි උත්තමයෝ ලියුම් බොහොමයක් ටෝබියාට ඇරියෝය, ටෝබියාගෙන්ද ඔවුන්ට ලියුම් ලැබුණේය.
18
මක්නිසාද ඔහු ආරාගේ පුත්රවූ ෂෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත්රවූ යෙහෝහානාන් බෙරෙකියාගේ පුත්රවූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යූදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැදී සිටියෝය.
19
තවද ඔහුගේ හොඳ ක්රියා ගැන ඔව්හු මා ඉදිරියේදී කීවෝය, මාගේ වචනද ඔහුට දැන්නුවෝය. ටෝබියාද මා භයගන්වන්ට ලියුම් එවීය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13