bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Samuel 19
2 Samuel 19
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 20 →
1
රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා ජෝවාබ්ට දන්වන ලද්දේ ය.
2
රජ සිය පුත්‍රයා ගැන ශෝක වන්නේ යයි එදින ම මුළු ජනයාට සැළ වුණ බැවින් ඒ දවසේ ඇති වූ ජය ගීය විලාප ගීයකට හැරිණි.
3
මන්ද, යුද්ධයේ දී පලා යන සෙනඟක් ලජ්ජා සහගත ව රහසින් එන සේ ඒ දවසේ දී සෙනඟ රහසින් නගරයට ඇතුළු වුණෝ ය.
4
රජ තමාගේ මුහුණ වසාගෙන, “අනේ! මාගේ පුත් අබ්සලොම්, අනේ! අබ්සලොම් මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය!” කියා මහා හඬින් හැඬී ය.
5
ජෝවාබ් රජු වෙත ගෙට ඇතුල් වී කතා කොට, “අද දවසේ දී ඔබේ ජීවිතයත්, ඔබේ පුත්‍රයන්ගේ හා දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ ජීවිතත්, ඔබේ උපභාර්යාවන්ගේ ජීවිතත්, ගැළෙව් ඔබේ සියලු සේවකයන් අද ඔබ ලජ්ජාවට පැමිණෙවුවෙහි ය.
6
එසේ වූයේ, ඔබට වෛර කරන්නන්ට ඔබ ප්‍රේම කරන නිසාත්, ඔබට ප්‍රේම කරන්නන්ට ඔබ වෛර කරන නිසාත් ය. අධිපතීන්ගෙන් වත්, සේවකයන්ගෙන් වත් ඔබට කමක් නැති බව අද ඔබ පෙන්නුවෙහි ය. අබ්සලොම් ඉතිරි ව අපි සියල්ලෝ ම මැරුණෙමු නම්, ඔබ ඉතා ප්‍රසන්න වන බව අද මට පැහැදිලි විය.
7
එබැවින් දැන් නැඟිට, පිටතට ගොස් ඔබේ සේවකයන්ට කරුණාවෙන් කතා කළ මැනව. ඔබ පිටතට නොගියොත්, ඔබ සමඟ කිසිවෙකු නොසිටින බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. එසේ වූවොත්, ඔබේ බාල වයසේ පටන් අද දක්වා ඔබට සිදු වූ සියලු අන්තරාවලට වඩා එය ඔබට දරුණු වනු ඇතැ”යි කී ය.
8
එවිට රජ නැඟිට දොරටුව ළඟ හිඳ ගත්තේ ය. “රජ දොරටුව ළඟ හිඳගෙන සිටින්නේ ය”යි මුළු සෙනඟට දන්වන ලද්දේ ය. මුළු සෙනඟ ද රජු ඉදිරියට පැමිණියෝ ය. ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට පලා ගොස් සිටියෝ ය.
9
සියලු ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ විවාද කරමින්, “රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා, පිලිස්තිවරුන්ගේ අතින් ද අප ගළවාගත්හ. එහෙත්, දැන් ඔහු අබ්සලොම් නිසා රටින් පලා ගොස් ඇත.
10
අප විසින් අප කෙරෙහි අභිෂේක කරන ලද අබ්සලොම් දැන් යුද්ධයේ දී මැරුණේ ය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ හැම කිසිවක් නොකියා සිටින්නේ මන්දැ”යි ඇසූ හ.
11
එවිට දාවිත් රජ පූජක වන ශාදොක්ටත්, අබියාතර්ටත් මෙසේ කියා යැවී ය. “ඔබ ජුදාහි ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ කියමින් සිටි දේ රජ්ජුරුවන්ට සැළ විය. එබැවින් රජ්ජුරුවන් සිය නිවෙසට ගෙන්වන පිණිස ඔබ අන්තිමයන් වන්නේ මන්දැ”යි අසන්න.
12
‘ඔබ හැම මාගේ සහෝදරයෝ ය; මාගේ ලේ නෑයෝ ය; එබැවින් රජ්ජුරුවන් නැවත ගෙන්වා ගන්නට ඔබ අන්තිමයන් වන්නේ මන්දැ’යි අසන්න.
13
තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නොවේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නොකළොත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.
14
මෙසේ දාවිත් සියලු ජුදා මිනිසුන්ගේ සිත් එක් කෙනෙකුගේ සිත මෙන් දිනාගත්තේ ය. සෙනඟ කතා කරමින්, “ඔබේ සියලු සේවකයන් සමඟ හැරී අව මැනව”යි කියා යැව්වෝ ය.
15
එවිට රජ හැරී ජොර්දාන් ළඟට පැමිණියේ ය. ජුදා වාසීන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු කැඳවාගෙන එන පිණිස රජුගේ පෙරමඟට යන්නට ගිල්ගාල් නගරයට පැමිණියෝ ය.
16
එකල බහුරීම් වැසියෙකු වූ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ෂිමෙයි කඩිනමින් ජුදා මිනිසුන් සමඟ දාවිත් රජුගේ පෙරමඟට බැස ආවේ ය.
17
ඔහු සමඟ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිස්සු දහසක් ද සාවුල්ගේ වංශයේ සේවකයෙකු වූ ශීබා ද ඔහුගේ පුත්‍රයෝ පසළොස්දෙනා ද ඔහුගේ වැඩකාරයෝ විසිදෙනා ද සිටියෝ ය. ඔව්හු රජු බලා සිටිය දී ජොර්දාන් මැදින් ගියෝ ය.
18
රජු ද ඔහුගේ ගෙයිවැසි සියල්ලන් ද මෙගොඩට ගෙනෙන පිණිසත්, රජුගේ කැමැත්තක් කරන පිණිසත්, පාරුවක් ගඟින් එගොඩට ගියේ ය. ගේරාගේ පුත් ෂිමෙයි ජොර්දාන් ගඟෙන් එගොඩ වූ කල,
19
රජු ඉදිරියෙහි වැටී, කතා කොට, “රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නොකළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නොසැලකුව මැනව; එය සිතට නොගත මැනව.
20
මන්ද, ඔබේ දාසයා වන මා පව් කළ බව මම දනිමි. එබැවින් ජෝසෙප්ගේ මුළු වංශය අතරෙන්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ පෙරමඟට බැස එන්නට මම පළමු කොට ආවෙමි”යි කී ය.
21
එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි පිළිතුරු දෙමින්, “ෂිමෙයි සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනු ලැබිය යුතු නොවේ දැ”යි ඇසී ය.
22
දාවිත් පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ හැම අද මට එදිරි වීමට ඔබත් මාත් අතර තිබෙන සම්බන්ධකම කුමක් ද? අද ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත් කිරීම යුතු ද? අද මා ඉශ්රායෙල් කෙරෙහි රජු ව සිටින බව මම නොදනිම් දැ”යි කී ය.
23
තවද, “ඔබ නොනසින්නෙහි ය”යි රජ ෂිමෙයිට කියා දිවුළේ ය.
24
සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත.
25
තවද, ඔහු රජු සම්බ වන්නට ජෙරුසලමට ආ කල රජ කතා කොට, “මෙපිබොෂෙත් ඔබ මා සමඟ නොගියේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.
26
එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ වැඩකාරයා මා රැවටුවේ ය. මන්ද, ඔබ මෙහෙකරුවා කොර බැවින්, ‘කොටළුවෙකු සූදානම් කරගෙන ඌ පිට නැඟී, රජ්ජුරුවන් සමඟ යමි’යි ඔබේ මෙහෙකරුවා වන මම කීවෙමි.
27
මාගේ වැඩකාරයා මාගේ ස්වාමීන් වන රජුට ඔබේ මෙහෙකරුවා වන මා ගැන කේලාම් කී ය. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමා දෙවියන් වහන්සේගේ දූතයෙකු වැනි ය. ඔබට යහපත යයි පෙනෙන දේ කළ මැනව.
28
මන්ද, මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමීන් වන රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූ හ. එසේ වී නමුත්, ඔබේ ම කෑම මේසයෙන් එකට කෑම කන අය අතරෙහි ඔබ, ඔබේ මෙහෙකරුවා වන මට තැනක් දුන්නේ ය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්නට මට අයිතියක් ඇද්දැ”යි කී ය.
29
රජ පිළිතුරු දෙමින්, “ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය.
30
මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය.
31
තවද, ගිලියද් වැසියෙකු වූ බර්ශිල්ලයි, රොගේලීම් සිට අවුත්, ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ ජොර්දානෙන් මෙගොඩට ආයේ ය.
32
බර්ශිල්ලයි අසූ අවුරුද්දක් වයස් වූ මහලු කෙනෙකු ව සිටියේ ය. ඔහු රජු මහනයිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයා දුන්නේ ය. ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙක් ය.
33
රජ ද, “මා සමඟ යන්නට එන්න; ජෙරුසලමෙහි දී මම ඔබට ආහාර පාන සපයා දෙන්නෙමි”යි බර්ශිල්ලයිට කී ය.
34
බර්ශිල්ලයි පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “රජ්ජුරුවන් සමඟ ජෙරුසලමට යන්නට මාගේ ජීවිතයේ තවත් ඉතිරි වී ඇති අවුරුදු ගණන කොපමණ ද?
35
මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?
36
ඔබේ මෙහෙකරුවා වන මම ජොර්දාන් ගඟෙන් එගොඩ ටික දුරක් යන්නෙමි. රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ කුමට ද?
37
මාගේ ම නගරයේ මාගේ පියාණන්ගේත් මාගේ මෑණියන්ගේත් සොහොන් පොළ ළඟ මැරෙන පිණිස ඔබේ මෙහෙකරුවාට හැරී යන්නට අවසර ලැබේවා. එහෙත්, ඔබේ මෙහෙකරුවා වන කිම්හාම් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ එගොඩ ගියා වේ. ඔබට යහපත යයි පෙනෙන හැටියට ඔහුට කළ මැනව.”
38
රජ පිළිතුරු දෙමින්, “කිම්හාම් මා සමඟ එගොඩ වනු ඇත. ඔබ යහපත් යයි සිතන කවර දෙයක් වුව ද මම ඔහු උදෙසා කරමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් මම ඔබට ඉටු කර දෙන්නෙමි”යි කීවේ ය.
39
මුළු සෙනඟ ජොර්දානෙන් මෙගොඩ පැමිණියෝ ය. රජ ද මෙගොඩට පැමිණියේ ය. රජ තෙමේ බර්ශිල්ලයි සිඹගෙන ඔහුට ආශීර්වාද කෙළේ ය. ඔහු තමාගේ ගෙදරට පෙරළා ගියේ ය.
40
මෙසේ රජ මෙගොඩ වී ගිල්ගාල්ට පැමිණියේ ය. කිම්හාම් ද ඔහු සමඟ ගියේ ය. මුළු ජුදා සෙනඟ ද ඉශ්රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක් ද රජු මෙගොඩට කැඳවාගෙන ආහ.
41
එවිට සියලු ඉශ්රායෙල් සෙනඟ රජු ළඟට පැමිණ රජුට කතා කොට, “අප සහෝදරයන් වන ජුදා සෙනඟ ඔබ රහසින් අඬගසාගෙන, රජු ද ඔහුගේ ගෙයි වැසියන් ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මිනිසුන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට ගෙනාවේ මන්දැ”යි ඇසුවෝ ය.
42
සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය.
43
ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නොවෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24